Saturday, February 24, 2018

ගැටලු විසඳන්න ඕනේම නම්...

ඉවසීමෙන් සැනසීම ලැබේ එහෙමත් නැත්නම් කාලය සෑම ගැටලුවකටම හොඳම පිළිතුරයි කියලා කිව්වට ඉවසීමෙන් කාලයට ඉඩ දිලා බලන් හිටියටම ගැටලුවකට නිවැරදි පිළියම් ලැබිල විසඳෙනවද.. මට නම් හිතෙන්න ඉවසීම සහ කාලය අතරට තව දේවල් එකතු වෙන්න ඕන කියලයි... 

ගැටලුව සහ විසඳුම කියන අන්ත දෙක අතර තියන හිඩස පියවර 3කින් තමයි මම මගේ ජිවිතේ සාමාන්‍යයෙන් පුරවන්නේ..

පළවෙනි පියවරේදි තමයි ගැටලුවක් ඇති බව හඳුන ගන්නේ...සමහර අය නම් ගැටලු මවා ගන්නවනේ හිතේ.. මේ එහෙම පියවරක් නම් නෙමේ.. ගැටලුවක් ඇති බව යථාර්තවාදීව පේන්න ඕන පිළිගන්න පුලුවන් හේතු සහිතව..

දෙවෙනි පියවර වෙනකම් මම කරන්නේ ඒ ගැටලුව දිහා විවිධ පැති වලින් නිහඬව වගේම විවෘත කතා බහ තුලින් කරුණු එකතු කිරීම..

තුන්වෙනි පියවරදි තමයි මම උත්හස කරන්නේ ඒ හොයා ගත් කරුණු ආශ්‍රයෙන් ගැටලුවට පිළියමක් හොයන්න.. මේ තුන්වෙනි පියවර සාර්ථක වෙන්න නම් 1වෙනි 2වෙනි පියවර වල ඉඳලම ඉවසීමයි කාලයයි කියන්නේ නම් නැතුවම බැරි දෙන්නෙක්...

එක් ගැටලුවක අනු ගැටලු ගොඩක් තියෙන්න පුලුවන්, ඒ නිසා ගැටලු වල අනුපිළිවෙලක් හදා ගන්න එකත් හරිම වැදගත්.. සිංහලෙන් අපි කියන්නේ PRIORITIES  කියලා.. එහෙනම් ඉතින් මුලින්ම තියන ගැටලු ටික PRIORITIES   කරගෙන ඉමු විසඳන්න කලින් විසඳන්න ඕනේ නම්...


No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.