Friday, February 16, 2018

ගුරුවරයා, දරුවා සහ ඉගෙනීම....

මම මගේ පාසැල් කාලයේ දැක්ක මගේ හිත සසල කරපු සිදුවීම් අතරින් ඉහළින්ම තියෙන්නේ ඉගෙන ගන්න දුර්වල ළමයි කාලෙත් එක්ක තව තවත් දුර්වල වීම බොහෝ විට නොදැක්කා වගේ ඉන්න ගුරුවර/ගුරුවරියන්ගේ හැසිරීම්...

ගුරුවරයෙකුගේ වගකීම ඉගෙන ගන්න පුලුවන් දරුවන් විතරක් ඉදිරියට අරන් යන එක ද... එහෙමත් නැත්නම් 1 වසරේ ඉඳල ඉගෙන ගන්න දුර්වල දරුවන්ගේ දුර්වලකම් වලට පිළියම් හොයමින් ඒ දරුවනුත් කාලෙත් එක්ක ඉදිරියට අරන් යන එක ද..

එහෙම නැත්නම් මේ දෙකම ද...ගුරුවරයෙකුගේ කාලය වැඩියෙන් යොමු වෙන්න ඕන උපතින්ම ඉගෙන ගන්න හැකියාව තියන දරුවෙකුට ද උපතින්ම ඉගෙන ගන්න අපහසුතා තියන දරුවෙකුටද ..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.