Tuesday, May 12, 2020

ගිය හකුරට නාඬන්නේ..තියන හකුර රැක ගන්නේ..

සාමාන්‍යයෙන් උදේ නැගිටින මොහොතේ එදා දවසේ මොනව ද කරන්නේ කියා සැලසුමක් මගේ හිතේ නැහැ..එහෙම තියන දවස් අසාමාන්‍ය දවස්..

එදා දවසේ මොනවද කන්නේ, මොනවද කරන්නේ, නොකරන්නේ, අලුත් දෙයක් එහෙම නැත්නම් විශේෂ දෙයක් හදනව ද නැද්ද,කොහෙද යන්නේ නොයන්නේ.. මේ කිසිම දෙයක් නැති නැවුම් මනසක් තමයි උදේ  නැගිටිද්දි මට තියෙන්නේ..


මේ නැවුම් බව නැති වෙන්නේ මට හෝ මම ආදරය කරන අයට යම්කිසි කරදරයක් දිගින් දිගටම වෙන කාල වලදි..ඒ වගේ කාලවලත් හැකි ඉක්මනින් එදිනෙදා හැඟිම් එදිනෙදාම අත් හරින්න ක්‍රමයක් තමයි මම හොයන්නේ..

දවසක් ගානේ සැලසුමක් නැති මට, සති කීපයක ඉඳලා සැලසුමක් හදලා දෙන්න උනේ මගේ උදව්කාරියගේ පහසුවට, ඇය එන්නේ සීමිත වෙලාවකට නිසා..එහෙම හදපු සැලසුමේ අද  පොඩි වැරදීමක් ඇය අතින් වෙලා..වැරදීම් කියන දේ ගැන මම ලොකුවට හිතන කෙනෙක් නෙමේ..ඒකත් ජීවිතයේ කොටසක්…

වැරදීමට කරන දෙයක් පස්සේ හිතමු කිව්ව මම  ඇයට කියා දුන්නා වැරදීම නිවැරදි කර ගන්න ක්‍රම ටිකක්..ඇයට පහසු කැමති ක්‍රමයක් තෝර ගන්න හැකි වෙන විදිහ..

ඇය ගියාට පස්සෙත් වැරදුනු දේට මොකද්ද කරන්නේ කියා කිසිම අදහසක් තිබුනේ නෑ නෙමේ හිතුවේ නෑ..දවල්ට කාලා ටිකක් ඇඳට වෙලා  මල්ලිත් එක්ක කතා කරද්දි ආව අදහසක්. හැබැයි අර වැරදුනු දේ ගැන නම් නෙමේ..මල්ලිත් එක්ක කතා කලේ මේ කිසි දේකට සම්බන්ධයක් නැති දෙයක් ගැන..හැබැ‍යි මල්ලි කිව්ව දේවල් වලින් තමයි මට ඒ අදහස ආවේ..ඉතින් නැගිටලා ආව කුස්සියට..

හැබැයි කුස්සියට ආව අදහස නෙමේ මම කලේ..ඊට හාත් පසින්ම වෙනස් දෙයක්..ඒ අඩි කීපයට  කලින් හිතපු දේ  වෙනස් වෙලා කියල මම දන්නෙත් පස්සේ.. අන්න ඒ වෙලේ තමයි මට හිතුනේ මගේ උදව්කාරිය අතින් වැරදුනු දේට මොකද්ද කරන්නේ කියා..කල දේ අති සාර්ථක  බව කිව්වේ මගෙන් සැතපුම් දහස් ගණනක් දුරින් ඉන්න, ඒත් හිත ලඟම ඉන්න  මල්ලි..


ප.ලි.: ගෙදර අස් පස් කරන වැඩ එක්කම දවල්ට රෑට කන්න දේකුත් මගෙ උදව්කාරිය ලෑස්ති කරලා දෙන්නේ ඇගේ කැමැත්තෙන්...ඒ නිසා මේ දවස් වල අපි කන්නේ ඇගේ ප්‍රියතම කෑම..සංස්කෘතීන් දෙකක එකතුවක් සමහර වෙලාවට..අලුත්ම අත්දැකීමක්..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.