ඕනම කෙනෙකුගේ ජීවිතයට අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්ගෙන් පසුව ලොකුම
බලපෑමක් කරන්නේ යාලුවන්නේ.. එහෙම නේද.. ඉතින් මගෙත් එහෙම තමයි.. පුංචිම
කාලේ නම් තෝරා බේරා ගැනීමක් තිබුනා කියලා කියන්න නොහැකි උනත් තේරෙන කාලෙක
ඉඳලා (O/L කාලෙන් පස්සේ) ලඟින් ඇසුරු කරන්න යාලුවන් තේරීම ඉබේ උන දෙයක්
නම් නෙමේ.. ඒ තේරිම් වලදි මම කලින් ලබපු අත්දැකීම්,වෙනත් අය ලබපු
අත්දැකීම්,අවට පරිසරයේ දැකපු දේවල් වගේම කියවීමෙන් එකතු උනු දැනුමත් කලේ
ලොකු වැඩ කොටසක්..(මම එක රටාවකට කොටු වී කියවන කෙනෙක් නම් නෙමේ..)
එදා ඉඳලම
මේ විදිහට තෝර බේරා ඇසුරු කරන නිසාම ඉතාම සමීප යාලුවෝ කිහිප දෙනයි මං ලඟම
ඉන්නේ.. අනිත් අය යාලුවෝ නෙමේ කියනවා නෙමේ.. ඒත් නොගැලපීම් ගොඩක් එක්ක
යාලුකම් පවත්වන්න ගිහින් හිත රිදව ගන්නවට වඩා ටිකක් ඈතින් ඉන්න එක හොඳයි
කියලයි මට හිතෙන්නේ.. එතකොට ඒ යාලුකම් වැඩි කාලයක් පවත්වා ගන්න පුලුවන් බව
මම දන්නේ අත්දැකීමෙන්..මේ විදිහට තෝරා බේරා ගැනිමකින් තොරව මට ගොඩක් සමීප
යාලුවෙක් ඉන්නවා නම්,ඒ මට සමීප අයගේ තෝරා ගැනීමක් නිසා ලං උනු අය..ඒ
කිව්වේ අම්මගේ යාලුවෝ, මල්ලිගේ යාලුවො,යාලුවන්ගේ යාලුවෝ.. දැන් මගේ පුතාගේ
යාලුවෝ..
අන්න ඒ ගැන තමා මට
අද ලියන්න හිතුනේ..මගේ පුතාගේ යාලුවො සහ මං ගැන..මගේ මේ තෝරා බේරා ගැනීම
නිසා මුල ඉඳන්ම පුතාට යාලුවෝ හොයා ගන්න එක ලේසි උනේ නම් නැහැ..විශේෂයෙන් මේ
වගේ නොදන්න රටක ඉන්නකොට මම තවත් ටිකක් වැඩියෙන් කාලය අරගෙන තමයි යාලුකම්
හදා ගන්නේ අවට ඉන්න අය එක්ක..මේ නිසාම ද මන්දා පුතත් හරි පරිස්සම් කියලා මට
හිතෙනවා යාලුකම් වලදි..
මොකද පුතාට යාලුවෝ ගොඩක් හිටියට ගෙදර ඇවිත්
කියන්නේ කීප දෙනෙක් ගැන විතරයි..එයාගේ පන්තියේ ගුරුතුමිය කියන විදිහට නම්
හැමෝම එක්ක සහයෝගයෙන් වගේම විනෝදෙන් ඉන්න අතරෙම කවුරු හරි හොරයක් බොරුවක්
කලොත් ඊලඟ දවසේ ඉඳන් ඒ කෙනාගෙන් ටිකක් ඈත් වෙලා කියනවලු එහෙම කරන්න එපා
කියලා.. මම පුතාගෙන් දකින්න කැමති උනෙත් ඒ වගේ හැසිරීමක්, එහෙම නැතුව
ආපස්සට රණ්ඩු කරන, ගහ ගන්න, එකට එක කියාගෙන යන චරිතයක් නෙමේ මට පුතා ඇතුලේ
හදා ගන්න ඕන..
මොන තරම් එකට සෙල්ලම් කලත් යාලුවා කරන්නේ නොගැලපෙන
වැඩක් කියලා තේරෙනවා නම් ඒ දෙයට එකතු වෙන්න එපා වගේම පුලුවන් නම් යාලුවාවත්
නවත්ත ගන්න කියන එක තමයි මම හැමදාම පුතාට කියලා දෙන්න උත්සහ කරන්නේ.. ඒ
අතරේ හිතන්නේ නැති ගැටලුත් ඇති උනත් පුතාගේ පන්තියේ ඉන්න බහුතරයක්
දෙමාපියන් හරිම විවෘත මනසක් තියන අය නිසාම තමන්ගේ දරුවගේ වැරද්ද පිළිගන්න
කිසිම කෙනෙක් මෙතෙක් කල් පසුබට වෙලා නැහැ වගේම ඒ සිදුවීම් දුර දිඟ
ගෙනියන්නෙත් නැහැ..දෙමාපියන් පොළවේ පය ගහලා ඉන්න අය උනාම දරුවො, දරුවෝ
විදිහට දකින්න ලේසි නිසයි එහෙම වෙන්නේ කියලා මට හිතුනේ..
ඒ නිසාම
පුතාගේ යාලුවෝ මගෙත් යාලුවෝ..කොහේදි කොහොම දැක්කත් කතා බහ කරන්න වගේම
තමන්ගේ ඕන දෙයක් මාත් එක්ක කියන්නත් මැලිකමක් මේ දරුවෝ පෙන්වන්නේ නැහැ ..
හැබැයි මම සමහර වෙලාවට පොඩි serious පෙනුමක් මූණේ තියා ගන්නේ කට්ටියගේ තරම
දන්න නිසාමයි..
මේ නගරයට ඇවිත් මේ ගත වෙන්නේ හය වෙනි වසර උනත්
අලුතින් ඇති කර ගත්තු යාලුකම් නම් තියෙන්නේ අතේ ඇඟිලි ගානට..මේ හැම
යාලුකමකම මුල මගේ පුතා.. ඒ වගේම මේ හැම යාලුකමක්ම හරිම නිදහස් වගේම හරි
විවෘතයි..කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට බල කරන්නේ නැහැ..ඕන වෙලාවක නවත්තන්න
පුලුවන් වගේම ආයේ පටන් ගන්නත් පුලුවන් කිසිම හේතු දැක්වීමකින් තොරව..
ඒ අර මම මුලින් කිව්ව තෝරා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵල කියලයි මට
හිතෙන්නේ..කොහොමත් එක විදිහේ කුරුල්ලොනේ එකම අත්තේ වහනවා කියන්නේ නේද..ඔබ
සහ ඔබ අවට යාලුකම් ගැන ඔබ මොකද හිතෙන්නේ...
අනිවාර්යන්ම
ReplyDelete:)
Delete