මම ගොඩක් පරිස්සම් වෙන තැනක් තමයි මගේ ජීවිතයට මෙතෙක් (සැඟවී වගේම එළිපිටත්) නරක අත්දැකීම් ලැබූනු (සමීප) වැඩිහිටි පුද්ගලයින් සමඟ පුතුගේ සබඳතා පවත්වා ගැනීම කියන්නේ..දරුවන්ට දෙමාපියන් නිසා තෝරා ගැනීම් වලට ලක් කල නොහැකි මිනිස් සබඳතා වලට අනිවාර්යයෙන් නිරාවරණය වෙන්න සිද්ද වෙන බව අපි හැමෝම දන්න දෙයක්..
සමාජයක ජීවත් වෙන විට හැමෝම එක්ක ඉන්න වෙන බවත්, මඟ හරින්න නොහැකි බවත්, තමන්ව දෙවැනි තැනට දමා හෝ සමාජ වගකීම් කරන්න ඕන බවත් කියන තර්කය එක්ක මම එකඟ නැහැ..මම විස්වාස කරන විදිහට දරුවෙක් අපහසුතා වලට මුහුණ දෙන ඕනම අවස්ථාවක දෙමාපියන්ට හැකියාවක් තියෙන්න ඕන දරුවා වෙනුවෙන් කතා කරන්න, නැඟිටින්න දරුවා ඉදිරිපිටම..හැංඟි හැංඟි නෙමේ..එහෙම බැරි නම් මට හිතෙන්නේ හොඳම දේ දරුවන් බිහි නොකර ඉන්න එක.. මොකද කෙනෙක් (තනියම) අපහසුතා වලට මුහුණ දීම සම්පූර්ණයෙන්ම වලක්වා ගැනීම වඩා සාර්ථක නිසා..
ජීවිතයේ යම් සාර්ථකත්වයක් අද මට හිමි වී තිබේ නම්, ඒ බොහෝ දෙනෙක් කියන පරිදි නරක අත්දැකීම් හෝ මිනිසුන් නිසා නෙමේ..ආදරණීය කාරුණික මිනිසුන් සහ ප්‍රසන්න වින්ඳනීය අත්දැකීම් තමයි මාව හැමදාම ඔසවා තබන්නේ මට හිමි...
මම කියන නරක අත්දැකීම් මට ලැබුනු මේ පිරිස අතරේ ඉන්න පුලුවන් තමන්ගේ සහෝදර සහෝදරයින්, සීයලා ආච්චිලා,අම්මලා තාත්තලා, නැන්දලා, මාමලා,පුංචිලා බාප්පලා, ලොකු අම්මලා තාත්තලා මේ ඕනම කෙනෙක්..වගේම ගුරුවරු, යාලුවෝ..
හිමි හිමින් මේ අය ගැන පැහැදිලි කිරිමක් පුතුගේ වයසට මනසට ගැලපෙන්න එක් කරන්න මම අමතක කරන්නේ නැහැ නරක ගැන වගේම හොඳ ගැනත්..පුතුව සුදානම් කිරීම මගේ වගකීම ලෙස මම දකින නිසා මිනිස් සබඳතා සමබරව ගෙනියන්න තමන්ව රිදව ගන්නෙත් නැතුව..ඒ වගේම මට අයිතියක් නැහැ පුතුව අපහසුතා වලට ලක් වෙන්න ඉඩ දී නොදැක්කා වගේ ඉන්න..ඒ මට හිතෙන දේ..
ප.ලි.: මගේ පුතාගේ ජීවිතයෙන් සම්පුර්ණයෙන්ම අයින් කරන්න බැරි එක්තරා චරිතයක් මේ වෙලාවේ මට මතක් වෙනවා..මේ තැනැත්තා දීර්ඝ කාලයක් තිස්සේ ඔස්ට්‍රේලියාවට එන්න උත්සහ කලත් ඒ සියලු උත්සහයන් අසාර්ථක වෙන කෙනෙක් තවම..
නමුත් පුතු එක්ක කතා බහ කරද්දි ඔස්ට්‍රේලියාව පහත් කරන්න ගන්නේ ලොකු උත්සහයක්..පුංචි දරුවන්ගේ මනස ගැන ඉතා ඉහළට ඉගෙන ගෙන ඇති මේ පුද්ගලයා සමඟ පුතුගේ ඇසුර සීමා කරනවා වීනා වෙන කුමක් කරන්නද..ටිකෙන් ටික පුතුට මම කියා දෙනවා සමහර මිනිසුන් එලෙස හැසිරෙන බව තමන්ගේ ජීවිතයේ ඇති හිඩැස් නිසා..ඉගෙනීම එහෙම නැත්නම් අධ්‍යාපනය,උගත්කම කියන්නේ මොකද්ද කියන එක ගැන සිය දහස් වර හිතන්න ඕන..

මට මතක් වෙනවා දවසක් මම සිගරට් එකක් අතේ තියාගෙන ඉද්දි අපේ තාත්තටම අහුවෙනවා.තාත්ත එක අරගෙන් මකුත් නොකිය ගියා.ඒ මොකුත් නොකීම මට ලොකු පහරක් වැදුන වගේ.එදා ඉදල අදවනතුරුත් හෙටට් මම සිගරට් බොන්නේ නෑ.අපේ තාත්තගේ හොද නරක කියා දීම ඒ වගේ.
ReplyDeleteඅපි ජීවත් වෙන අර්ධ නාගරික පරිසරයේ එතරම් දුම් බොන්නන් දකින්න නොහැකි උනත්, දිනක් ඉටි පන්දමක් නිවී යද්දි ඉහළට ඇදෙන සැලෙන ලෙලෙන දුම් වළලු පුතුට (9+ ) සිගරට් මතක් කිරිම ගැන මගේ හිතට දැනුනේ අපහසුවක්.
Deleteඒ අපහසුව මන් පුංචි කාලේ, නිවුනු ඉටි පන්දම් දැල්ල ආපහු ඉටි පන්දම ලඟට ඒ සැලෙන ලෙලෙන ඉහළට ඇදෙන දුම් වළලු ඔස්සේ පහළට ගෙනාව මතකය පුතුට කියන එක නතර කලා...