Wednesday, May 6, 2020

කොකිස්

පයින් යන්න එන්න පුලුවන් තරම් ලඟ සිංහල කඩයක් තියනවා කියන්නේ රෑ මැද්දේ  උනත් කොකිස් කන්න  පුලුවන් කියන එක සින්දුවකුත් අහන ගමන්..තව ඕනම නම් කහට අඩු ඉඟුරු දාපු වැඩි සීනි ප්ලෙන් ටී එකක් බොන්නත් පුලුවන්..

කොකිස් විතරක් නෙමේ අවුරුද්දේ හැම කාලේකම ඕනම විදිහේ කැවිලි ජාතියක්,කෑමක් කිව්ව පමණින් අපි ලඟ..පුතු නම් කන්න ආසම ආස්මි..පහුගිය අවුරුදු අටේම කොකිස් ගන්න ඕනම වෙලාවක කඩේ කවුරු හිටියත් "කැඩෙන්නේ නැතුව පරිස්සමින් අරන් යන්න " කියා නම් දෙසැරයක්වත් කියනවාමයි.. කවදාවත් කැඩුනු කොකිස් විකුනන්න තියනවා මම දැකලා නැහැ තාම මේ අවුරුදු අටටම..

(එහෙම කියන වෙලාවට "කඩලනේ කොහොමත් අපි කන්නේ" කියන ව්චන ටික හිතේ ලිය උනාට මගේ මූණෙන් පිට වෙන්නේ හිනාවක් විතරයි..පුංචි කාලේ නම් ඒ හිතේ ලියවුනු වචන ටික එළියට එන්නේ දෙපාරක් හිතන්න කලින්) . 

මම කෑම වර්ග හදන්නේ කන්නේ මට අසා හිතෙන, කන්න ඕන කියා හිතෙන  වෙලාවල් වලට නිසා, අවුරුද්දේ ඕනම කාලයක ඕනම දෙයක් කන්න ලැබෙනවා ගෙදර හැමෝටම..එක් කාලයකට කොටු වීමක් නැහැ..කිරි බතුත් ඒ වගේමයි.. හැමදාම විශේෂ ලස්සන දවසක් කියා මට හිතෙන නිසා වෙන්න ඇති ඒ..


ප.ලි. කොකිස් විතරක් නෙමේ..කිරි ටොෆිත් අරගෙන තමයි මම ආවේ ගෙදර අද...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.