Sunday, February 25, 2018

අදීපට දීපයක්....

අදීපට දීපයක් දෙන්න ඉදිරිපත් වූ මිනිසත්කම හඳුනන මිනිසුන් නිසාම නුඳුරු දිනක පහන් ගොඩාක් දැල්වේවී අදීපගේ දිවියේ.. ඒ එළියෙන් අදීප ලොව දකිනු ඇතැයි මා සිතමි..

අදීපව දුටු දාම ඒ කටහඬ ඇහුනු පළමුදාම මා දුටු ඒ හීනය හීනයක්ම නොවී සැබෑවක් කරන මිනිසුනි, තවම මේ ලෝකේ මිනිසත්කම රැකීම නම් පුදුමයක් බව නොකියාම බැහැ වගේම අදීපගේ නම වෙනස් විය යුතුද නැතිනම් ඒ නම එහෙම්ම ඔහු ලඟ තිබිය යුතු දැයි තවමත් මට සිතා ගන්න බැහැ..


ප.ලි: මේ ලෝකේ සිදුවෙන හැමදේම විවේචනය කරමින් කාලය කන සම හරක් කවදා වටහා ගනීද කටින් බතල සිටුවා හෙට උදේට කන්න බතල හොයා ගන්න බැරි බව.. ඊට පස්සේ ඉතින් කාගේ හරි මහන්සිය හොරා කන්න නම් මේ සම හරක් ඉතා දක්ෂ බවත් නොකියාම බැහැ

අදීපට එළියක් ලබා දෙන්න ඔහුගේම අය අදිමදි කරනවාදෝ කියාත් මට සිතුනේ දෙඇස් නොපෙනෙන හදවතට කතා කරන කටහඬක් හිමි අදීප ඒ අයට ධන උලපතක් නිසාදෝ... එය එසේ නම්... එය එසේ නොවේවා කියා මා පතමි.

6 comments:

  1. "වීදී කොනේ මාවත අද්දර" කියන ගීතය අදීප තරගයට ගයද්දී ඇතිවුනේ පුදුමාකාර හැඟීමක්. ඔහුගේ නෙත් පෑදීමට මිනිසුන් ඉදිරිපත්වීම ගැන ඇත්තේ අප්‍රමාන සතුටක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මට තියන ප්‍රශ්නේ දුමින්ද, ඒ දෙනෙත් වලට එළිය දෙන්න පුලුවන් කියලා හොයා ගන්න මේ තරම් කල් ගියේ කොහොමද කියන එක.

      මේ වගේ තව විසඳන්න පුලුවන් ඒත් හිතා මතා හෝ නොදැක්කා වගේ විසඳන්නේ නැතුව ඉන්න කොයි තරම් ගැටලු නොවන ගැටලු ඇති ද පෙනි පෙනී...

      Delete
    2. ඒක ඇත්ත. අදීපගේ මවගෙත් ළොකු කැමැත්තක් නැතිදෝ කියලා එදා වැඩසටහන බලද්දි මට හිතුණා.

      Delete
    3. මට ඊටත් කලින් එහෙම හිතුනා දුමින්ද.. ඒත් ඒක එහෙම නම් ඒ අම්මා විතරක් වැරදි නැහැ.

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.