Wednesday, August 29, 2018

ජීවිතය ඉතාම පහසු වීමට නම්...

ආදරය,කරුණාව වගේම අනෙකාට ගෞරව කිරීමට,තේරුම් ගැනීමට නොදන්නා මිනිසුන් (විශේෂයෙන් වැඩිහිටියන් කියා ගන්නා ආත්මාර්ථකාමී මානසික රෝගී ළඳරුවන්) ඔබේ ජිවිතයෙන් ඈත් කර දමන්න කිසිවිටක වෙන්න එපා පසුබට....

ඔවුන් නොයෙකුත් ආකාරයෙන් ඔබේ ජීවිතයට ඇතුල් වෙන්න උත්සහ කරාවි.. නමුත් ඔබ හොඳ සිහියෙන් සිටී නම් කිසිවෙකුටත් එසේ ඇතුලු විය නොහැකි වනු ඇත..කිසිඳු වාසියකට එවැනි අයව ලං කරගන්න එපා ජීවිතයට..කිසිඳු වරදක් නොකරන ඔබව කිසිඳු අයුරකින් අපහසුතාවයට පත් කරන්න ඉඩක් දෙන්න එපා මිනිස්සුන්ට..විශේෂයෙන් ඔබ ලඟම ඉන්න ඔබට සමීපම අයට දෙන්න එපා ඉඩක්..එසේ ඉඩ දීම ආදරය නොව ඔබේ නිවට කම..සහ අවස්ථාවාදින්ට රුකුල් දීමක්, ඉණිමන් බැඳිමක් බව වටහා ගන්න..

එවිට ඔබේ ජීවිතය ඉතාම පහසු වනු ඇත..ජීවිතය පහසු වීමට අවශ්‍ය මුදල් නොව..ආදරය,කරුණාව,බේධයකින් තොරව ගරු කිරීම,තේරුම් ගැනීම් බව වටහා ගත් දින ඔබ දිනනු ඇත ජීවිතය..එදිනට ඔබට හැකි වනු ඇත ඔබේ ජීවිතය සැඟවීමකින් තොරව සතුටින් සැහැල්ලුවෙන් ගෙවන ගමන්ම අර මුලින් කියූ අකාරුණික මානසික රෝගී මිනිසුන්ව යොමු කරන්න නිසි උපදෙස් ගත හැකි ස්ථාන වලට. එසේ කිරීමට ඇති එකම බාධාව ඔබේ දුර්වල හිත පමණක් බව වටහාගන්න හැකි නම් ඔබේ ජීවිතය වගේම තවත් ජීවිත දහස් ගණනක් සුවපත් කරන්නට ඔබට දායක විය හැකි වනු ඇත. එවැවින් පමා නොවී ඇත්තට බය නැතුව මුහුණ දෙන්න..

මේ ලෝකෙට කාරුණික,ශක්තිමත්,කෙලින් බුද්ධිමත්ව (උගත් නෙමේ හොඳේ) හොඳ සිහියෙන් වැඩ කරන ආදරණීය මිනිසුන් වැඩි වැඩියෙන් ඕනම කරන කාලයක් මේ...
ප.ලි.: මේ ටික කර ගන්න එක එක (උපාධි) සහතික පස්සෙයි, ආගම් පස්සෙයි,දේවාල පස්සෙයි,ඒවා වල ඉන්න රැවටිලිකාරයන් පස්සෙයි දුවන්න නම් ඕන වෙන්නේ නැහැ කියලා මම නම් දන්නේ අත්දැකීමෙන්..(පුදුමේ කියන්නේ ඕවා පස්සේ දුවන අය මැරෙනකන්ම මේ ටික කරගන්න අපොහොසත් වීමනේ..) ඕන වෙන්නේ ඔබ ඔබ දිහාම විමසිල්ලෙන් නැවතිල්ලේ බය නැතුව බැලීම පමණමයි..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.