මගේ අම්මත් එක්ක කතා කරන හැම වෙලාවකම අවසානයේ මට හිතෙන දේ තමයි, ඇයගේ මනස මොන තරම් අත හැරීමට දුරයි ද, යථාර්ථය එහෙම නැත්නම් ඇත්ත එලෙසින්ම සාමකාමීව පිළිගැනීමෙන් මොන තරම් දුරයි ද කියන කාරණය..අර මැක්කගේ කතාවේ වගේ මොන තරම් කතා කරත් අන්තිමෙ නවතින්නේම එතන නිසා කතා බහ සීමා කරල දැන් වසර 3ක්..
යම් දෙයක් තියන ස්වාභාවික විදිහටම පිළිගැනීම,එයට හැඩ ගැසීම, වෙනස් වීම් වලට ඉඩ දීම ඇයට බොහෝ අපහසු දෙයක් නිසා හොයන්නේම බලෙන් කෘතීමව වෙනස් කරන විදි...මේ කරුණ ඇයට පමණක් අදාල කරුණක් නෙමේ..මිනිස් සමාජයේ බහුතරයකගේ මනස මේ වගේ..
No comments:
Post a Comment