Wednesday, July 18, 2018

මම කවදවත් ආස සීතලට, ඔබ...

අර Frozen ෆිල්ම් එකේ Let it go කියන ගීතයේ එක තැනක කියවෙනවා සීතල මට කවදාවත් කරදරයක් උනේ නැහැ කියලා වැකියක්.. ඒ වගේම මට දැනෙන හැඟිම් කවදාවත් මට කරදරයක් උනේ නැහැ.. (අනිත් අයට නම් කරදරයක් උනු අවස්ථා ඕන තරම් ඇති, විශේෂයෙන් මට "ආදරය" කරන අයට) මම කැමතිත් හැඟිම් දැනෙනවට.. එතකොට විතරයි මට දැනෙන්නේ මම ජීවත් වෙන බව..

හැබැයි මිනිස් මොළය ගැන ටිකක් ගැඹුරට ඉගෙන ගත් දින පටන්ම වටහාගත් දෙයක් තමයි මිනිස් හැඟිම් කියන්නේ එක් පුද්ගලයෙකුට තනියම ඇති කරගන්න හැකි දෙයක් නම් නෙමේ.. මිනිසුන් මිනිසුන් අතර අන්තර්ක්‍රියාවකින් පමණයි මිනිස් හැඟිම් ඇති වෙන්නේ..

සාමාන්‍යයෙන් ආදරය කියා හඳුන්වන හැඟිම් වලට වහල් වෙන තැනින් ඈත් වෙලා ඉන්න තමයි මම හැමදාම උත්සහ කලේ.. කොටින්ම වෙන කෙනෙකුගෙන් මගේ හැඟිම් තෘප්තිමත් කරගන්නේ නැතුව ඉන්න වගේම මගෙන් වෙන කෙනෙක් තමන්ගෙ හැඟිම් තෘප්තිමත් කර ගන්න ඉඩක් නොදී ඉන්න.. මට හිතෙන්නේ හැඟිම් වලට වහල් වී හැදෙන බැඳිම් වලින් අන්තිමේ ඉතුරු වෙන්නේ දුකක් කලකිරීමක් විතරයි..

මම දකින ආදරය කියන වචනය ඇතුලේ සැඟවිලා තියන ප්‍රේමය විඳින්න පුලුවන් දැනෙන හැඟිම් දැනෙන බව සිහියෙන් වටහාගෙන බුද්ධියෙන් කෙනෙක්ව තේරුම් ගැනීමෙන් ඇති කර ගන්න අවබෝධාත්මක බැඳිමකින් පමණයි කියා තමන්ගෙම ජීවිතයෙන් කරලා පෙන්නපු කෙනෙක් මගේ තාත්තා...

වාසනාවකට වගේ යොවුන් වයසේ ඉන්න කාලේම අවට ඉන්න අයගේ ජීවිත දිහා බලාගෙන යන්න ඕන මාවත් වටහාගන්න හැකියාව මට තිබුනු නිසාම අර සමහර ගීත වල කියවෙනවා වගේ කා ගාවවත් ලතාවක් සේ වෙලී වළාවක් සේ අයාලේ ගිය හිතට රැකවරණය පතන්න ඕන කමක් එදා තිබුනෙත් නැහැ, අදත් නැහැ වගේම හෙටත් නැහැ.. ඒ උනාට මේ ගීතය නම් මිහිරියි කියා නොකියාම බැහැ වගේම සීත මිහිඳුම් තිර අතරින් විටින් විට පෙනෙන නිල් කඳු වලින් වට උනු කඳුකරයක ඉපදුනු හැදුනු මම කවදවත් ආස සීතලට.

ඒත් එක්කම ආදරණීය මිනිස්කම පිරිණු හැඟිම් දැනීම් දැනෙන, දැනෙන හැඟිම් සමාජයකට යහපත් ලෙස සංවරව හැසිරවිය හැකි, කතා කල හැකි රොබෝ කෙනෙක් නොවන   හදවත් සොයා ගැනීම මේ ලෝකයේ එන්න එන්නම අපහසු වීම ගැන ඔබට මොකද හිතෙන්නේ.. 

2 comments:

  1. ආගම ජති කුල භේදයකින් තොරව ඕනෑම මනුස්සයෙකුට තවත් මනුස්සයෙක් ''මනුස්සයෙක්'' විදිහට දකින්න පුලුවන් පරිසරයක් ගොඩනගන එක මේ යුගයේ අවශ්‍යතාව කියන්න පුලුවන්...එ්ත් අවාසනාවට අපි එතැනින් තව ඈතටයි ගමන් කරන්නෙ...දේශපාලන ආගමික අධීපතිවාදය තමන්ගේ බලය වෙනුවෙන් මිනිසා එකිනෙකාගෙන් භෙද කරවන තත්ත්වයක් අපි දකින්නෙ...මේක ඉතා භයානකයි...අපේ සමාජය නොදැනිම තවත් විනාශකාරී තැනකට තමා තල්ලුවෙමින් ඉන්නෙ...මේ කාරණේ අවබෝධ කරගත්ත අය පුලුවන් තරම් පොඩියට හරි මොනම ජාතියකට හෝ ආගමකට අයිති වෙන්න කලින් තමන් මනුශ්‍ය කුලයට අයිති බව මේ මිනිස්සුන්ට පෙන්නාදීම කළයුතුයි...

    ReplyDelete
    Replies
    1. ඔබ මේ කියන මිනිස්සුන්ට මිනිස්සුන් පෙන්වීම කරන්න උත්සහ කරද්දි බොහෝ (උගත්, නූගත් ) මිනිස්සුන්ගේ මුල්ම ප්‍රතිචාරය තමයි එවැනි අයව අවිස්වාස කිරීම.. එතරම්ම මිනිස්සු මිනිස්සු ගැන විස්වාසය තැබිය නොහැකි තැනකට පත් වෙලා..:)

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.