පුංචි පුතේ, ඊයේ පෙරේදා පහු වුනේ ඔයාගේ හත්වෙනි උපන්දිනය, පුංචියට හිටපු ඔයා දැන් දැන් වඩාගන්නත් බැරි තරම් ලොකුයි..
පුතා
මටත් වඩා උස යන දවසත් වැඩි ඈතක නෙමේ...
මීට අවුරුදු 7කට කලින් එක්
ඉරිදා දිනක උදෑසන මම නුඹව මෙළොවට බිහි කලත්, ලේ කිරි කර නුඹට පෙවු නුඹේ
අම්මා උනත්, මට නුඹෙන් මගේ දෙකකුල් ලඟ බිම දණින් වැටී වැඳුම් එපා
පුතේ, හැකි නම් මගේ සිනහවට නුඹේ සිනහව එක් කරන්න, මගේ කඳුලට නුඹේ කඳුලැලි
එක් කරන්න, මගේ නිහඬතාවය පිටුපස ඇති නොකියවුනු මිනිස්කමේ කතාව කියවන්න.
එදිනට නුඹ වටහාගනු ඇත පිදිය යුත්තන් කවුරුන්ද කියා...
පුතාට පුංචිම
කාලේ වචන හුරු කරන්න අම්මට තාත්තට වඳින ගාථා හුරු කලාට කවදාවත්ම
මම කියලා නැහැ මට වඳින්න කියා, ඒ ඇත්තටම මම අම්මා කෙනෙක් කියා මට තවමත්
නොහිතෙන නිසත් වෙන්න ඇති.. මගේ උණුසුම දැනෙන තරම් ලං කරගෙන හිමින් ඈත්
කරනවා මිසක්, අපි එකිනෙකාගෙන් වෙන් වෙන ඕනම මොහොතකදී දවසේ ඕනම වෙලාවක ඕනම තැනකදි... පුතා කිසි දෙයක් කරගන්න බැරි අසරණයෙක් වගේ මගේ කකුල් ලඟ බිම දණගැසීම මට
කොහොමත් දරා ගන්න බැරි දෙයක්.. මිනිස් පැටව් කියන්නේ ඒ වගේ තමන් අවට
පරිසරයෙන් සම්පූර්ණයෙන් යැපෙන්නන් උනත්..
No comments:
Post a Comment