Monday, April 9, 2018

අළු යට සැඟවූ යොවුන්වියේ හැඟිම් නම් ගිනි කඳු තව දුරටත් සඟවමු ද.. නැතිනම් නිවා සිසිල් කරමුද..

යොවුන්වියේ හැඟිම් ගැන (පමණක් නොව පොදුවෙ හැඟිම් ගැන) සමාජයක් තුල බොහෝ විට කතා කෙරෙන්නේ කිසියම් වරදකාරි බවක් බලෙන් ඔබ්බවා මිස ඇත්ත ඇති සැටියෙන් දකිමින් නොවේ කියා මට බොහෝවිට සිතේ..

ජිවිතයේ එක් අනිවාර්ය පියවරක් විදිහටත් අනාගතයේ හැඟිම් එක්ක සාර්ථකව වැඩ කරන්න අයුරු ඉගෙන ගැනිමට යන මාවතේ එක් හැරවුම් ලක්ෂ්‍යක් ලෙසත් හඳුන්වන්න හැකි මේ යොවුන්වියේ හැඟිම් දරුවන් කොහොමද නිසි ලෙස හසුරුවා ගන්නේ කියා දැනුවත් කිරීම හරිම වැදගත් කියා මට සිතෙන්නේ එදිනෙදා අහන දකින් දේ නිසාමයි.. පසු කාලිනව වැඩුණූ වැඩිහිටියන් ලෙස සමාජයේ ක්‍රියාකාරිව සමබරව හැසිරෙන්න.

අත්දැකීම් තරම් මිනිසා සම්පූර්ණ කරන කිසිවක් මෙළොව නොමැති නිසාම මේ ගැන දරුවන් සිටින දෙමාපියන් දැනුවත් වෙන්නම ඕන කියා මට සිතෙන්නේ තමනුත් යොවුන්විය නම් හැඟිම්බර ක්‍රියාශිලි අවධිය පසුකර පැමිණි අය බව අමතක කර හැසිරෙන වැඩිහිටියන් දකින විටයි යොවුන් පරපුර ගැන නොයෙකුත් විවේචන ඉදිරිපත් කරන..

හැඟිම් කියන්නේ කිසිම විදිහකින් සිර නොවිය යුතු අනාරධිතව සිතට ආ විදිහටම හිතෙන් පිට වී යා යුතු ආගන්තුකයෙක් කියා සිතුවොත් හැඟිම් වලට වහල් නොවී අවබෝධයට යන පාර කියා දීමට හැකි වනු ඇත කෙනෙකුට.. ඒ වගේම යම් හැඟිමක් සිතට දැනුනු විට කෙසේ ක්‍රියා කල යුතුදැයි විවෘතව සාකච්ඡා කිරීම තුලිනුත් යම් අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත..

මිනිස් හිතට දැනෙන හැඟිම් පිට නොකර සඟවා ගැනිම යනු මානසික ගැටලු රාශියකට අත වැනිමක් බැවින් නිසි ලෙස දැනෙන හැඟිම් හසුරුවා ගැනිමට දරුවන්ට කියා දීම අත්‍යාවශයම දෙයක් .. යොවුන් කාලයේ පමණක් නොව ළමා කලයේ සිටම ජීවිතයේ හැම කාලයකදීම.

හැඟිම් පෙන්වීමට වඩා බොහෝ විට සමාජයක් පුරුදු වී සිටින්නේ හැඟිම් සැඟවීටමයි.. පවුලක් ඇතුලේ උනත් හැඟිම් සැඟවිම් අනන්තවත් දකින්න හැකි දෙයක්.. ඒ සමරහවිට හැඟිම් ගැන විවෘතව කතා කිරීම වරදක් ලෙස අර්ථ දක්වා ඇති නිසා ද විය හැකියි විවිධ සංස්කෘතීන් තුලින්.. එහෙත් මිනිසා කියන සතා සෑදි ඇත්තේ සෑම මොහොතකම එක් එක් ආකාරයේ හැඟිම්  දැනිම් දැනෙන ලෙස මිස නොදැනෙන ලෙස නම් නොවේ.. ඉතින් දැනෙන දෙයක් නොදැනෙන ලෙස රඟපැම යනු කොතරම් අපහසු දෙයක් ද කියා මම අමුතුවෙන් පැවසිය යුතු නැහැනේ

ඉතින් යොවුන්වියේ දැනෙන හැඟිම් ද මෙසේ කතා නොකර සැඟවිමෙන් වන්නේ ඉතාම ලෙහෙසියෙන් සුන්දරව පසු කල යුතු ජීවිතයේ අවධියක් ඉතාම කලහකාරි බවින් යුතුව පීඩනයකින් ගත කිරිමට සිදු වීම නොවේද.. මේ අළු යට සැඟවූ ගිනි පුපුරු එළියට එන්නේ ගිනි කඳු පුපුරන්නාක් මෙනි පසු කාලිනව..

මේ ගැන මට ලියන්න හිතුනේ අවස්ථා දෙකකදි දැකපු සිදුවීම් දෙකක් නිසයි. ඒ යොවුන්වියේ ආදරයක් පොදු තැනකදි විඳින පාසැල් දෙකක යුවලවල් දෙකක් තැන් දෙකකදි අහම්බෙන් දැකිමෙන් පසුවයි.. ඒ දසුන් දෙකේදීම ඒ දරුවන් කෙරෙහි තරහක් නොරිස්සුමක් මගේ හිතට ආවේ නැහැ.. (මගේ යොවුන්කාලේ එතරම් නිදහස නොලැබුනත් )

ඒ වෙනුවට  මතකයට ආවේ  පාසැල නිමවී මගේ සුලැඟිල්ලේ එල්ලී එන මගේ පුතා නුඳුරු අනාගතයේදි මේ අවස්ථාවට මුහුණ දීමට සිටින කෙනෙක් නේද කියායි.. ඒත් එක්කම මගේ දෙතොලඟට නැඟුනේ හිනාවක්.

2 comments:

  1. ඔය විදිහට හිතනවා අහන්නත් සතුටුයි!

    ReplyDelete
    Replies
    1. මගේ පුතා (හෝ වෙන ඕනම කෙනෙක්) මම ලබපු නැති/ඇති නිදහස ලබනවා දකින්න ඇයි මම අකමැති වෙන්නේ.. මම විඳපු නැති/ඇති මිහිරි හැඟිම් එකක් නෑර ඔහු විඳිනවා දකින්න මම කැමතියි.. ඒ හැඟිම් කෙළවර ඇති හිස් බව ඔහු වටහා ගන්නම ඕන.. :) :)

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.