Wednesday, February 21, 2018

නෑදෑයෝ අපි නෑදෑයෝ....

මිනිසා විසින් කුමන කාලයකදි හදා ගත් සංකල්පයක් ද කියා අපි හරියටම දන්නේ නැති උනත් අද වෙනකොට පවුල කියන්නේ සමාජයේ තියන කුඩාම ඒකකය.. මේ කුඩාම කුඩා පවුල් ඒකක තුලින් ලොකුම ලොකු වෙනස්කම් සමාජයකට දයාද වෙන්නේ අද ඊයේ ඉඳලා නම් නෙමේ...සරලම පවුල් ඒකකයක් ගත් විට මව, පියා සහ දරුවන් ඉන්න මේ පවුල් ඒකක හරහා දරුවන්ට ඉබේම දයාද වෙන තවත් කොටසක් තමයි නෑදෑයින් කියන්නේ... 

ඉපදෙන කොටම කිසිම අවබෝධයකින් තොරව මව හෝ පියා අදහන ආගම දරුවන්ට නොමිලෙම දයාද වෙනවා වගේ ලැබෙන මේ නෑදෑ පරපුරත් මේ සමාජයේම කොටසක්... වෙනසකට තියෙන්නේ දරුවන්ට ඉඩක් නැහැ සමාජයේ ඉන්න අනිත් අයව තෝරා බේරා ගෙන අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයට ලං කර ගත්තට (ඈත් කර ගත්තට)    නෑදැයින්ව එහෙම බුද්ධිය මෙහෙයවල තෝර ගන්න... එහෙම අවස්ථාවක් මේ පවුල් ඒකකය තුල ලැබෙන්නේ නැහැ.. මව් පාර්ශවයේ සහ පිය පාර්ශවයේ ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න වෙනවා අකමැත්තෙන් උනත්.. 

අර කතාවටත් කියනවනේ නිකන් ලැබෙන අශ්වයාගේ දත් ගණන් කරන්න එපා කියලා.. ඒ නිසා මේ නිකන් ලැබෙන නෑදෑ පරපුර එක්ක ගත කරන ඔබේ කාලය  යොදා ගන්න සමාජයක සාමාන්‍ය හරස්කඩක ඉන්න මිනිසුන්ව වටහා ගන්න.. මිනිසුන් එක්ක වැඩ කරන හැටි යම් පමණකට ඉගෙන ගන්න.. මොකද ඔබ පවුල කියන ඒකකය තුල ඉන්න නිසා වඩාත් ආරක්ෂාකාරීව සමාජය  ගැන යම්  වැටහීමක් ලබාගෙන වැඩිහිටියෙක්  විදිහට පවුලෙන් මිදිලා සමාජගත වීමට හැකියාවක් එතුලින්  ලැබෙන බැවින්..


2 comments:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.