දරුවෙක් ඉපදීමෙන් පසුව අවුරුදු 6න් ආරම්භ වන අධ්‍යාපනය අවුරුදු 13කින් නිම වන විට ඒ දරුවාට අවුරුදු 19ක්.. ඉන් පස්සේ උසස් අධ්‍යාපනයට අවුරුදු 3ක් හෝ 4ක් නම් වයස 23/24 ක්..(තවත් ඉහලට ඉගෙන ගන්නවා නම් වයස ඊටත් වැඩියි) ඉන් පසුව රැකියාවක් සොයාගෙන යම් ස්ථාවරයක් හදා ගන්නා විට වයස 29ක්.. ඉන් පස්සේ කසාඳයක් බැඳ ළමයි හදලා ඉවර වෙද්දි ජීවිතේ මැදි වයස.. එතනින් එහාට තමන් අමතක කර දරුවන් වෙනුවෙන් තමන් පොඩි කාලේ කරගෙන ආව දේවල් කල යුතුයි.. ඉතින් කොහෙද මිනිස් මනසට විවේකයක් අලුතෙන් හිතන්න නිර්මාණශීලි දෙයක් කරන්න... සන්සුන්ව ජීවිතය විඳින්න..
බොහෝ නිර්මාණශීලි අලුතෙන් හිතන්න පුලුවන් දරුවන් පොඩි කාලේ තමන්ගෙ අලුත් අදහස් වලින් නව නිර්මාණ කලාට ඒ දරුවන් වැඩිහිටියන් වෙද්දි ඒ නිර්මාණශීලිකම ජිවිතේ තරඟය එක්ක ඉබේම සැඟවිලා.. වෙහෙසකර මිනිසුන් කොහොමද අලුතෙන් හිතන්නේ තියන විදිහට පහසුම විදිහට ජීවිතේට මුහුණ දෙනව මිසක්...
අත් හරින්න කියා දෙන බුදු දහම භාවිතා කරන්නෙත් මේ තරඟේ දිනන්න වීම මොන තරම් අවාසනාක්ද කියා දැනෙන්න තවත් කාලයක් යාවි.. පටු අරමුණු තවත් හේතුවක්..
මේ එකම රටාවට සිදු වන චක්‍රයේ පුංචි පුංචි වෙනස්කම් කීපයක් කලා නම් දරුවන්ට අභියෝග වලට මුහුණ දෙන්න, අලුත් විදිහට හිතන්න, අලුත් නිර්මාණ කරන්න, ජීවත් වෙන්න කාලයක් වෙන් කරන්න පුලුවන් නම් අසාධාරණේට බය නැතුව කතා කරන්න ස්වාධීනව වැඩ කරන්න පුරුදු කලා නම්..
සමඟියෙන් සාමුහිකව ඉන්න ඕන උනාට තමන්ව යටපත් කරගෙන මේ ගත කරන්න වෙලා තියන ජීවිතය ගත කලාට මිනිස්සු ඉන්නේ සතුටෙන් ද...
No comments:
Post a Comment