Wednesday, April 11, 2018

කූඹියෝ කන සහෝදරයාට ලියමි..

රැවටිලිකාර කුරිරු අතීතයක
සැඟවී ගිය  මිනිසුන්ගේ මිනිස්කම
සොයන්න හැකි නම් ඒ
මිනිසුන්ටම පමණි...
හැබැයි තරඟයෙන් මිදුනු
මිනිසුන්ට පමණි...

.

කූඹි රැළක් මෙන්
දිවා රෑ කන්න දේ රැස් කරන
මිනිසුන්ට නොව
සහෝදරයාගේ  නූපන් දරුවා රකින්න 
තම ජිවිතයෙන් වෙලාව  වෙන් කල හැකි 
අනිකාගේ හැඟිම් දැනීම් තමාගේ මෙන් දැනෙන 
දැනුනු විට නැවතිය හැකි හදවත් ගල් නොවු 
අසම්පූර්ණ මිනිසුන්ට පමණි.....

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මම යූ ටියුබ් එකෙන් බලල ඉවර කලේ අද. කූඹියෝ එක්කම වගේ විකාශය වුණ එකෙන් සහෝදරයට වුණේ දැවැන්ත අසාධාරණයක් මම හිතන්නෙ. කූඹියන්ට වඩා සෑහෙන උසස් ජීවිතයට වටින කතාවක්. කොහොමවුණත් කූඹියෝ කල ලක්මාල් ධර්මරත්න, සහෝදරය කල නාමල් ජයසිංහ සහ මේ වගේ කතාදෙකක් විකාශය කල ITN යන තුන්ගොල්ලටම අපේ ආදර ගෞරවය හිමිවෙන්න ඕනේ. බැලුවද ලක්මාල් ආව සංවාදය වැඩසටහන? ගිය ඩේටා අපතේ නොයන පැය දෙකක්. https://www.youtube.com/watch?v=LODdLwOFLwQ

    ReplyDelete
    Replies
    1. නිර්මාණ කෙසේ ප්‍රදර්ශනය උනත් මිනිස්සුන්ගේ තෝරා ගැනීම එකම වීමේ ඉඩකඩ වැඩියි..

      කලබල ගතියට කැමැති අය සහ නිහඬ යමක් නිවිසැනැසිල්ලේ හිතන්න කැමැති කියන එකිනෙකට වෙනස් හැසිරිම් සහිත මිනිසුන් කොටස් දෙකක් තමයි මා දැක්කේ මේ නිර්මාණ දෙක වවටා රැස් වුනු..

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.