Saturday, May 30, 2020

හදන එක වගේම (අත පුච්ච ගන්නේ නැතුව) ගලවන එකත් කලාවක්..

මේ සඳුදා පුරුදු විදිහට සතියේ දින පහම දරුවන් පාසල් යන්න පටන් ගත්තට වෙනදා වගේ දෙමාපියන්ට අවසරයක් නෑ පාසල පුරා ඇවිදින්න තියා ඇතුලටවත් යන්න..හැබැයි ඒ උදේට විතරයි..

හවසට වෙනදට පාසල අරින්න විනාඩි 45කට පෙර ඇරෙන ගේට්ටු දෙමාපියන්ට ඇරුනේ විනාඩි 15කට කලින්..ඊට කලින් එන්න එපා කිව්ව දේ නම් හැම දෙමාපියෙක්ම අකුරටම පිළිපඳින්න ඇති..ඒ වගේම නිසි පරතරය තියා ගන්නත් අමතක කලේ නැහැ කිසි කෙනෙක්.. හැබැයි ඒ පරතරය පවත්වා ගැනීම  එතරම් සාර්ථක නැහැ පාසල ඇරුනු පසු..

මෙච්චර කල් උදේට ගේට්ටුවෙන් ඇතුලට ඇවිත් පන්තිය ලඟටම වෙලා bell කලාට පස්සේ දරුවන්ට සමු දුන්න දෙමාපියන්ට වගේම ගුරුවරයා පන්තියට ආවට පස්සෙත් අම්මගේ හරි තාත්තගේ හරි ඇඟේ එල්ලිලා  තනියම ඉන්න බෑ කියා අඬන පොඩ්ඩොන්ට නම් මේ ක්‍රමය හරිම අපහසුවක් ගේන්න ඇති...

ඒ වගේ පොඩ්ඩෙක් ගේට්ටුව ලඟඳි අම්මව දාලා යන්න බැරුව තදින් තුරුල් වෙලා ඉද්දි එදා ගේට්ටුව මුර කරපු ගුරුවරයා තමයි වෙනදට අම්මා කරපු රාජකාරිය ගේට්ටුවෙන් එහාට කරන්න බාර ගත්තේ..ඒත් ඒ පොඩි දුරකට විතරයි..ඒ ගුරුවරයා අනිත් දරුවන්ටත් ඒ වගේම අවදානයක් දෙන්න ඕන නේ... 


ප.ලි.: මේ පොඩ්ඩව අම්මගෙන් වෙන් කරන්න කලින් ගුරුවරයා භාවිතා කල ක්‍රමය තමයි මේ පින්තූරයේ කියවෙන්නේ..හැඟිම් එක්ක වැඩ කරද්දි (විශේෂයෙන් දරුවන්ගේ හැඟිම්)  හරිම පරිස්සම් වෙන්න ඕන..දරුවව සුදානම් නොකර එක පාරට අම්මගෙන් වෙන් කලේ නැහැ ඒ ගුරුවරයා...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.