මිනිසුන්ට ස්වාභාවිකවම ඇසීම ලැබී තිබෙන බැවින්, ඇසෙන හැමදේම ඔලුවේ පුරවාගනී.
මිනිසුන්ට ස්වාභාවිකවම පෙනීම ලැබී තිබෙන බැවින්, පෙනෙන හැමදේම තමන්ගේ කරගනී, මොකක් හෝ අඩු පාඩුවක් දකී.
මිනිසුන්ට ස්වාභාවිකවම හිතන්න පුලුවන් බැවින්, ඇසුනු පෙනුනු හැමදේම ඉතා ඉක්මනින් වැරදිකරුවන් කිරීමට පෙළබේ..
මිනිසුන් අමතක කරන වැදගත්ම දේ නම්, කුමක් ඇසුනත් කුමක් දැක්කත් තමන්ගේ මනස ඒ
දෙයට නොඇලේ නම් කිසිඳු වෙනසක් නොවන බව. අවට පරිසරයේ ඇති සෑම දෙයින්ම
යැපෙන මිනිසා, ඒ පරිසරයටම දොස් පැවරීම මිස තමන්ගේ අඩු පාඩු පිළිගැනීමට මැලි
වන්නේ ඇයි
තමන්ගේ මනස යැපිමෙන් තොර ස්වාධීන මනසක් (අවට පරිසරයෙන්
එකතු වෙන දේ පෙරා වෙන් කල හැකි) කරගැනීමට නොවෙහෙසි, අවට පරිසරයටම දොස්
පැවරීමෙන් මිනිසාට ලැබෙන්නේ මොනවාද
ඇසීම, පෙනීම, දැනීම, හිතීම
ස්වාභාවිකව නොලැබී තමන් මහන්සි වී ලබා ගත යුතු වුයේ නම්,මිනිසුන් කිසිවිටක
කිසිවෙකුට චෝදනා නොකරනු ඇතැයි මට සිතෙන්නේ, නොයෙකුත් ආබාධ වලින් පෙළෙන්නන්ගේ
හදවත් වල නැඟෙන වේදනාව මට දැනෙන බැවිනි.
ප.ලි: අතීතයේ එක්තරා දිනක
අම්මා සමඟ ඇගේ අවශ්‍යතාවයකට හඳහන් බැලිමට ගිය ගමනකදි, මා ඇඳගෙන ගියේ දම් පැහැ
මා ඉතාම ආසා කරන ඇඳුමකි.. එය දුටු සැණින්ම ඒ පුද්ගලයා කිව්වේ දම් පාට යනු
ඉතාම අසුබ පාටක් බවයි.. මට ඒ වෙලාවේ වගේම අදද සිතෙන්නේ මිනිසාට ඇයි ඇස්
දෙකක් ලැබුනේ කියායි..
No comments:
Post a Comment