Tuesday, May 15, 2018

ඔබ සුදුස්සෙක් ද...

ඔබ රැකියාවකට සුදානම් විමේදි සමහර විට වසර ගණනාවක් ඒ රැකියා ක්ෂේත්‍රය වෙනුවෙන්ම වෙන් වූ විෂයන් හදාරමින් නව දැනුම සොයා යමින් ඒ වෙනුවෙන් විශේෂයෙන් සුදානම් වෙනවා නේද..

රැකියාවක් ආරම්භ කිරීමට පෙර ඒ වෙනුවෙන් මුල සිටම නොමසුරුව කාලය වැය කරන ඔබ, දරුවෙක් හදා වඩා ගැනීම ගැන ඉගෙන ගන්න පටන් ගන්නේ දරුවෙක් ලැබුනට පස්සේ නේද.. ඒ ඇයි..

ඔබ දරුවෙක් හැදීමට පෙර ළමා මනස ගැන දන්නේ මොනවා ද.. ළමයින්ගේ හැසීරිම් සහ ඒවා හැසිරවීම ගැන දන්නේ මොනවාද... ළමයෙකුගේ මානසික සහ ශාරිරික වැඩිම ගැන ඔබ දන්නේ මොනවා ද... ළමයෙක් කතා කරන්න එහෙම නැත්නම් අදහස් කියන ක්‍රියාවලිය ගැන ඔබ දන්නේ මොනවාද... ළමයෙක් හිතන විදිහ ගැන ඔබ දන්නේ මොනවා ද...

ළමයෙක් ඉගෙන ගන්නේ කෙසේද කියා ඔබට වැටහීමක් තිබේ ද... ළමයින්ගේ හැඟිම් ගැන ඔබට වැටහීමක් තිබේ ද.. ළමයින් සමඟ සාමකාමිව විවෘතව කතා කිරීමට ඔබ දන්නවා ද...ළමයෙක් නොකියා කියන දේවල් වටහාගන්න ඔබට හැකි ද..

දරුවන්ට හොඳම දේ කියා කියන සමාජයක රැකියාවකට ඉතා හොඳ ක්‍රමානුකූල පෙර සුදානමක් හදා ගන්න ක්‍රම තිබුනට, ළමයින් හැදීමට පෙර ළමයින් ගැන ඉගෙනීමට ඉඩක් හැදී නැත්තේ ඇයි ... ඔබ හිතනවද දරුවෙක් ලැබුනට පසු දරුවන් ගැන ඉගෙනීම ආරම්භ කිරීමට තරම් දරුවන් හැදීම යනු සරල ක්‍රියාවක් කියා..

පලි.: කවදහරි ක්‍රමයක් හැදුනොත් ඉපදෙන්න ඉන්න දරුවා, ඉපදෙන්න කලින්   එයාව බිහි කරලා හදා ගන්න ඔබට තියන සුදුසුකම් ඔබෙන් ඉල්ලන, අන්න එදාට නම් මිනිස්සු පෝලිමේ ගිහින් (හොර)   සහතික ගනිවී විභාග පාස් කරලා දරුවෙක් හදන්න කලින්..  ඉපදෙන්න ඉන්න දරුවන්ට තමන්ගේ ඉපදීම ගැන කිසිම තීරණයක් ගන්න නොහැකි නිසා මිනිස්සු හරිම ආත්මාර්ථකාමී විදිහට තමයි දරුවෝ හදන්න පටන් ගන්නේ..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.