Monday, April 16, 2018

ඔබට "පින්" කරන්න(ම) ඕන කියා සිතුනු විට....

ඔබට "පින්" කරන්න(ම) ඕන කියා සිතුනු විට (බොහෝ විට ඔබේ සිතට යම් අසරණකමක් තනිකමක් දැනුනු විට එහෙමත් නැත්නම් දහදුක් විඳ මුදල් හදල් හොඳින් ගැවසෙන විටක) ඔබ වෙනුවෙන් වෙහෙසෙන (එක් දිනක් හෝ එක් තප්පරයක් හෝ) ඔබේ ආදරණීයයන් වෙනුවෙන් දිනක් වෙන් කර ඒ අයට විවේකයක් දී ඒ අය වෙනුවෙන් වෙහෙසෙන්න පුරුදු වෙන්න, කොහේවත් නැති ඔබේ ජීවිතය වෙනුවෙන් කිසිවක් නොකල අය වෙනුවෙන් වෙහෙසීම පසෙක තබා.


ඒ ආදරණීයයන්ගේ දිනක් හෝ ඔබ වෙනුවෙන් වෙහෙසීමට නැවතීමේ තිතක් තබා හොයන්න ඒ කෙනා කැමති දේ.. දෙන්න උපරිමයෙන්.. සමහරවිට ඔබට කරන්න තියෙන්නේ නිහඬව ඔබේ වැඩක් කරගැනීම පමණක් විය වැකියි ඒ කෙනා වෙනුවෙන්.. ඒ වගේම හිතන්න ඔබේ අසල්වැසියන් ගැන.. අවට පරිසරය ගැන.. සත්තු ගැන, මිය ගිය අයට "පින්" දෙන්න (ම) ඕනේ කියා සිතේ නම් ජීවත් වු කාලයේ ඔවුන්ගෙ සිතුම් පැතුම් වටහා ගනිමින් ඔබෙන් ඔවුන් බලපොරොත්තු වූ මාවතේ ජිවිතය ගෙනයන්න..

ඔබට පින් ඕන (ම) කියා ඔබට සිතේ නම් සැනසිලිදායක නිදහස් තැනකට ගොස් ඔබේ සිත ගැන විමසලා බලන්න ඉඩ හදා ගන්න නිහඬව අන් අයට පරිසරයට කිසිම විදිහකින් අවැඩක් කරදරයක් හිරිහැරයක් වෙනසක් නොවන.. පින්/පව් කියන සංකල්ප වලින් ඔබේ හිත අයාලේ නොයැම වගබලා ගැනීම ඔබේ වගකීමක්..උදව් කිරීම සහ පින් පටලවා නොගන්න..

මගේ පුතාට මා හුරු කරන්න උත්සහ කරන්නේ එයයි.. ඔහු වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන අය සහ ඔහු අවට පරිසරය ගැන සංවේදි කරවීම මිස ගව් ගානක දුර තියන ආගමික ස්ථානයක් හෝ  මිනිස් මනසේ නිර්මාණශීලිත්වයේ ප්‍රතිඵල වූ අතීතයේ විසූ යැයි කියන සුවිශේෂ මිනිසුන් ගැන හෝ  නොපෙනෙන දිව්‍ය ලෝකයක් හෝ අපායක්  ගැන සංවේදි කරවීම නොවේ..

1 comment:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.