Sunday, April 29, 2018

මං ආ මඟ නවතින්නම්...බිඳුවක් ඈතින් ඉන්නම්.....

ගියවර නිවාඩුවට කැන්බරා ගිය වෙලාවේ කැලෑබඳ ප්‍රදේශ වල නිදැල්ලේ ගැවසෙන කැන්ගරුවන් රංචුවක් දුටු අපට ඒ කැන්ගරුවන් ලඟට යන්න කලින් ලැබුනු අවවාදයක් වුනේ, ඒ සතුන්ට හොඳින් පෙනෙන ලෙස හිස පහත් කරමින්, සතුන්ගේ ඇස් දෙස කෙලින් නොබලා, ඒ සතුන්ගේ හැසිරිම් අනුකරණය කරමින් හිමින් ලං වී කලබල නොවි නිහඬව ඉන්නා ලෙසයි..
ඒ සත්තුන්ට තමා අවට පරිසරයෙන් තර්ජනයක් ඇති බව හැඟුන විට ඉතාම කලහකාරි වෙන නිසා කියලයි අපිට කිව්වේ.. ඒ කතාව ඇසුණු මට හිතුනේ මිනිස් සමාජයෙත් මේ හා සමානම හැසිරීම් තියනවා නේද කියායි මොන තරම් දියුණු වුනත් මොන තරම් මනසින් උසස් යැයි කිව්වත්...

එක් මිනිසෙකුව තවත් මිනිසෙකු විසින් යටත් කර ගැනීමේ සහ තමන්ට තර්ජනයක් ද නැද්ද යන්න සැකහැර දැන ගැනීමට වෙහෙසීම මිනිස් හිත් වල තවම දැකිය හැකියි ඕනම සමාජයක, තමන්ගේ ඇත්ත ස්වරූපය නිරාවරණය කරන්න කලින්.. ඒ තරම්ම තවම මිනිසා එකිනෙකා ගැන බයකින් සැකයකින් වගේම තමන් ගැනම අවිස්වාසයකින් ජීවත් වන බව මට සිතේ....

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.