Saturday, February 10, 2018

දේශය + පාලනය = දේශපාලනය (ද)....

මොකද්ද මේ දේශපාලනය කියන්නේ

දේශය + පාලනය = දේශපාලනය (ද)
මොකද්ද මේ දේශය
මොකද්ද මේ පාලනය

දේශය කියන්නේ අපි මේ ඉන්න ලෝකය (ද )

එතකොට කාවද පාලනය කරන්න තියෙන්නේ මේ ලෝකේ සත්තුද, ගහ කොළද, ගංඟා  ඇළ දොළද එහෙමත් නැත්නම් කඳු වැටිද 

නැහැ සහෝදරවරුනි, පාලනය කරන්න ඉන්න එකම සහ පාලනය නොකොලොත් මේ ලෝකය විනාස කරන එකම සතා මිනිසා..

එතකොට මොනවද මේ විනාසකාරි මිනිස් සතා පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ.. තුවක්කු ද පන්සල් පල්ලි කෝවිල් ද එහෙමත් නැත්නම් කෑම බීමද.. එහෙමත් නැත්නම් වචන ද...

ඉතිරි ටික කියවන්න කලින් මෙන්න මේ සින්දුවත් අහල ඉන්නකො සහෝදරයා..


ඔබ හිතන්නේ මේ මිනිසා කියන සත්වයාට කොහොමද දෙයක් පැහැදිලි කරලා දෙන්නේ.. මොකද්ද සුදුසුම විදිහ..  සුදුසුම විදිහක් කිව්වාම මේ ලොකේ ඉන්නවා එක එක විදිහේ මිනිස්සු, එක එක භාෂාවල් කතා කරන, එක එක පාට විවිධ සංස්කෘතීන් වලට අයත් මිනිස්සු...මේ ඔක්කෝටම එක පොදු දෙයක් පැහැදිලි කරලා දෙන්න සුදුසුම විදිහ මොකක් කියලද ඔබ හිතන්නේ... 

ඊටත් කලින් හිතන්න වෙනවා මොකටද පැහැදිලි කරලා දෙන්නේ.. අපි මේ කතා කලේ කොහොමද මිනිසා කියන සතා පාලනය කරන්නේ කියලනේ දේශයක ජීවත් වෙන... ඉතින් මිනිසා කියන සතාට හිතන්න පුලුවන් නිසා (මිනිසා කියන නම හැදුනේ කොහොමද කියල හොයලා බලන්නකො) කෙනෙක් කිව්ව නිසාම මිනිසා ඒ දේ පිළිඅරගෙන පාලනයකට යටත් වෙන්නේ නැහැ... තනි තනි මිනිසා තමන්ට දැනෙන විදිහට  හිතනවා තමන්ට ඇහෙන දේවල් එක එක විදිහට... මොකද මේ මිනිසා වැඩ කරන්නේ හැඟිම් එක්ක.. දැනෙන හැඟිම් වලට තමයි මොළේ මෙහෙයවලා පිටට පේන හැසිරීම් එළියට එන්නේ... ඒක මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. වෙන දේවල් එක්ක හොඳින්ම පේනවනේ.. එහෙම  හිතලා තම තමන්ට අඳාල නිර්වචනයක් හදා ගන්නවා තමන් තමයි හරිම කියලා හිතලා, ඉතින් එහෙම වෙනස් වෙනස් නිර්වචන හදා ගන්න මිනිස්සුන්ව කොහොමද එක පොදු දෙයකදි පාලනය කරන්නේ... 

අන්න එතනදි තමයි පැහැදිලි කිරීම් එළියට එන්නේ සහෝදරවරුනි.. හැඟිම් පැත්තකින් තියල මිනිසාට උපතින් නොමිලේ ලැබිලා තියන මොළෙන් වැඩක් ගන්න...  එතකොට මේ ලෝකේ ඉන්න මිනිසා කියන එකම සත්ව කොට්ඨාශයට අයත් විවිධ භාශා කතා කරන, විවිධ සංස්කෘතීන් වලින් ගොඩ නැඟුනු, විවිධ  අදහස් තියන දැනෙන දේ අනූව හැඟිම් වලින් වැඩ කරන (මොළෙන් නැතුව)  මිනිස්සුන්ට කොහොමද පොදුවේ පැහැදිලි කරලා දෙන්නේ... අපිට නෑනේ පොදු  ක්‍රමයක්.. පොදු භාශාවක්.. එක එක මිනිසාගේ හිතේ මතුවෙන විවිධ සිතුවිලි, විවිධ අවශ්‍යතා හැමෝටම වැටහෙන විදිහකට  කතා කරන්න..

දැන් සහෝදරවරුනි,  ඔක්කොම පැත්තකින් තියලා අපි මේ ලොකේ තියන හැම භාශාවක්ම ඉගෙන ගන්න ඕන ද.. නැත්නම් මේ එක එක විදිහේ භාශා හදපු අය හොයාගෙන අහමුද  කාගෙන් අවසර අරගෙන ද එක එක විදිහේ භාශාවල් එකම මිනිස් වර්ගයාට  හැදුවේ කියලා... එහෙම නැත්නම් මේ දේශයක ඉන්න ඔක්කොම මිනිස්සුන්ට වැටහෙන භාශාවක් හදමු ද  පාලනයක් ගැන හිතන්න කලින්.. මොකක්ද මේ මිනිසා කියන සතාට වැටහෙන පොදු භාශාව ඔබ හිතන විදිහට සහෝදරවරුනි...

මිනිසුන් දෙදෙනෙක් පාට දෙකකින් කතා කරද්දි, අවකාශයේදි ඒ පාට දෙක මිශ්‍ර වී අතරමැදි පාටක් බවට හැරීම.


ප.ලි. : දේශයක් පාලනය කරන්න නම් එහි  භෞතික පිහිටීම ගැනත් එහි වෙසෙන මිනිස් පිහිටීම් ගැන නිවැරදි අවබෝධයේ වැදගත්කම කතා කරන්නත් මේ පොදු භාෂාව හොයා ගන්නම වෙනවා  (ද)

උඩින් තියන පින්තූරය ත්‍රිමානව හිතලා බලන්න, විවිධ පාට වලින් කතා කරන මිනිස්සුන්ගේ අදහස් එකතු උනාම කිසිම පාටක් පැහැදිලිව පෙන්නේ නැති වෙයි නේද ... අන්තිමේ කලුම කලු පාට, කොහොමද මේ ඔක්කොම පාට එකතු උනාම කලු පාට නොවී පැහැදිලි පාටක් හදා ගන්නේ.. ප්‍රිස්මයක් කොහෙන්ද හොයා ගන්නේ මේ වර්ණාවලිය ආපස්සට සුදු ආලෝකය බවට හරවගන්න...

1 comment:

  1. ///දේශය කියන්නේ අපි මේ ඉන්න ලෝකය (ද )///

    දේශය කියන්නෙ රටට කියන තවත් නමක්.(සමාන පදයක්)

    ReplyDelete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.