ලිංගිකත්වය
මුල් කරගෙන නොයෙකුත් විදිහේ අපහසුතා වලට මිනිස් සත්තු විදිහට අපි හැමෝම
ජීවිතයේ එක් එක කාල වලදි මුහුණ දීම අද හෙට නවතින දෙයක් නෙමේ..ඒ
වගේම ඒ අපහසුතා ගැහැනු පිරිමි බේදයක් නොමැතිව කතා බහ කිරීම තුලින් අවම කර
ගැනීමට මාවත් සෙවීමත් හරිම අඩුයි බොහෝ මිනිස් සමාජ වල.. ඒ නම් ලිංගිකත්වය
යනු එළිපිට කතා නොකල යුතු දෙයක් විදිහට සලකන නිසා වෙන්න ඕන (සමහර) මිනිස්
සමාජ වල..
දැන් දැන් ටිකෙන් ටික ඒ මාතෘකාව ගැන එක් එක් විදිහේ සංවාද
තැනින් තැන ඇති උනත් තවමත් තියෙන්නේ ප්‍රාථමික අවදියේ කියා මට සිතේ.. කතා
කරන විලාසය උනත් හරි ආවේගශීලි කියා මට හිතෙනවා.. කිසිම දවසක මම හිතන්නේ
නැහැ හැඟිම් වලින් මේ වගේ ගැටලු විසඳගන්න පාරක් හොයා ගන්න හැකි වේවි කියලා. අද ලියන්න හිතුනේ ඒ ගැන නෙමේ..මොනවද මේ ලිංගිකත්වය මුල් කරගෙන මුහුණ දෙන්න
වෙන අපහසුතා බේදයකින් තොරව සමාජයක ජීවත් වෙන විට සහ කොහොමද අපේ අවට පරිසරය
එවැනි දේට ප්‍රතිචාර දක්වන්නේ කියන එක වර්තමානයේ..
මගේ අතීතයට
ගිහින් බැලුවොත් මුලින්ම එවැනි දෙයක ඉඟියක් මට ලැබෙන්නේ මම ගොඩක් පොඩි
කාලේ..අපේ ගෙදර තිබුන එක් අමතර පන්තියකදි..ඒ පන්තිය කෙරෙන අතර තුර මගේ ලඟම
යෙහෙලියෝ විහිලු කල දෙයක් තමයි ගුරුවරයා බලාගෙන ඉන්නේ මං දිහා විතරයි කියන
එක.. ඒ ගැන මටත් දැනිලා තිබුනට ඇස් වලින් විතරක් කෙරුන ඒ ක්‍රියාව අපහසුවක්
කියලා මට හිතුනේ නැහැ එදා..ඉතින් ඒ ගැන අම්මටවත් කිව්වෙත් නැහැ..
ඊලඟ මතකය තමයි කොළඹ ආවට පස්සේ අම්මත් එක්ක කොහේ හරි යන ගමන් අම්මට පොඩ්ඩක්
පිටි පස්සෙන් ගිය මගේ දණහිසට ඉහළින් කකුල අල්ලන්න හදපු පාරේ අයිනේ හිටපු
මනුස්සයෙක්..මම ඇඳගෙන හිටියේ ගවුමක්.. අම්මා හිටියේ මගේ අතෙන් අල්ලගෙන උනත්
මේ මනුස්සය පසුබට උනේ නැහැ ඒ ක්‍රියාව කරන්න උත්සහ කරන්න..ඒ අතරේ
ගෙදරම කෙරුනු එක්තරා විෂයක අමතර පන්තියකට ආපු අම්මගෙම පාසැලේ ගුරුවරයෙක්
පොත් වලට යටින් අත අල්ලන්න කරපු උත්සහය.. අපේ ගෙදරම හැමෝම යන එන සාලේ මැද
තිබුනු මේසෙක කෙරුනු ඒ උත්සහය ගැනත් කිසිම බයක් සැකක් තිබුනේ නැහැ ඒ
කෙනාට, ඒ වගෙම මම අම්මට කොයි තරම් කිව්වත් එහෙම කරනවා කියලා අම්මා හිතුවෙම
මම බොරු කියනවා පන්තිය නවත්ත ගන්න කියලා..මොකද ඒ මම ආසම නැති විෂය පුංචි
කාලේ ඉඳලා..තාත්තා තමයි නැවැත්තුවේ.. හැබැයි කවුරුත් ඒ ගැන වචනයක්වත් කතා
කලේ නැහැ..එහෙම්මම ඒක කාලයේ වැලි තලාවෙන් වැහුනට මට නම් අමතක නැහැ
කිසිවක්...
මේ වගේ තමන්ගේ ගෙදර අවටම සිදු වන අපහසුකම් තමයි වැඩියෙන්ම නොසලකා හැරෙන්නේ මම දකින විදිහට අතීතයේ ඉඳලම..පාසැල් කාලෙන් පස්සේ බස් වල යන්න ලැබුනු සීමිත අවස්ථා වලත් ඒ වගේ
අත්දැකීම් වලට මම මුහුණ දීල තියනවා..තාත්තා නැති උනාට පස්සේ මල්ලි මගේ
තනියට ආවත් ඒ සිදුවීම් වලදි මල්ලිට උනත් කරන්න වැඩි දෙයක් නැහැ කියන තේරුම්
ගත්තට පස්සේ මම ම ක්‍රම හොයා ගන්න පෙළබුනා එවැනි දේට මුහුණ දෙන වාර ගණන
අඩු කර ගන්න..
ඒ වෙද්දි මට තිබුනා දිඟම දිඟ කොණ්ඩයක්.. අපේ අම්මා මට
කවදාවත් බස් එකක තියා කිසිම වාහනයක යන්න දුන්නේ නැහැ කොණ්ඩේ
කඩාගෙන..ගෙදරින් පිට කොණ්ඩේ කඩාගෙන යනවට අම්මා කැමැති උනේ නැහැ ලොකු වෙනකොට,
අම්මා කිව්වේ කොණ්ඩේ නිසා අනිත් මිනිස්සුන්ට වෙන අපහසුව ගැන උනත් එහි යටි
අරුත පස්සේ කාලෙක මට තේරුම් ගන්න පුලුවන් උන නිසා කොණ්ඩේ කඩාගෙන යන්න මට
ලොකු ආසාවක් තිබුනත් කිසිම දවසක බස් එකකවත් ගෙදරින් පිට තැනකවත් කොණ්ඩේ
කඩාගෙන මම ගිහින් නෑ....
එක අතකින් මේ අපහසුතා වලින් මිදෙන්න අපි කරන
දේවල් නිසා වෙන්නේ අනියම් විදිහකින් අපිට අපේ නිදහස අහිමි වීමක් කියලා
හිතුනට දුර දිඟ හිතලා බැලුවම අපිට අනිත් අයව වෙනස් කල නොහැකි නිසා තමන්ගේ
ආරක්ෂාව තමන් සලස ගන්න එක තමයි මම හිතන්නේ හොඳම සහ පහසුම
විදිහ..(එහෙමද...ඒකද හරිම දේ) හැමදේටම තැනක් කලාවක් වෙලාවක්
තියනවනේ නේද.. හැබැයි ලොකු වෙන්න වෙන්න මේ අපහසුතා ගෙදරදි කතා කලාම ලැබෙන
එකම පිළිතුර තමයි කරන්න දෙයක් නැහැ, ඉවසන්න, ඒ වගේ තැන් වලින් ඈත් වෙලා
ඉන්න, අඳින පළඳින විදිහ වෙනස් කරන්න මිසක් මේ වගේ වැඩ කරන අයට එරෙහිව
කෙලින් කිසිවක් උනා කියල නම් මට මතක නැහැ..
හැමදාම වෙන්නෙත් එවැනි
සිදුවීම් සහ අයව යට ගහන එක..හිතා මතා මඟ හරින එක.. එයින් අපි බලාපොරොත්තු
වෙන ආරක්ෂාව ඇත්තටම ලැබෙනවද කියන එක නම් මට ප්‍රශ්නයක්.. අවස්ථාවක් ලැබෙන
ඕනම මොහොතකදි මෙවැනි අයට පුංචිම පුංචි මල් කැකුළුත් බිලි වෙන හැටි අපි
හැමදාම අහනවනේ කොයි රටෙත්.. ඉතින් අපි තව දුරටත් මෙවැනි දේ සඟවාගෙන
සිටිය යුතුයි කියා ඔබ හිතනවද කුමන හෝ කරුණක් නිසා.. මොනවද අපිට කරන්න
පුලුවන්, කොහොමද කරන්නේ, කොහෙන්ද පටන් ගන්නේ..කවුද පටන් ගන්නේ.. ඒ වගේම ඇයි ද මන්දා ගොඩක් වැඩිහිටියන් හිරිමල් කොල්ලන් කෙල්ලන්වම මේ මාතෘකාවේදි පතුරු ගහන්නේ,කොටු කරන්නේ.. අසහනකාරයෝ පැත්තක ඉන්දැද්දි..
මෙය ඉතා වැදගත් ලිපියක්. එයවෙනත් තැනක ඔබේ බ්ලොග් තොරතුරු සහිතව පල කළාට කමක් නැත්ද?
ReplyDeleteඔය කියන "වෙනත් තැන" හරියට පැහැදිලිව කියන්නකො ඇනෝ, ඊට පස්සේ මම උත්තරයක් දෙන්නම් පැහැදිලිව..:)
Deleteමං හිතුවෙ සමාජ මාධ්ය ජාල (ෆේස් බුක් වගේ) / අන්තර්ජාල පුවත් අඩවියක වැන්නක් ගැනයි. ලාංකික සමාජයේ ගැහැනු දරුවෙක්, තරුනියක්, මැදිවිය/වියපත් කතක්, ගැහැනු කම නිසා අපහසුවට පත් කරන විදිය ඉතා සංවේදී ආකාරයට ඔබ ලියනවා කියලයි මට හිතෙන්නෙ. බ්ලොග් කියවන පිරිසෙන් පිටතට මේ දැනුම යායුතු නිසයි එහෙම කියන්නෙ. ෆේස් බුක් ගැන දැන් ප්‍රශ්නකාරී බවක් ඇතිවුනත් එය වැඩි දෙනෙකුට කිට්ටුවන මාධ්යයක්. මෙය ඔබටයි අයිති. ඔබම තීරණය කරන්න. එය කියවූ පසු ඒදැනුම අප අතටත් එනවා. ඒ දැනුම අපිත් බෙදනව අපිටමත් බෙදාගන්නව.ඔබේ ෆේස් බුක් පිටුවක් ඇත්නම් එහි පලකරන්න කාරුණික වුව මැනවි.
ReplyDeleteඑය දැනටමත් වෙනවා ඇනෝ...මේ බ්ලොගය ආරම්භ කල දවසේ සිටම..:)
Delete