ගිහි ජීවිතය කලකිරී (නො)කියා පැවිදි වන අය (ඉතාම සුලුතරයක් හැර) තම මරණය
තෙක් යැපෙන්නේ කාගෙන් ද.. තම යැපීම ගිහි ජීවිතය ගෙවන අයට බලෙන්ම බාර දී නේද
ස්වකැමැත්තෙන් හෝ අන් අයගේ බලපෑම් මත
ගිහි ජීවිතය
අතහැර යන්නේ.. දැන දැනම තවත් කෙනෙකුගේ දාඩිය මහන්සියෙන් තමන්ගේ යැපීම
පවත්වා ගන්න නම් ඇයි ගිහි ගෙය අත හැර යන්නේ..
ඒ යැපීම වෙනුවට සමාජයේ නැති
බැරි අසරණ අයගේ ජීවිත පහසු කරවීමට කිසිවක් වෙනවාද නැත්නම් ගිහිගෙය කලකිරී
යන අය වෙනුවෙන් ගිහි ජීවිතය ගෙවන අය තවත් "පව්" පුරෝගෙන මුදල් හම්බ කරමින්
වෙහෙසකර ජීවිතයක් ගෙවා දැමීම ද වෙන්නේ.. රන්ඩු සරුවලුත් වෙනවනේ, නැද්ද
බලන්නකො දායක සභාවකට ගිහින්...
ස්ථිර ආදායම් මාර්ගයක් නැති කන්න
බොන්න නැති ඉන්න හිටින්න තැනක් නැති ගිහි ජීවිතය ගෙවන කී දෙනෙක් ඒ යැපුම්
ක්‍රමයෙන්ම උඩට ගන්න පුලුවන් ද.. ඒත් එහෙම කරනව ද මිනිස්සු, එහෙම කරන්න
ඉඩක් තියනව ද හදලා, නැහැ ඇයි ඒ... පින් ලැබෙන්නේ ගිහි අය කිසිඳු හේතුවකින් තොරව
මරණය තෙක් රැකීමෙන් නොවන
බව උගන්වා ඇති නිසා නේද... ඒකට දහසක් හේතු හදාගෙන තියනවා නේද..
අපේ
හිත්වල තව කෙනෙක් අපිව සම්පූර්ණයෙන් කිසිම හේතුවක් මත නඩත්තු කල යුතුයි
කියන මතය පිළිසිදීම කොහෙත්ම සුදුසු දෙයක් නෙමේ කියලයි මට නම්
හිතෙන්නේ..දෙමාපියන් දරුවන් අතරේ උනත්.. අවශ්‍ය වෙලාවක අමාරු අපහසු වෙලාවක
ලෙඩකදි දුකකදි උදව් කිරීම යනු වෙනම දෙයක්...
මෙවැනි පුදබිම්, පන්සල්
(දේවාල) නමින් හඳුන්වන ස්ථාන වලට ලැබෙන ආධාර වලට මොකද වෙන්නේ.. ඒ ස්ථාන සහ
ඒවායේ ජීවත් වන අයගේ පැවැත්මට යෙදවීම අමතරව සමාජයට මොනවද ඒ ආධාර වලින්
වෙන්නේ..
මිනිස්සුන්ගේ හිත් වල ලෝබය කියන එක ගිහි ගෙය කලකිරී අත් හැරීමෙන් පමණක් නොසිඳෙන නිසා ගිහි ජීවිතය ගෙවන අයගෙන් ලැබෙන හෝ ස්වාභාවිකව
ඇති දෙයකින් තම කුසගින්න නිවා ගැනීම පමණක් (ජීවත් වීමට අවශ්‍ය තරමට
පමණක්) සුදුසු බව පොතේ පතේ සඳහන් කරුණු බව අප දන්නා මුත් ප්‍රායෝගිකව සිදු
වන්නේ කුමක් ද කියා විමසිල්ලෙන් බැලුවොත් කොයි තරමක් ඒ නියම හේතුවෙන්
අපගමනය වී ඇති දැයි පෙනෙනු ඇත.. (මෙය පමණක් නොවේ, බොහෝ දේ)
ඒ පෙනුනත් ඔබට දෙඇස් නොපෙනෙන අන්ධයෙකු සේ කිසිවක් නොකර
ගොලුවෙකු සේ
කිසිවක් නොකියා ජීවත් වීමට කිසිඳු බාධාවක් නැත.. අවස්ථාවදීන් සහ ආත්මාර්ථකාමින් ඔබේ නිහඬතාවයේ උපරිම ඵල නෙලා ගනු ඇත..
ප.ලි.: මේ කතා බහෙන් ඉතාම සුලු කොටසක් ගෙයක් පන්සල් බවට පරිවර්තනය කර ඇති තැනක දානය පිළිබඳ ඉමහත් වෙහෙසක් ගන්නා (විවිධාකාරයේ ගැටලු වලින් මිරිකී සිටින තම දියණිය ගැන පවා සංවේදී නොවී) එක්තරා උපාසිකාවක සමඟ කිරීමට ගොස් තුන්වන ලෝක යුද්ධය ඇති නොවී බේරා ගත්තේ මා වාද කිරීමට අකමැති නිසාමය..
No comments:
Post a Comment