Tuesday, April 17, 2018

"බුදු හාමුදුරුවන් කියා ඇති දේවල් වෙනස් කරන්න අපිට බෑනේ.."

මිනිසුන්ව අභිබවා ගිය (සුපිරි) චරිත ආගම් වලින් මවා තියෙන්නේ ඇයි කියා සිතන විට මට සිතෙන්නේ, මිනිසුන් එකිනෙකා කෙරෙහි නොරිස්සුම් හැඟිම් වලින් වැඩ කරන නිසා කියලයි..

එසේ කල නොහැකි එක් සුවිශේෂි චරිතයක් මැවිම තුලින්  ඒ සමාජයේ ජීවත් වන මිනිසාටම, පොදු මිනිසාට කියන්න හැකි වී තියනවා මෙන්න මෙහෙම කරන්න, අරෙහෙම කරන්න  කියා තර්ක විතර්ක, වාද විවාද, ප්‍රශ්න කිරීම්  නොමැතිව.. මොකද තර්ක  කලා කියා, වාද කලා කියලා ඒ මැව්ව චරිත එන්නේ නැහැනේ ආපිට තර්ක කරන්න. එය මිනිස් මොළය හොඳින් ග්‍රහණය කරගෙන ඇති නිසයි ආගම් මිනිසුන්ගේ ජාන පද්ධතියට කිඳා බැහලා තියෙන්නේ කියා මට සිතේ.. 

තමන් තමන්ගේම විනිශ්‍යකරු  (එහෙමත් නැත්නම් හැඟිම් වලට වහල් ) වීමට ආගම් තුලින් සිතූ සේ ඉඩ ලැබෙන බැවින් එයින් මිදී ස්වාධීන වීමට ද මිනිසුන් කැමැති නැහැ....ආගම් වල ඇති දේ ගැන ස්වාධීනව ප්‍රශ්න කරන්නන් මඟ හැර යාමටද ආගම් වලට වහල් වූ අයට  සහ අවස්ථාවාදීන්ට ඇත්තේ පුදුම හැකියාවක් කියා මට සිතේ..


ප.ලි.: මුහුණු පොතේ  බුද්ධාගමේ කියවෙන බිරින්ඳෑවරුන් වර්ග ගැන ලියැවුනු පෝස්ට් එකක මම ප්‍රශ්න කලා, ගැහැනු පිරිමි යන දෙදෙනාගේම සමදායකත්වයෙන් හැදෙන පවුලක ඇයි බිරින්ඳෑවරු පමණක් වර්ග කරන්නේ.. ඇයි සැමියන් එසේ වර්ග කර නැත්තේ කියා.. 

දන්නවද මට ලැබුනු පිළිතුර... "බුදු හාමුදුරුවන් කියා ඇති දේවල් වෙනස් කරන්න අපිට බෑනේ.."

11 comments:

  1. බුදුහාමුදුරුවන් මේ සප්ත භාරියා ගැන විස්තර කරන්නේ යම් කරුණක් අරභයා. පුරුෂයින් ගැන කියන්නට අවස්තාවක් යෙදුනා නම් ඒ ගැනත් දේශනා කරන්න ඉඩ තියෙනවා. බුදුන් කෙනෙකුන් ලොව පහලවෙන්නේ මේ වගේ දේවල් දේශනා අරන්නත් නෙවෙයි. ඒවා අමතර කාරනා.
    මම දැකලා තියෙනෙව ඔය වගේම සත්තු උපමාවට අරගෙන 'කාලීන' විධියට මේ වර්ග කිරීම කරලා තියෙනවා. ඒ සියල්ලම අන්තවාදීව ගන්න නරකයි.
    සැමියන් වර්ග කිරීම කෙසේ වෙතත් ඔවුන් විසින් ඉටුකළයුතු යුතුකම් ගැන නම් සිංගාලොවාද සුත්‍රයේ දේශනා කරලා තිබ්බා. මට පෙනෙන්නේ ගැටලුව තියෙන්නේ ප්‍රශ්නයේ නෙවෙයි. පිළිතුරු දෙන්න පනින්නාගේ ඇති නොදන්නාකම

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ තියෙන්නෙ ලිඛිතා, සියලු සත්වයන් ගැන කතා කලැයි කියන බුදුහාමුදුරුවන්ට කොහොමද මේ පිරිමි (සැමියන් වර්ග කරන්න ) අයව මේ තරම්ම මඟ හැරුනේ කියන එකයි..

      ඔබ කියන සැමියන් විසින් කල යුතුයි කියා ඇති දේ අදට කෙසේ ගැලපෙයි කියා විමසන විට තවත් ප්‍රශ්න පැන නැඟේ...ඒවා කතා කරන්න ගියොත් තුන්වන ලෝක යුද්ධය ඇති වීමට ද ඉඩ ඇත..හික්ස්

      ඔහේ පොතේ පතේ කියලා ඇති දේ තමන්ට වාසිදායක අයුරින් ගලපාගැනීම තමයි මේ ආගම් වලට වහල් වු අයගේ සාමාන්‍ය විදිහ මට හැඟෙන, අඩුම ගානේ ඒ ගැන විවෘතව ප්‍රශ්න කරන්න බැ.. හැබැයි ලෝකවාසී සියල්ලටම මෛත්‍රී කරනවා කියා සුවපත් වේවා, බුදු සරණයි කියත් පිළිතුරම සටහන් කිරීම හරිම විහිලුවක්,,

      Delete
    2. තවත් තැනක මා ප්‍රශ්න කලා කෑම බීම නාස්තිය, ආගමික ස්ථාන වලට ලැබෙන ආධාර වලින් අසරණ අයට මොනවද වෙන්නේ කියන එක ගැන සහ සතුන් ආගමික වතාවත් වල වහල් සේවයේ යෙදවීම ගැන.. එහිදීත් පැන නැඟුනේ විශාල විරොධයක්.. මෛත්‍රී කරන අයගේ තරම බලන්න තිබුනා මුහුණට මුහුණ හමු වී මේ දේවල් ප්‍රශ්න කලා නම් :) :)

      Delete
    3. බුදුන් වහන්සේ කෙනෙකු ලොවට දේශනා කරන්නේ ගැහැණු පිරිමි වශයෙන් නොවේ. සමස්ථ මිනිස් සංහතිය අරඹයා. පිරිමින් මගහැරුනා කියා හිතෙන්නේ කුමන අරමුණක් හිතේ තියාගෙනද? ගොඩක් බණවරයන් පිරිමින් උදෙසාමයි දේශනා කරලා තියෙන්නේ. ඒ කාලයේ සමාජයේ හැටියට තිබ්බ සමාජ අසාධාරණ අතුරින් කාන්තාවට ඇති අවතක්සේරුව ඉතා විශාලයි.
      මම යෝජනා කරනවා ඔබ සිතනවා නම් ඒ සැමියන් විසින් ඉටුකරන්නට සුදුසුයි කියා හිතන යමකින්, මී කාලයට නොගැලපෙන යමක් තියේ නම් ඉදිරිපත් කරන්න කියලා. එතකොටනේ සංවාදයක් ගොඩනැගෙන්නේ. කිසිම තුන්වන ලක යුද්ධයක් අවශ්‍ය නොවේ..

      අනිවාර්යයෙන්.... පොතේ තිබ්බාට එලෙස කරන්න ඕනේ නැහැ. කරලා බලලා සත්‍යනම් පමණක් කරන්න ඕන දිගටම.

      ඔබේ ප්‍රශ්නකිරීම් වල වරදක් මට පෙනෙන්නේ නැහැ. නාස්තිය කොතැනක් වැලැක්විය යුතුයි. පින, කුසලය සහ ඒවායේ විපාක ගැන මිනිස්සුන්ගේ අවබෝධයේ බොහෝ ලොකු පරස්පරතා, හිල් තිබෙනවා.

      සංවාදය හොඳයි. මතුපිටින් යන්නේ නැතුව ගැඹුරෙන් අහලා බලන්න කරුණෙන් කරුණ. ස්තුතියි

      Delete
    4. ලිඛිතා මම මෙතන කතා කලේ බිරිඳ වර්ග කර සැමියා වර්ග නොකිරීම ගැන පමණයි.. ඒ ගැන සිතා පමණයි මම සඳහන් කලේ "මඟ හැරීම" නම් වචනය..

      ඔබ මතු කල කරුණ ගැන සංවාදයක් ගොඩ නැඟිම අපට කල හැකි වැදගත් දෙයක් ලෙස මම ද සිතමි.. නමුත් එයට මට නම් දැන් මිඩංගු කරන්න කාලයක් නැති වීම ගැටලුවක්.. මා තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වේ යැයි කිව්වේ ඒ වෙලාවේ එතැන ඇති වු තත්වය පැහැදිලි කිරිමට මිස මේ දේවල් කතා කිරිමීන් යුද්ධ ඇති කරගත යුතු බව කියන්න නෙමේ..

      ගැඹුරින් කතා කරන්න ආගම් වලට වහල් වූ බොහෝ අයට හැකියාවක් නැහැ ලිඛිතා, කතා කරන්න කලින්ම හැඟිම් වලට වහල් වීම නිසා..:0 :)

      Delete
  2. We should even question what Buddha has told. What he has told 2500 years ago may not be correct now.

    ReplyDelete
    Replies
    1. කාලයට ගැලපෙන ලෙස වෙනස් වෙන්න හරිම අමාරුයි ඇබ්බැහි වීමකදි, මිනිස්සු ආගම් වලට ඇබ්බැහි වී මිසක් අවබෝධයක් ඇති කරගෙන නැහැ කියා මට සිතේ කොයි තරම් වසර ගණනක් ගත උනත් ආගම් නිර්මාණය වී...

      Delete
  3. දර්ශනයන් කොහොමවෙත්තත් ආගම් නම් විස්වාසය මත පදනම්වූ දේවල්. ඒවා ඇනලයිස් නොකර විස්වාසය තමයි අදහන්නන් කරන්නෙ. ඇනලයිස් කලත් කරන්නේ තම විස්වාසය තහවුරු කරගන්නා කෝණවලින්. ඒකෙන් හොඳත් තියනවා. අදහන්නන් තම ඇදහීමෙන් මානසික සුවයක් ලබන නිසා.
    මට නම් විස්වාස කරන්න තහවුරු කරගන්න ඕනෑ. ආගම් එහෙම තර්කානුකූලව තහවුරු කරගත හැකි දේවල් නෙමෙයි, බොරුයි කියලා තහවුරු කරන්නත් අමාරුයි. එනිසා පැත්තකට වෙලා විවෘත මනසකින් ඉන්න ට්‍රයි කරනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත Pra Jay, පැත්තකට වී බලන් ඉඳිම කරන්නම බැරි හෝ සංවාදයක් කරන්න තරම් නිදහසක් ලැබුනු ඇරෙන්න මමත් ඉන්නේ ඒ මතයේ..

      මටත් විස්වාසය තහවුරු නොවෙන දේවල් වලට එකඟ වෙන්න බැහැ.. එය හරිම සාපේක්ෂ දෙයක් කියාත් හිතෙනවා..සමහර වෙලාවට අවට ඉන්න අයට රිදවන්න නොහැකි නිසාම එකඟ නැති උනත් එකඟ වෙන්න වෙන වෙලාවලුත් නැතුව නෙමේ.. Agree to disagree ... :) :)

      Delete
  4. 1. බුදුන්වහන්සේ තුන්කල් දන්නා නුවණකින් යුක්තයැයි විශ්වාසයක් ඇත. එහෙත් උන් වහන්සේ "එව බලව" න්යායෙන් පිටට ගොස් අජාසත්තට , දේවදත්ත ගොඩදමන්නට ගියේ නැත! එයට හේතුව ලෙස කරුණු දෙකක් මා දකිමි. කර්මය සියල්ලටම වඩා බලවත් හෙයින් ඔවුන් සිදුකර ගැනීමට තිබුනු හොඳ නරකද කර්මයෙන්ම ගෙන ආ ; තමාගේ නමට ඉදිරියෙන් ලියා ගෙන පැමිණි "සත්තගෙයි" "දත්තගෙයි" ඉරණම වෙනස් කරණ්නට බුදුන් වහන්සේට පවා කල නොහැක්කක් නිසා විය යුතුය. දෙවන කරුණ ලෙස මා දකින්නේ ඔවුන් දෙදෙනා වෙතින් පීඩාවට පත් තමා ඇතුළු සියල්ලන් හට ඒ ඒ අදාල දේ විඳින්නට නියමවූ කර්මය පල දීමට ඇති ඉඩ ඇහිරිය නොහැකි වීම නිසා විය හැක!
    එහෙත් කිසිවෙකුට ඇයි බුදුන් වහන්සේට එය වලක්වා ලීමට කටයුතු නොකලේ යැයි තර්කයක් ගොඩනැගිය හැකිවේ.
    එසේම උන් වහන්සේ සප්ත භාර්යාවන් ගැන විනා සප්ත සැමියන් ගැන නොවදාලේ මන්දැයි කියා කිසිවෙකු විමසනවානම් ඊට හේතු ලෙස මා දකින හේතු කිහිපයක් ඇත. ඉන් එකක් වන්නේ බුදුන් වහන්සේ තම ධර්මය දෙසන්නේ එකල පවතින ජන විඥ්ඥානයට ගැලපෙන හා ඊට අදාලවයි. පුරුෂාධිපත්යයෙන් අඪ්ඩ්ය එකල භාරතයට වඩා ප්‍රයොජනවත් හා මතබේධයට තුඩු දෙන්නේ ස්වාමි පුරුෂයන් වර්ගී කරණයට වඩා භාර්යාවන් වර්ගී කරණය තුලින් වීම යැයි විටෙක මට සිතේ. තමා වෙතට ලැබී ඇති භාර්යාව කුමන කුලකයේ අවයවයක් දැයි විමසා බැලීම එකල සමාජය තුල සැමියා සතු අයිතියක් විනා භාර්යාවන් වෙත එවන් අයිතියක් තිබුනා දැයි සිතීම උගහටය. තවත් කාරණයක් වන්නේ උන් වහන්සේ බොහෝ දේ දේශනා කොට ඇත්තේ එම අවස්ථාවේ ඇතිවී ඇති තත්වයන් ගුරුකොට ගෙනය. උදාහරණයක් ලෙස සිඟාල ගෘහපති එසේ ශඩ් දිශා වන්දනාවේ නොයෙදෙන්න එම සූත්‍රයේ අදාල දේ උන් වහන්සේ වෙතින් නොකිය වෙන්නට තිබුනි! තමා හරි හම්බකරණ ධනය කොටස් හතරකට බෙදා ඒ එක් එක් කොටසින් කල යුතුදේ විග්‍රහ වන්නේ ඊට අදාල පැණයක් ඉන්වහන්සේ වෙතට යොමුවූ අවස්ථාව කරණකොට ගෙනය! එසේ උන් වහන්සේ වෙති නිකියවුනු යමක් වෙතත් බොහෝ විට එම් දර්ශණයේ සූක්ෂම තැන් තුලින් එය විග්‍රහ කරගැනීමට පුළුවන! ලෙනින් වෙතින්තරුණයන් හට පුෂ්කින් කියවන ලෙස අවවාද කරණ්නේ තරුණයන් පිරිසක් හා ඒ පිළිබඳව කථිකාවකට ඔහුට කරුණු යෙදුනු හෙයින්ය. බුදුන් වහ්න්සේටත් එසේ මිස් වූ තැන් උපුටා දැක්විය හැක! උදාහරණයක් ලෙස "පවතින රජයට විරුද්ධව කැරළි ගැසීම වරදක්ද?" යන්න උන්වහන්සේ වෙතින් විග්‍රහ වී ඇතිද? මාගේ දැනුමේ පරමාණයට එසේ වී නොමැත! නමුත් ධාර්මිකව රාජ්ය පාලනය හා ඕනෑම කාලත්‍රයකදී මිනිසුන් කලයුතු හා නොකල යුතු දේ දේශනා කොට ඇත. එය පුද්ගලානුබද්ධව හා කාලානුරූපීව තමතමන්ගේ නැණ පමනින් ගලපාගෙන ජීවිතයට එක් කර ගත හැක.එසේ නොමැතිව බුද්ධ දර්ශනය හුදෙක් කල යුතු දේ හා නොකල යුතුදේ පෙල ගස්වා ඇති "වැඩ ලැයිස්තුවක්" නොවේ. මෙම ශ්‍රේෂ්ඨ දර්ශනය වර්ථමාන ඡන්ද ක්‍රමය නොගැලපීම මටද පැණයකි! මෙය බුද්ධියෙන් විමසන ලෙස උන් වහන්සේම දේශනා කොට ඇත්තේ එහෙයින් විය හැක! අපට නැත්තේම මෙයය!

    ReplyDelete
    Replies
    1. //මෙම ශ්‍රේෂ්ඨ දර්ශනය වර්ථමාන ඡන්ද ක්‍රමය නොගැලපීම මටද පැණයකි! මෙය බුද්ධියෙන් විමසන ලෙස උන් වහන්සේම දේශනා කොට ඇත්තේ එහෙයින් විය හැක! අපට නැත්තේම මෙයය!///

      සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයයේ ඒවා ලක්ෂයක් විතර බලන් ඉන්න වේවි මම හිතන්නේ නැති දේවල් ඇති කරගන්න...

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.