Wednesday, January 31, 2018

හරිම ලේසියි...කරන්න තියෙන්නේ නොගැටී නොබැඳී ඉන්න..


ඔබට කෙනෙක් හේතුවක් ඇතුව හෝ නැතුව රිදවනවා නම්, එහෙමත් නැත්නම් කෙනෙක් ආත්මාර්ථකාමි විදිහට හැසිරෙනවා නම් ඒ පුද්ගලයා සමඟ ගැටීම නවතා නිහඬව හොයන්න ඒ පුද්ගලයාගේ අතීතය, ජීවත් වුනු පසුබිම් පරිසරය වටා ගෙතුනු ඒ පුද්ගලයාගේ ජීවන කතාව ඔබට හෙමින් විවෘතව නිගමන වලට එන්නේ නැතුව කතා කරන්න පුලුවන් නම් ඔබට දකින්න පුලුවන් වේවි බොහෝ හේතු ඒ හැසීරිමට...  

එවිට සමහර විට ඔබට පුලුවන් වේවි ඒ පුදගලයාගේ ජීවිතයේ අතීතයේ  සිදු වුනු අමිහිරි අත්දැකීම් වලින් ඇති වී තිබෙන මානසික පීඩනය අවම කරගන්න උදව් කරන්න. බොහෝ විට මිනිසෙක් තවත් මිනිසෙකුට රිදවන්නේ එහෙමත් නැත්නම් ආත්මාර්ථකාමි විදිහට හැසිරෙන්නේ ජීවිතයේ කිසියම් තැනකදි ඒ පුද්ගලයා බලාපොරොත්තු වු  ආදරය නොලැබීමෙන් වීමට බොහෝ ඉඩකඩ ඇති බව නූතන මනෝවෛද්‍ය පර්යේෂණ වලින් පෙනෙන දෙයක්... 

දරුවෙක් කුඩා කාලයේ  බලාපොරොත්තු වන දෙමාපිය ආදරය නොලැබීම  දෙමාපියන් අතින් සිදුවෙන්න පුලුවන් බහුලම බරපතලම අතපසුවීමක් කාර්යබහුල වීම නිසා වගේම නොසැලකිලිමත්කම නිසා.. ඒ වගේම ජීවිතයේ එක් එක් අවධි වල සමාජයේ විවිධ අයගෙන් තමන් බලාපොරොත්තු වූ ආදරය අවධානය නොලැබීමෙන් මනස ශක්තිමත් නොමැති පුද්ගලයන් අන් අයට රිදවීම පුරුද්දක් කර ගැනීමත් බොහෝ විට සමාජයක දැකිය හැකි සිදුවීම්.  

මේ කරුණු කාරණා කෙසේ උනත් ඔබ නැවත නැවත කෙනෙක්/දෙයක් සමඟ නොගැටේ නම් පසුපස ලුහුනොබඳි  නම්  ජීවිතය බොහෝ සාමකාමි ලෙස ගත කරන්න ඉඩ හදා ගැනීම නම් හරිම පහසු දෙයක්....

2 comments:

  1. මේකට කියන්න වචන නෑ...හරියටම හරි.කිසිම මිනිස් හැගීමකට විරුද්ධ වෙන්න ගැටෙන්න හොඳ නැහැ.ඒ ඒ වෙලාවට මිනිස් සිතේ ඇති වෙන සිතුවිලි අපිට පාලනය කරන්න බැහැනේ.හොඳම දේ නිහඬව තේරුම් ගැනීමයි.ඒත් සෝවාන් වත් නොවුන අපිටත් නිහඬ බව ඇතුළේ හිත රිදවීම රහසේ කඳුළු සැලීම් ඇති වෙනවා.ඒ තුල කලකිරීම් ස්වභාවයකුත් ඇති වෙනවා.තමන්ටවත් පාලනය කර ගන්න බැරි තමන්ගේ සිත කය එක්ක ජීවත් වෙන අපිට තවත් කෙනෙක් සම්බන්ධ උනාම අපි කොහොමද ඒ අයගේ දේවල් පාලනය කරන්නේ.එහෙම කරගන්න බැරි උනාම තමයි දුක් පීඩා ඇති වෙන්නේ.නිහඬ වීම,අනික් කෙනා මෙහෙම වෙයි කියලා බලාපොරොත්තු නොවීම තුල දුක් පීඩා අඩුයි.

    ReplyDelete
    Replies
    1. //තමන්ටවත් පාලනය කර ගන්න බැරි තමන්ගේ සිත කය//
      //නිහඬ වීම,අනික් කෙනා මෙහෙම වෙයි කියලා බලාපොරොත්තු නොවීම තුල දුක් පීඩා අඩුයි.//

      ස්තුතියි අදහස් දැක්වීමට...

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.