Thursday, May 14, 2020

ඔබ හිතන්නේ ඇයි එහෙම සටහන් කරන්නේ....

පුතුගේ පාසලේ දෙක වසරේ අවසන් වාරයේ සෑම දරුවෙක්ටම අවස්ථාවක් ලැබෙනවා පාසැල් තූර්‍ය වාදන කණ්ඩායමට බැඳෙන්න කලින් තමන්ට ගැලෙපෙනම සංගීත භාණ්ඩය තෝර  ගන්න..

ඒ තෝරා දීම කරන්නේ පළපුරුදු කණ්ඩායමක් විසින්..සෑම දරුවෙක්ටම වෙන වෙනම හැම සංගීත භාණ්ඩයක් සමඟම විනාඩි කීපයක් ගත කරන්න හැකි අයුරිනුයි එදා දවස සැලසුම්  වී තියෙන්නේ.. 

එහෙම නැතුව මුණ බලලා "ආ මෙයාට මේක හොඳයි අරයට මේක හොඳයි" කියා තෝරන්නේ නැහැ..තෝරන්නත් බැහැ..මේ දරුවන් බය නැතුව නැහැ බැහැ කියා තමන්ගේ අදහස් කියන නිසා..(දුන්නු දේ අකමැත්තෙන් වෙන කරන්න දෙයක් නැති කමට බාර ගන්න සිරිතක් නැහැ..)

ඉතින් කණ්ඩායමට බැඳෙන්න කැමති අකමැති දරුවන් හැමෝම එදා දවසේ ඇති තරම් මේ සංගීත භාණ්ඩ  එක්ක ගත කරන අතරේ පළපුරුදු කණ්ඩායමක් එක් එක් අයගේ උසට ඇඟිලි වල පිහිටිම් අනූව , හුස්ම ගැනීමේ ධාරිතාව අනූව වැනි කරුණු මත වගේම දරුවගේ කැමැත්තත් එක්ක තෝරා  දෙනවා භාණ්ඩ කීපයක්..ඒ අතරිනුත්  ඒ අය  දකින විදිහට  වඩාත්ම  සුදුසු සහ දරුවා වඩාත්ම කැමති තෝරා ගැනීම සලකුණු කරන්නත් අමතක කරන්නේ නැහැ..

ඒ තෝරා ගැනීම්  සටහන එදා දවස අවසන් වීමත් සමඟ දෙමාපියන් අතට පත් වෙනවා සවිස්තරව. එහි සටහන් වෙනවා කරුණාකර තේරුම් ගන්නා ලෙස  තෝරා දීම් කර  ඇත්තේ  ඒ ඒ දරුවාට ආවේණිකව  බව,එහිදි සැලකිල්ලට ගත් කරුණුත් එක්කම..ඔබ  හිතන්නේ ඇයි එහෙම සටහන් කරන්නේ..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.