Friday, May 4, 2018

හිතා ගන්න බැහැ එහෙම දෙයක් වුනා කියලා...

කෙනෙක් හිතා ගන්න බැරි විදිහේ දරුණු වැඩක් කල විට එහෙමත් නැත්නම් පාඩුවෙ හිටපු කෙනෙක්  පුංචි දේටත් අසීමිතව තරහ ගන්න විට ගොඩක් අය කියන දෙයක් තමයි, "ඒ කෙනා හරිම අහිංසක, හරිම ඉවසීමක් තිබ්බ, හරිම හොඳ තමන්ගේ පාඩුවෙ ඉන්න කෙනෙක් නෙ, හිතා ගන්න බැහැ එහෙම දෙයක් වුනා කියන එක"

ගොඩක්  විට මෙහෙම කියන අය ඒ කෙනාගේ ලඟින්ම හිටපු අය, ඒ කෙනාව හොඳින්ම දන්නවා කියන අය.. ඒත් ඇත්ත ඊට හාත්පසින්ම වෙනස්.. ලඟම හිටියට හොඳින්ම දැන ගත්තට ඒ කෙනා ගැන කිසිම අවබෝධයක් නැති, ඒ කෙනාගේ පැත්තෙන් ඒ කෙනාව දකින්න නොහැකි වුනු අය තමයි ඒ.. වෙනත් වචනයකින් කිව්වොත් තමන්ට ඕන දේ මිසක් ඒ කෙනාට ඕන දේ දකින්න ඕන කමක් නැති ආත්මාර්ථකාමි අය.. 

ඕන තරම් උදාහරණ පහුගිය කාලය ඇතුලත සිදු වු හදිසි සිදුවීම් වලදි හොයා ගන්න පුලුවන්.. ඒ වගේම තමන් වටේ  තමන්ව හරිම ඉහළින් අගය කරන  සිය දහස් ගණනින් "යාලුවො" , "ආදරය කරන අය"  පිරිලා හිටියත්, තමන්ගේ ප්‍රශ්නයක් වටහාගෙන ගැලපෙන සුදුසු පිළිතුරක් හොයා ගන්න උදව් කරන්න එක් කෙනෙක්වත් ඉඳලා නැ කියන එකත් හරිම පැහැදිලිව දකින්න පුලුවන්... 


ඒ වගේ තවත් එක් සිදුවීමක් දැකලයි මෙහෙම ලිව්වේ.. කෙනෙක් හිටපු ගමන් දරුණු කෙනෙක් වෙන්නේ නෑ.. ඒ දරුණු මනස හැදෙන්නේ හරිම හිමින්.. අපි, අප අවට ඉන්න අයගේ පැත්තෙන් ඒ අයව අවබෝධ කරගන්න උත්සහ නොකරන තාක් කල් අර මුලින්ම කියපු ටික තමයි අනාගතයේදිත් ඇහෙන්නේ සමාජයෙන්, කිසියම් හදිසි කිසිසේත්ම විය නොහැකි සිදුවීමක් උන ගමන්..

ඉන් පස්සේ හැමෝම ඒ සිදුවීම හරිම ලේසියෙන් අමතක කරලා පරණ පුරුදු ජීවන රටාවටම වැටෙන්න යන කාලය අඩු කර ගන්න පුලුවන් නම්, මම හිතන්නේ ඒ වගේ නොවිය යුතු සිදුවීමුත් අඩු කර ගන්න පුලුවන් වේවි කියලයි..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.