නෙලන්න
බැරි අතු අඟ මල් මොටද පිපෙන්නේ, ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ
කියන පද ටික ලඟදි දවසක ඇහෙද්දි, මලේ මලේ ඔය නා මල නෙලා වරෙන් - අත්ත බිඳෙයි
පය බුරුලෙන් තබා වරෙන් කියන පද මතක් උනත්, ඇදි ඇදි යන්න නදී රිදි තලාවෙ
වගේ කාලය කවුලු දොරින් පැන යන හින්දම, සීතල දිය පිරි සුනිල විලක පිපුනු
සුවඳ මලට දේදුන්නෙන් පියඹා එන, සමනලුන්ගෙන් මම ඇහුවෙ නැ කියන්න කවුද ඔබ
කියා අහන්න උනිමි බල බලා කියා..
ඒ උනාට ගඟක් සේ ඔබ ගලා ඒ නම්,
නෙලන්න බැරි දුරින් පිපුනට, සත් මහළින් බැස එන්නම් ඔබ මා පිළි ගන්නවා නම්
ආදරයේ පිය ගැට පෙළ පාර කියාවි කියලා කිය උනාම මෙන්න කියනවා සකුරා මල්
පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ.....හිම රේණු වැටෙනා සීතලේ මට
මතකයි මන බැන්ඳු සිනා ඔබේ, කුඹුකේ ළිඳ ලඟ දී...
ඉතින් මන් කිව්ව
දුර පෙනෙන තැනි තලාවකින් හද විල කලඹන පෙම් ජල රේඛා, ඇසේ මධුර ජීවනයේ ගීතා
නාමු අමා දහරේ කියලා ඔන්න ඒ පාර කියනවා, වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා
පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා, ජීවිතේ කවියක් ආදරය එහි සොඳුරුතම වදනක්
ලූ.. එහෙමද.. ඔව් එහෙමලු.. මට මතකයි මන බැන්දූ සිනා ඔබේ කියූ කෝකිලයන්ගේ
කෝකිල නාදේ අසමින් සන්සාර සාගරේ ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නෙමි.. ඔබ
සොයා පදවන්නෙමි..කවුද.. රත්තරන් නෙත් දෙකින් සලා සිසිල් පවන්..සොඳුරු
අතීතයේ නිමල පැතුම වූ මගේ රත්තරන් හෙලේනා.. වළාකුලින් බැස සමන් කුලත් වැඳ
වසන්තෙ නිදා වුන් යොවුන් කෝකිලාවන් දෙනෝදාහක් අතරේ කවුරුදෝ මා තනි කලේ
පාසල් බිමේ..
ප්‍රේමයේ මන්ද හාසිනි, යෞවනේ සිහින සාදනි, කඳු පාර
ඈත අයිනේ සිටිනා මදු ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවියේ, සෙනෙහසකට අරුතක්
පුරවන්නට මේ අහ ගන්න...ඉතින් ඊට පස්සේ ..සඳ කිනිති නැමී, නිල් දියට එබී,
මටත් හොරෙන් මගේ සිතින් සොයයි සේයාව සඳේ, නවාතැන් පොළ නුඹයි නුඹගේ
හිනාවයි... ජීවීතේ දිඟු වන්දනා ගමනේ ගයා ගීතයන් ගමේ වෙල් එළියේ...දුව පැන
ඇවිදලා සෙල්ලම් කලේ.. පොඩ්ඩක් ඉන්න මේ අහන්න.. අකලට වට මහ වරුසාවක් සේ.
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ ඇයිදෝ යලි ආවේ.. ආවේ ද... කැන්දන් යන්නම් රන්
මල් දලා පායනා තරුවේ... එහෙමද. ඔව් එහෙමයි.. සල් මල් වැල් ඔන්චිලි බන්ඳා ඔබ
එහි හිඳුවන්නම්..සඳ සිහිලේ මීදුම් හෙවණට එක් කරගෙන යන්නම්... නවතින්න
හිතුවාට ඔබ මේ අහන්න, රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ.. මගෙ හද
දිනු ආදරය සොරාගෙන වෙනකෙකු නොවැ අද ඉන්නේ..
ඒත් එක්කම රෑ අඳුර ගේ
ඇතුලට ගලාගෙන එන හින්දම ජනේලේ වහද්දි මට ඇහුනේ ඔබ දුටු ඒ මුල් දිනේ සිදු
වුනු සැම දේ දෑස පියා ගත් කල මට මැවී පෙනේ... කවුලු පියන්පත් වහන්න සඳලු
තලාවේ... ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ කියන ආත්මීය ගීය හරිම දුක්බර
හඬකින්.. ඒ දුක්මුසු හඬත් එක්ක එකාත්මික උනු මගේ හිත මට විතරක් ඇහෙන්න
කිව්වේ චන්ද්‍රා මේ රෑ පායා ආවාට...අවසර නැත මට ඔබේ අත ගන්නට, බැමි බැඳ
ඇත ලොව සතර අතේ... හීනයකි මට ආදරේ... හැඟෙනවා මට ජීවිතේ කියා..
හිරු ඉපදෙන විට නෙලුම් පිපෙන ලෙස ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල්
විලේ, සුන්දර වරදක් වූ ආදරය, සැරයටියෙන් අපි යනෙන තුරා සෙවනැලි වාගේ ඔබේ
මගේ ජීවිත වලට, ඈත එපිට හිම කන්ඳෙන් කලු වලාවන් සමඟින්, සුපෙම් සුවඳක්
අරන් පායා එන නිසාම බලන්න මේ කතාව තව දුරට ගෙනියන්න පුලුවන් ද කියලා ඔයාලා
කාට හරි, ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ කිව්වට, ගී ලියන්න මට කිව්වේ ඔබෙ
නෙතයි, කවි කියන්න මට කිව්වේ ඔබෙ නෙතයි කියන නුහුරු නුපුරුදු රහස පිලිබඳ
අත්දැකීම් ඇතිනේ හැමෝටම, පාවේ වලා ඈත කඳු බලා පෑ ආදරේ අමා මා හද
මවා.....නීල බිඟු කැල තාම රස පෙළ ආදරෙන් සනසා පහන් නොවන රැයක ඇවිද යමුද
රීදී නිම්නයේ සිහිල් සුලං රැල්ලට ඔබේ සුවඳ මුසු වූ මේ පාලු සීත
රාත්‍රියේ....
ප.ලි.: කියවද්දි ඔබ මෙතෙක් මේ ගී අසා ඇති හුරු පුරුදු තාලයට කියවීමෙන් වලකින මෙන් කරුණාවෙන් ඉල්ලමි...
මරු....!!
ReplyDelete👍👍
මරු නම් මරු .... :) :)
Delete