මේ සඳුදා ඉඳන් home learning අවසන් වී පුතු නැවත දවස් පහම පාසැල් යවන්න හැමදේම සුදානම්..දවස් පහම හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් පහසුවෙන් අපිට ඕන ඕන විදිහට පාසැල් වැඩ කල ඒ කාලය අවසන් වීම මට නම් ගේන්නේ පොඩි දුකක්..(ඉගැන්වීමෙත් තියනවා thrill එකක්) පාසැල් යනවටත් වඩා මේ කාලය මට සහ පුතුට පහසු කාලයක් වීමත්, එකටම පැය 24ම ගත කිරීමෙන් අපි අතර බැඳිම වගේම අවබෝධයත් තවත් ලං වී ශක්තිමත් වීමත් තමයි හේතුව..
මගේ පුතාව පුංචි කාලේ ඉඳලම මම හුරු කලේ, උනන්දු කලේ, පුරුදු කලේ යම් දෙයක් කරද්දි තමන්ටම ආවේණික පහසු ක්‍රමයක් හොයා ගන්න අවට පරිසරයෙ ඇති තොරතුරු භාවිතා කර..මේ නිසා පාසලෙන් එවන කාල සටහන කොහොමද කොතන ඉඳන් ද කරන්නේ, පාසැළ් නිල් ඇඳුම අඳිනවද නැද්ද, මූණ සෝදනව ද නැද්ද, උදේට කනවද නැද්ද,මොනවද කන්නේ,පාසැල් යන දවස් වල වගේම ද කෑම ඕන,මේ හැමදේම තීරණය කරන්නේ පුතු..මම ඉන්නේ පුතු ගන්න තීරණ ප්‍රයෝගිකව සාර්ථකව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උදව් කරන්න..
පාසැලෙන් එවන වැඩත් එහෙමයි, පුතු තමයි තීරණය කරන්නේ කාල සටහන ඒ විදිහටම දීලා තියන පිළිවෙළටම කරගෙන යනවද නැත්නම් එහෙන් මෙහෙන් කරනව ද, අත අරිනවද..අමාරු අපැහැදිලි දේවල් වලදි කාගෙන්ද උදව් ඉල්ලන්නේ, teacher ද මගෙන් තාත්තගෙන් ද ද මාම ගෙන් ද සූ ගෙන්ද යාලුවන්ගෙන් ද, google ගෙන් ද .. මම කරන්නේ තොරතුරු සැපයීම සහ යෝජනා ඉදිරිපත් කිරීම පමණයි..(පාසැලෙන් විතරක් නෙමේ ඉගෙන ගන්න පුලුවන්, තව ඕන තරම් ආදේශක තියනවා )
මේ ක්‍රියාවලිය කාලයක් තිස්සේම අපේ ගෙදර වෙන නිසා පුතු දන්නවා මොකද්ද මේ කරන්නේ කියන එක..ඒ නිසා හරි පහසුයි..වැඩදායි තීරණ ගන්න පුතුට පුලුවන් කියන විස්වාසයත් මගේ හිතට ඇතුල් කලේ පුතාගෙම හැසිරීම..
කෑ ගහන්න,තරහ ගන්න,බල කරන්න ඕන නෑ..මොකද්ද මේ වෙන්නේ,ඇයි අපි එහෙම කරන්නේ,මොනවද අපිට කරන්න තියෙන්නේ කියන පැහැදිලි කිරීම් පුතුට වැටහෙන සරල බසින් බලාපොරොත්තු සහගතව ඉදිරිපත් කිරීම පමණයි මම කලේ වෙනස පටන් ගනිද්දිම…(හැම දරුවටම මේ ක්‍රමය සාර්ථක නැහැ..)
ප.ලි.: කල්තියා සැලසුම් කිරීමේ මගේ පුරුද්ද නිසා ඇත්තටම මේ pandemic වෙලාවේ අපේ ගෙදර සාමාන්‍ය රටාව වෙනස් උනේම නැති තරම්..අඩුවක් උනේම නැති තරම්..අඩුවක් උනා නම් ඒ යාලුවන් මුහුණට මුහුණ ඇසුරු කිරිම පමණයි..ඒ වගේම අපි ජීවත් වන කුඩා නගරයේ මිනිස්සු එතරම් කලබලකාරි කලහකාරී මිනිසුන් නෙමේ..
අපේ තාත්තත් මට ඉගැන්නුවේ දෙයක් කරද්දී තමන්ටම ආවේනික ක්‍රමයක් හොයාගෙන කරන්න කියල.එක අදටත් වලංගුයි.
ReplyDelete:)
Delete