Friday, December 29, 2017

අත හරින්නම බැරි තැන ඇති වන බැඳීම්...

නිදහස් සරල ජීවිතයක් සන්සුන්ව වින්දනය කරමින් ගත කරන්න තියන ලොකුම බාධකය තමයි මෙන්න මේ අත හරින්නම  බැරි තැන ඇතිවන බැඳිම් හරහා ජීවිතයේ මතු වන සංකීර්ණතා.. විහින් ඇති කර ගන්නා මේ සංකීර්ණතා නිසාම ජීවිතය දුකක් කරදරයක් මහා පටලැවිල්ලක්  ලෙස බොහෝ අය අර්ථ දක්වයි.. අත හරින්නම බැරි තැනදිත් ඔබ අත හැරියොත්.... 



මට හිතෙන්නේ ඔබටම දරාගත නොහැකි තරමේ නිහඬතාවයක් තුල සැඟවුනු වචනයෙන් කිව නොහැකි සුන්දරතාවයක් ජීවිතයේ විඳින්න පුලුවන් වේවී කියලයි පටලැවිලි නැති....


ප.ලි: බොහෝ මිනිසුන් මෙන්න මේ නිහඬතාවයට බය නිසාම කොයි වෙලේ හරි කාත් එක්ක හරි බැඳෙනවා.. තමන්ගෙම ඇතුලාන්තය එක්ක තියන සුවහසක් ගැටුම් ලිහා ගන්නේ නැතුව තවත් එවැනිම කෙනෙක් එක්ක බැඳෙන මේ මිනිසුන් තුලින් ඉන් පස්සේ නොයෙකුත් බොරු මවා පෑම් එළියට එන්න ගන්නේ තමන්ටම තමන්ව පිළිකුල් වෙන නිසාද මන්දා...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.