කට්ට කාල ලබා ගන්නා දේ අගය වැඩියි කියා කියන්නේ තමන්ටම දැනෙන කම්පනය නිසා ද කට්ට කන කාලේ..මොකක් උනත් මම නම් නිවන් දකින්න සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම බලන් ඉන්න වෙන
නිසා තේරෙන කාලෙක ඉඳලා හොයනවා මේ ලැබුනු ජීවිතේ නිවිසැනසිල්ලේ ගෙවන්න
ක්‍රම... ඒ කිව්වේ කටු නොකන ක්‍රම.. කිසිම කෙනෙක් නිසා කිසිම කට්ටක් කන්න මම ලෑස්ති නැති උනාට ඕනම කෙනෙක් එක්ක
බෙදා හදාගෙන තියන දෙයක් කන්න නම් මම කවදත් එක පයින් ලෑස්තියි.. හැබැයි ඉතින් බෙදාගෙන කටු කන්න නම් කට්ටිය හොයා ගන්න හරිම අමාරුයි..
මට තියන පුරුද්දක් තමයි වැඩක් කරන්න කලින් කිසිම අදහසක් හිතේ නැති එක..ඒ
කිව්වේ Plan එකක් නැහැ.. මං හිතන්නේ පොඩි කාලේ ඉඳලම මගේ හැටිම ද කොහෙද..
O/L කාලේ වගේ විතර වෙනකන් මේ පුරුද්ද නිසා ලොකු අවුලක් උනේ නැති උනාට A/L
කාලේ වෙද්දි මටම තේරුනත් ඒ විදිහ මේ ලෝකේට ගැලපෙන්නේ නෑ කියල අද වෙනකන්ම
වෙනසක් නම් නැහැ. Plan එකක් නැතුව නිදහසේ වැඩ කරන්න තමයි මම කැමැති,හැබැයි බැඳිම් එක්ක මේ විදිහ ඒතරම් ගැලපෙන්නේ නැහැ..
මගේ Plan එකක් නැති වැඩ කිරිම ගෙදර අයට නම් හුරු පුරුදු උනාට ගෙදරින් පිට අයට නම්
විස්වාසය කියන වචනෙත් එක්ක ගැටලු ගොඩක් ඇති වෙන එක පුදුමයක් නෙමේ.. පටන්
ගන්න වැඩේ ඉවර වෙන විදිහ තීරණය කෙරෙන විදිහ ගැන මමවත් දන්නේ නැහැ..ඒ විදිහ තීරණය කරන්න හැකියාව තියෙන්නේ අවට පරිසරයට සහ එහි ජීවත්වෙන එක එක
විදිහේ දැනුමින් පිරිනු එක එක විදිහේ මිනිස්සුන්ට..අන්තිමේ මමවත් දන්නේ
නැති Plan එකක් හැදෙන්නේ අන්න එහෙමයි....
ගැහැනියකගේ ස්වාභාවික ජීවන චක්‍රය අරන් බැලුවොත් ඇයට ඇය අවට පරිසරය එක්ක
තියෙන්නේ හරි සමීප නොබිඳිය හැකි හරි ආදරණීය බැඳිමක්..ඒ ඇය නව ජීවය බිහි කර
පවත්වාගැනීමේ වගකීමෙන් ස්වාභාවිකවම බැඳි සිටින නිසා..ඇගේ ජීවිතයේ සාරය
බොහෝ විට ලබා ගන්නේ ඇය නොවේ අවට සිටින අය..විශේෂයෙන් ඇගේ දරුවන්..මමද එය
අත්දකිමින් සිටිමි අද මපුතුගෙන්...
මේ සියලු කරුණු වලින් එහාට ඇයට
ඇය දකින්න හැකි නම් ඇය තරම් ස්වාධීන තෘප්තිමත් ජීවිතයක් ගත කල හැකි
ජීවියෙක් නැතුව ඇති මුලු ලෝකේම..ඒ වගේම ඇයට එවැනි වටහාගැනීමකට යා හැකි සියලු මාවත් අහුරා දැමීමත් ඉතා ඈත අතීතයේ ඉඳලා අද වෙනකන්ම නොකඩවා වෙන දෙයක්..
එහි පිටුපස තියෙන්නේ ස්වාධීනව ජීවිතය විඳිමේ නොහැකියාවෙන් පෙළෙන ජීවිත වල
(පටු) අරමුණු..සර්ව අසම්පූර්ණ මිනිස් සතුත් වන අපට එකිනෙකාගේ උදව් ඉතා
අවශ්‍ය උනත් මිනිස් ජීවය පවත්වාගෙන යන්න, ඒ උදව් උපකාර ලබා ගැනීමේදි සහ ලබා
දීමෙදි යටි කූට්ටු වැඩ,නොමඟ යැවීම්,රැවටීම් හැම මිනිස් සමාජයකම වාගේ
දකින්න හැකි සුලබ දේවල්.....
ගැහැනියක් කෙලින් ස්වාධිනව වැඩ කීරිම නොකල යුත්තක් බවට සමාජ ආකල්පයක් හැදිලා තියෙන්නේ ඇයි..ගැහැනියක් පමණක් නොවේ ඕනම කෙනෙක් කෙලින් ස්වාධීනව වැඩ නොකර වතුර යටින් ගින්දර ගෙනියන්න ඕන (නැත්නම් 64 මායම්) කියන සමාජ ආකල්පය හැදිලා තියෙන්නේ ඇයි.... මේ කෙලින් කතා කරනවා කියන්නේ මොකක් හරි හැඟිමක් දැනුනු ගමන් ඉවක් බවක් නැතුව කතා/වැඩ කිරිම නම් නෙමේ..
ඉතින් මම කියන්න ආවේ කට්ට නොකා කෙලින් කතා කරද්දි හැඟිම් පටලවා නොගෙන තමන්ගේ
අදහස් කොහොමද කෙනෙකුට සන්නිවේදනය කරන්නේ කියන එක ගැනනේ.. එය ටිකෙන් ටික
තමන්ම ප්‍රගුණ කරන්න ඕන දෙයක් මම නම් දකින්නේ... ඒ වගේම ඒ
ක්‍රියාවලිය ආරම්භ කරන්න ඕන පුංචි කාලේ සිටම කියලත් කිසිම වයසකදි කිසිම
දෙයක් නිසා එය බිඳ නොවැටීමත් හරිම වැදගත් කියා ද මට සිතේ..
ඒ වගේම ගැහැනු/පිරිමි කියා බෙදා වෙන කර ඇති මේ ලිංග බේදය එතරම් වැඩකට ඇති දෙයක් නෙමේ ජීවය බිහි කර පවත්වාගෙන යාම හැරුනු කොට, ඒ මට හිතෙන හැටි...මා අවට බොහෝ මිනිස් ජීවිත දිහා වගේම මගේම ජීවිතය දිහාත් විමසිල්ලෙන් බැලීම කවදා කොහේදි මම පුරුදු වුනු දෙයක්ද කියා නම් මට මතක නැහැ ඇත්තටම.. ඒ විමසිලිකම තිබෙන මනසක් හිමි ගැහැනියක් විවිධාකර පැති වලින් අවට පරිසරය දැකීම නොවැලැක්විය හැකි දෙයක්...
No comments:
Post a Comment