Thursday, February 22, 2018

මල් වැනි දරුවන් ඔබේ ද මගේ ද අපේ ද....

පුංචි දරුවන්ව පුලුවන් හැකි වෙලේම අගය කරන්න.. අඩු පාඩු දැක්ක ගමන් ඒවට කෑ ගහන්නේ නැතුව හෙමින් එයාලගේ මනසට එක පාර ලොකු පීඩනයක් නොඑන විදිහට පැහැදිලි කරන්න.. ගහන්නේ බනින්නේ නැතුව හරිම නිර්මාණශීලි විදිහට පුලුවන් දරුවෙක්ගේ මනසට කතා කරන්න යහමඟට ගන්න.. ගහලා බැනලා විතරයි දරුවෝ හදන්න පුලුවන් කියලා හිතන අය මෙතනින් එහාට මේ ලිපිය කියවන්න ඕන නැහැ..

මෙහෙම කරන්න ඕන ඔබේ දරුවට එහෙමත් නැත්නම් ඔබේ පවුලේ දරුවන්ට විතරක් නෙමේ...ඔබේ සිත් ගත් ප්‍රියතම දරුවන්ට විතරක්ම නොවේ..

ඔබට ඕනම සමාජයක හමුවන ඕනම විදිහේ දරුවෙකු ගැන මේ වගේ මානුශීයව බලන්න පුලුවන් නම් ඇද කුද, අපහාස උපහාස කරන්න නොහිතාම ඇරෙන කටවල් අගය කරන්න ඇර ගන්න පුලුවන් නම් අනාගතයේ මේ තියනවට වඩා හැමෝටම සතුටින් ඉන්න පුලුවන් සාමකාමී සමාජයක් බිහි කර ගන්න පුලුවන් වෙයි..

අගය කරන්න වචන පිට කරන්න අමාරු අය නිහඬව ඉන්නවා ඒකත් ලොකු දෙයක්...
තම තමන්ගේ මානසික පීඩනයට නිවැරදි ප්‍රතිකාර ගනිමින්

දැන් කවුද මේ දේ කරන්න ඕන... මට හිතෙන්නේ මුලින්ම මේ පියවරට අත තියන්න ඕන සමාජයක ඉන්න වැඩිහිටියන්.. මොකද කකුළුවෝ ඇදේට යන ගමන් පැටවුන්ට කියලා වැඩක් නෑ කෙලින් යන්න කියලා..




No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.