Monday, April 23, 2018

දන්නවද දැන් ගින්දරට අත ඇල්ලුවාට මුකුත් වෙන්නේ නැහැනේ....

කාලෙකට කලින් උපේක්ෂා ස්වර්ණමාලී කියන ගැහැනියව 360 කියන දේශපාලන වැඩසටහන මෙහෙය වන තවත් ගැහැනියක් වන දිල්කා සමන්මලී ප්‍රශ්න කිරීමකට ලක් කරන හැටිත්, ඒ ප්‍රශ්න කිරීම වලට උපේක්ෂා කියන ගැහැනිය දෙන පිළිතුරු වලට උපහාසයෙන් හිනා වෙන, දෙවරක් නොසිතා ඇයට අපහාස කරන්න පෙළබුනු මිනිසුන් (ගැහැනු/පිරිමි) දැකපු මට හිතුනේ රූපවාහිනි නාලිකා මොන තරම් නම් සාර්ථකව (බහුතර ලාංකීය) මිනිස් මනස ග්‍රහණය කරගෙන තියනවා ද යන්නයි... වැඩසටහන අතරතුර දිල්කා සමන්මලී නම් ගැහැනියගේ මුහුණේ හැඟිම් ද නිහඬව කියවූ මට සිතුනේ රැකියාව බේරා ගැනීමට අමතරව ඇයත් එයින් කිසියම් වින්ඳනයක් ලබන බවයි..

මිනිස්සු කවදා වටහා ගනී ද ඒ තමන් හිනා වුනේ, අපහාස උපහාස කලේ, උපේක්ෂා කියන ගැහැනියට නොවන බවත් තම තමන්ටම බවත්..

ඔබට මතක නම් ඒ වැඩසටහනට අපේ රටේ බුද්ධිමත් ජහ මනයාගේ ජන්ද වලින් තේරි පත් වුනු ඇයව ගෙන්නුවේ ඇගේ දේශපාලන ජයග්‍රහණයේ උණුසුම යන්න කලින්, ඒ තමයි රූපවාහිනි නාලිකාවක සමාජ කියවීම, එහෙමත් නැත්නම් කල දුටු කල වල ඉහ ගැනීම. එදා ඒ ප්‍රශ්න කිරීම් ඇතුලත් වැඩසටහනේ පිටපත ලියන කෙනාගේ රූකඩ උනු අය කී දෙනෙක් ද.. ඒ වගේ තවත් නනාවිධ පිටපත් ලියන අයගේ රූකඩ වෙන/උනු අය කී දෙනෙක් ද, මාකටින් කියන්නේ අතේ පැලවෙන බොරුවක් උනත් ඇත්ත වගේ දැනෙන තරම් මිනිස් මනස මායාකාරී තැනකට ගෙන ඒමට ලෝකේ පුරාම භාවිත වෙන දෙයක් කියලයි මට හිතෙන්නේ..
කිසියම් කෙනෙක් ඉතා ආකර්ෂණිය විදිහකින් කිව්වොත් නව සොයා ගැනිමකින් ගින්දරට අත ඇල්ලු විට පිච්චෙන්නේ නැති බව සොයාගෙන ඇති බවත්, ඔබට මේ දැන්ම ඔබේ අත ගින්දරට අල්ලා සැක හැර බලාගත හැකි බවත්, එසේ කල අයගේ පෙර සහ පසු ඡායාරූප බොහොම ආකර්ෂණීයව පෙන්වා, මුදලිනුත් ත්‍යාගයක් පිරිනමන බවත් කිව්වා නම් ගින්දරට කට්ටිය අත අල්ලන්නේ තරඟෙට.. 



ප.ලි.: මාකටින් කියන නමින් පටන් අරන් රැකියා කරන අය සමඟ මොනම විදිහක හෝ සම්බන්ධකමක් පටන් අරන් පවත්වාගෙන යාමේදි හොඳ සිහියෙන් ඉන්න.. ඒ වගේම ඒ රැකියා වලට ඉල්ලුම් කරද්දිත්, රැකියාව බාර ගනිද්දිත්  ඔබට රැකියාව ඇතුලේ කරන්න වෙන දේවල් ගැන හොඳ අවබෝධයක් තිබීමත් වැදගත්..

2 comments:

  1. 1. “Advertising is legalized lying.”
    ― H.G. Wells

    2. “Doing business without advertising is like winking at a girl in the
    dark. You know what you are doing but nobody else does.”
    ― Steuart Henderson Britt

    ReplyDelete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.