Saturday, May 12, 2018

සහතික එකතු කිරීමේ රැල්ල පසෙකින් තබා "ඉගෙන" ගනිමු ද..

ඇයි මිනිස්සුන් හිතන්නේ ඉගෙන ගන්න ඕන පාසැල් යන කාලෙයි ඊට පස්සේ අවුරුදු කීපයකුයි විතරයි කියලා.. ඒ කියන්නේ ඉගෙන ගන්නේ කැමැත්තෙන් නෙමෙයි (ද) මේක ඉවර වෙන්නේ කොයි වෙලේද බල බල ද ඉගෙන ගන්නේ.. (මම මෙතන අදහස් කරන "ඉගෙන ගැනීම" කියන්නේ විභාග පාස් කිරීම නෙමේ හොඳේ..කොටින්ම සහතික එකතු කිරීම නෙමේ..)

අනිත් එක ඉගෙන ගන්න හෝ රැකියාව කරන්න හෝ තෝර ගත්ත විෂය පමණක් මැරෙනකන්ම අත හරින්න බය වෙන්නේ ඇයි..වෙන අලුත් දෙයක් ඉගෙන ගන්න කාලය වෙන් නොකරන්නෙ ඇයි..

මම හිතන්නේ තරඟය (එහෙමත් නැත්නම් සහතික එකතු කිරීමේ රැල්ල) පැත්තකින් තියලා හිමින් ඉදිරියට යන්න ඕන කියලා එක තැනක නැවතෙන්නේ නැතුව වෙනස් වෙනස් පාර වල් දිගේ.. මොකද ඉවසීමෙන් හිමින් පරිස්සමින් ඉදිරියට යන්න යන්න ජීවිතේ හරිම ලස්සනයි.. හැකියාවෙන් දෙන්න පුලුවන් උපරිමය තමාටත් අනුන්ටත් දෙන්න විදි අපිට හදා ගන්න පුලුවන්..

මිනිස් මොළය කියන්නේ කපන්න කපන්න එහෙමත් නැත්නම් වැඩ ගන්න ගන්න මුවහත් වෙන අවියක් නිසා.. මැරෙනකන්ම මොළය කිසිම මැසිවිල්ලක් නැතුව වැඩ කරන නිසා යන්න ඉස්සරහට..

කාලය කවුළු දොරින් වැඩක් නොගෙන පැන යන්න දෙනවට වඩා හොයන්න තරඟකාරි නොවන ක්‍රම... තමන්ගේ මාවතේ හිමින් වෙනස් වෙනස් පාර වල් දිගේ ඉදිරියටම යන්න විදි හදා ගන්න පුලුවන් තමන්ව හොඳින්ම දන්න තමන්ටම පමණයි..ඉදිරියට යද්දි වෙහෙස දැනෙද්දි නැවතෙන්න ඕන තැන් තීරණය කරන්න පුලුවනුත් තමන්ටම පමණයි.. නැවතිලා විවේක අරගෙන වෙහෙස නිවාගෙන ආපහු ඉස්සහරට යන වෙලාව තීරණය කරන්න පුලුවනුත් තමන්ටම පමණයි..කොහොම උනත් යන්න ඉදිරියටම..

මම නම් ඒ අයිතිය වෙන කාටවත්ම දෙන්න අකමැති නිසා හැම විටම තෝර ගන්නේ Flexible, Stress Free Learning Methods... ඒ වගේම උගන්වන ක්‍රමයේ සහ ගුරුවරුන්ගේ Quality එකත් මම ගොඩක් බලනවා,කිසිම සතුටක් මුණේ නැති, බැන බැන, පසෙන් තල්ලු කර කර, තමන්ගේ පීඩනය ඉගෙන ගන්න අයගෙන් පිට කරන්න උත්සහ කරන උගන්වන ක්‍රම වලින් සහ ගුරුවරුන්ගෙන් මම ඉන්නේ හැම විටම ඈත් වෙලා.. මොකද මට එහෙම ඉගෙන ගන්න බැරි නිසා...කොටින්ම ඉගෙන ගන්න ආසයි කියා මගේ ආත්ම ගෞරවය නැති කර ගන්න මට කිසිම ඕන කමක් නැහැ..  ජීවිතය කියන්නේ තරඟයක් විදිහට මම දකින්නෙත් නැහැ..
පින්තූර හොයද්දි අපේ රටේ අය ඉන්න පින්තූර ඇයි පෙන්වන්නේ නැත්තේ, Google

ඉගෙන ගන්න දේවල් වලින් වැඩ ගනිද්දි නම්, මම නම් මුල් තැන දෙන්නේ මිනිස්කමට.. කිසිම දවසක මම ඒ තැන මුදල් වලින් විස්ථාපනය කරලත් නැහැ, කරන්නේත් නැහැ මම මැරෙනකන්ම...යම් දෙයකින් මට රිදෙයි ද මම ඒ දෙයට අකමැති ද  එසේම මේ ලෝකේ වෙසෙන හැම ජීවියෙක්ම ඒ දෙයට අකමැති කියා හිතන්න මට පුලුවන්...

4 comments:

  1. මම නං අදත් ගොඩාක් දේවල් ඉගෙනගත්තා...!!!

    ReplyDelete
    Replies
    1. Multi Talented අය නිසා ඉගෙන ගන්නවා මමත්...:) :)

      Delete
  2. වටිනව මේ අදහස්!

    ReplyDelete
    Replies
    1. ක්‍රියාත්මක වෙනවා නම්... :) :)

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.