Monday, January 15, 2018

එහෙ මෙහෙ දුවන කූඹියෝ එක්ක නෙමේ...තරඟ කරන්න තමන් එක්කම කාලය එක්ක...

ඔබේ දරුවන්ට හුරු කරන්න තමන් එක්කම තරඟ කරන්න. ඊයෙට වඩා අද, අදට වඩා හෙට තමන් ඉන්න තැනින් මානසිකවත් ශාරීරිකවත් පියවරක් ඉදිරියට තබන්න කාටවත් නොරිදවා... ඔව් කාටවත්  නොරිදවා....අන්තිමට කිව්ව දේ නම් එතරම් ලේසි නැ.. ඒත් මනසින් උසස් මිනිස් සතෙක් විදිහට අපි පුලුවන් තරම් උත්සහ කරන්න ඕන මිනිස්සුන්ට නොරිදවා ඉන්න... මිනිස්සුන්ට වගේම සතුන්ට ගහ කොළ ඇතුලු අප අවට පරිසරයටත්...

තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයක ඒවායෙන් ඉවත්ව ගල් යුගයේ තබා දරුවන් හදනවාට වඩා මිටියක් අතට දී අත තලාගන්නේ නැතිව ගල් ලෙන බිඳ, ලෙන් දොර හරින්නට ඔවුන්ට කියා දුන්නොත් ඔවුන් ඔබවත් රැගෙන නව මංපෙත් කරා යමින් මායාකාරී වානිජකරණයටවත් පටු දේශපාලන අරමුණු වලටවත් ලිංගික අසහනකාරීන්ටවත් අසු නොවී වගකීම් සහගත ආදරණීය පුරවැසියන් බවට පත්වේවි....

මේ වචන එහෙමත් නැත්නම් මේ සිතුවිලි මොන තරම් මෙහෙම ලිව්වත් මේ අදහස් යොදාගෙන එක එක විදිහේ නිර්මාණ කාලෙන් කාලෙට බිහි උනත් කිසිම තේරුමක් නැහැ ප්‍රායෝගිකව වෙනසක් නොවෙනවා නම්....

ඒ කිව්වේ (කසාඳ)  බඳින්නන් වාලේ බැඳලා, (කසාඳ) බැන්ඳ නිසා පුරුද්දක් විදිහට  දරුවෝ වැල නොකැඩි හදලා ආර්ථිකය ගොඩ ගන්න (තවත් දේවල් මෙතනට එකතු කරන්න පුලුවන් ) දිවා රෑ  රේස් දුවන සමාජයක මේ වචන නටුවෙන් ගිලිහුනු පින්න මලක්  වගේ, සුවඳයි ලස්සනයි.. ඒත් වැඩක් නැහැ.. හුලඟට එකතු වෙලා පා වෙලා යන්නේ හරියට ගඟට කැපුව ඉණි  වගේ..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.