Wednesday, May 9, 2018

සිතුවිලි සිර නොකර ආගන්තුකව සිතට ආ ලෙසම පිට වී යන්න දෙමු ද...

ඔබේ දරුවන් ජීවිතය ගැන හෝ හැඟිම් ගැන හෝ කතා කරන විට කලබල වෙන්න එපා, බය වෙන්නෙත් එපා, තරහා ගන්නත් එපා.. එයාලා අවට පරිසරයේ ගොඩාක් දේවල් අපිට වඩා ඉක්මනින් දකිනවා, ඒ වගේම දකින දේවල් ගැන ඉන්නේ හරිම කුතුහලයකින්.. ඒ දකින දේවල් වලින් එයාලටම ආවේණික සිතුවිලි ගොඩාක් එයාලගේ මොළය නොනවත්වාම හදලා දෙන නිසා, ඒ සිතුවිලි හිර නොවී පිට කරන්න අපි ඉඩ හදලා දෙන්නම ඕන..

මොකද මේ සංකීර්ණ තරඟකාරී ඉවරයක් නැති ලෝකේ නිසා එයාලා ඉක්මනින්ම වෙහෙසට පත් වෙන එක අවම කරගන්න.. ඒ වගේම එදිනෙදා එයාලා නොදැනුවත්ම අවට පරිසරයේ දේවල් මොළය සිතුවිලි බවට පරිවර්තනය කරන එක නොනවතින දෙයක් නිසා,දවසින් දවස පිරෙන අලුත් සිතුවිලි වලට ඉඩ දෙන්න නම් පරණ සිතුවිලි ඉවත් කරන්නම ඕන..

තමන්ගේ හිතේ පිරෙන සිතුවිලි කෙනෙකුට කියනකම් අපිත් සමහර වෙලාවට ඉන්නේ හරිම අපහසුවෙන්නේ නේද.. එහෙම උනොත් තමයි නිදහස් සැහැල්ලු මනසක් දරුවෙකුට හිමි වෙන්නේ හැමදාම.. වයස් බේධයකින් තොරව සතුටින් ඉන්න දරුවෙකුගේ රහස ඒකයි, හැමවිටම එයාට බාධා කරන්නේ  නැති ඇහුම්කන් දෙන්නෙක් ඉන්න එක කියලා නිම කරන්න බැරි සම්පතක් දරුවෙකුට...

එහෙම උනේ නැත්නම් අන්තිමේ හරිම ඉක්මනින් තරහ ගන්න, කාටවත් ඇහුන්කම් නොදෙන, කාවවත් ගණන් නොගන්න, හරි දඩබ්බර, හිතුවක්කාර, ආත්මාර්ථකාමී දරුවෙක් ඕනම වයසකදි නිර්මාණය වෙන්නේ අපිට හිතා ගන්නත් බැරි තරම් ඉක්මනින් බව අමතක කරන්න එපා කිසිම වෙලාවක..

එහෙම දරුවෙක් නිර්මාණය උනාට පස්සේ බොහෝ අය කරන්නේ දරුවට දොස් කීම මිසක් ආපස්සට ගිහින් බලන්නේ නැහැ, මොකද්ද කොහොමද මේ දේ මේ දරුවට වුනේ කියන එක.. කෙලින්ම දරුවට තමයි වැරැද්ද දාන්නේ.. ගොඩක්විට අම්මටත් ඒ වැරැද්ද බලෙන්ම පටවන්න ගොඩාක් අය පෙළබෙනවා හොයන්නේ බලන්නේ නැතුවම.. හරියට වැස්සත් පෑව්වත් අහස බැනුන් අහනවා වගේ..


2 comments:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.