තමන්ට
ලඟින්ම ඉන්න අය සමඟ හදවත් නොසඟවා විවර කරන්න පසුබට වන ඔබ ඔබේ තරහකරුවන්
(හෝ එතරම් සමීප නොවන අය) සමඟ මොන තරම් පහසුවෙන් හදවත් විවර කරනවාද යන්න
ගැන සිතා තිබේද...
මිනිස්සු මේ ක්‍රමය භාවිතා කරනවා (විශේෂයෙන්
පිරිමි අය) තමන් කෙනෙක්ට මොන තරම් ආදරේද කියා අනියම් විදිහකින්
කියන්න..ඒත් ඒ ආදරය කරන කෙනා ලඟදි මිනිස්සු ගොලුවන් සේ නිහඬයි.. ඉතින් කෙසේ
නම් ආදරයක් දැනෙන්නද පවතින්නද..
මේ නිසාම වෙන්න ඇති ඔය පහළ තියන නිර්මාණය බිහි වෙන්න ඇත්තේ..මිනිස්සු කවදා තම හදවත් තම සමීපතයන් ඉදිරියේ විවර කරනු
ඇති ද නොසඟවා ආදරණීයව ලයාන්විතව දයාබරව සැකයකින් තොරව..අන්න එදාට මේ
නිර්මාණය තව දුරටත් වලංගු නොවේ වගේම අනියම් සබඳතා වලට මිනිසුන් බේධයකින්
තොරව පෙළබීමද ඉතාම සීග්‍රයෙන් අඩු වෙනු ඇතැයි මට සිතේ...
ආදරය යනු අපහාසය,උපහාසය,පලි ගැනීම,බලපැම් කිරීම, අසංවේදීව ගණන් නොගෙන
සිටීමේ හැසීරිම්, අනෙකාගේ සතුටට පුලුවන් තරම් අකුල් හෙළිම් වලට එහා ගිය
සන්සුන් රමණීය අමරණීය දෙයක් බව මිනිසුන් වටහා ගත් දින ලොවම සුවපත් වනු ඇත..
අන්න එදාට මිනිසුන් මේ දිවා රෑ කියවන නිවන ලැබෙනු ඇතැයි මට සිතෙන්නේ බොහෝ
කලක සිටයි...
තවත් මිනිසුන් කොටසක් ඉන්නවා ඒ පරපිඩක කාමිත්වයට දැඩිව
ඇලුම් කරන..ඒ අයට ගැලපෙන්නෙත් එවැනිම අය මිස ආදරණීය දයාබර සංවේදි අය නොවන
බව වටහාදීමද ඉතාම අසීරු දෙයක්...ඒ වගේම සමාජය හදලා තියනවා
ආකල්පයක් ආදරය හොර රහසේ කල යුතුයි වෛරය එළිපිට කල යුතුයි කියා..ඉතින්
කොහොමද විඳින්නේ ජීවිතය විඳවනවා මිස බහුතරය...මේ නිසාම මිනිසුන් පුරුදු වෙලා
ඉන්නවා පිටතින් පමණක් ජීවිතය ගෙවන්න,ඇතුලත හිස්..එහි ඛේදජනකම දේ නම් ආදරය
පමණක් අඳුරන දරුවන් ආදරය නොහඳුනන වැඩිහිටියන් බවට අනුවර්තනය වීම..
No comments:
Post a Comment