tag:blogger.com,1999:blog-80034241496681373772024-03-13T08:05:42.975-07:00අඳුරෙන් ආලෝකයට...."අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comBlogger231125tag:blogger.com,1999:blog-8003424149668137377.post-47792997320758509932023-02-18T16:40:00.002-08:002023-02-18T16:43:11.350-08:00දෙන්න මට නුඹේ සතුට...
මගේ පුතු පිලිසිඳ ගත්ත දවසේ ඉඳන්ම අසාමාන්‍ය අභියෝග වලට මුහුණ දුන්නු දරුවෙක්..මුලින්ම ගර්භනී කාලයේ H1N1 වෛරසයට මාත් එක්ක සති පහේදි සටන් වැදුනු පුතු ඉපදුනාට පස්සේ මුහුණ දුන්නේ පුතුගේ පියාගේ මානසික අසමතුලිතා ගැටලු වලට..තාමත් ඒ ගැටලු වලට පුතු ඉඳහිට මුහුණ දෙනවා පුතුගේ පියා නිසි ප්‍රතිකාර දිගටම නොගන්න නිසා..Postpartum depression හැදෙන්නේ අම්මට විතරක් නෙමේ, තාත්තටත් ඒ තත්වය එන්න පුලුවන් බව ලංකාවේ උගත් අය පවා නොදන්න දෙයක් කියා මට හිතෙනවා මගේ අත්දැකීම් දිහා බලද්දී..
ඉන් පස්සේ පුතුගේම ඇතුලාන්තයේ ගැටලු වලට...ඊටත් පස්සේ දික්කසාදය නිසා නිවාස දෙකක වෙන් වෙන්ව දෙමාපියන් එක්ක ජීවත් වෙන්න සිදු වීම.
මේ එකක්වත් ලේසි තැන් නෙමේ. නමුත් මේ හැම තැනකදීම හැඟීම් වලට වහල් නොවී බුද්ධිය මෙහයවා මම තනියම කල දේවල් එක්ක පුතුව internal & external නිරෝගි සමබර දරුවෙක් කර ගන්න හැකී වීම ගැන මට තියෙන්නේ වචනයෙන් කිව නොහැකි සහනයක්..සැනසීමක්..මා තුල ඒ හැකියාව නොතිබුනා නම් පුතුගේ ජීවිතය හරිම කණගාටුදායක ඉරණමකින් අවසන් වෙන්න තිබ්බ ඉඩ හරිම වැඩියි..
තමන්ගේ ජීවිතයේ මුහුණ දෙන අපහසුතා නිසා බාහිර අයට කරදර නොකරන තමන්ටත් එය හිරිහැරයක් කර නොගන්න හරි ආදරණීය සාමකාමි කියන දේ අහන ජීවිතය විඳින දරුවක් අද පුතා...පුතාගේ resilience හැකියාව ඉතාම ඉහළයි..පුතුට මේ බොහෝ ගැටලු වලට මුහුණ දෙන්න හේතු උනු තමන්ගේ තාත්තා දෙසත් උපේක්ශාවෙන් කරුණාවෙන් බලන මනසක් පුතුට හිමියි මගේ මඟ පෙන්වීමෙන්..
(මම හැම විටම පුතුට මතක් කරනවා ලංකාව කියන්නේ දියුණු නැති දැනුමෙන් බොහොම පිටුපසින් ඉන්න ආර්ථික සහ ආකල්ප අතිනුත් දුප්පත් රටක්, තාත්තගේ ගැටලු වලට ලැබෙන්න ඕන නිසි ප්‍රතිකාර පුංචි කාලේ ඉඳලම ලංකාවෙන් නොලැබීම තාත්තගේ වරදක් නොවන බවත්, කිසිසේත්ම එය පුතුගේ වරදක් නොවන බවත්, එවැනි ගැටලු තියන කෙනෙක් එක්ක healthy distance එකක් තියා ගැනීමත් වරදක් නොවන බවත්...)
මේ හැමදේම මට කරන්න පුලුවන් උනේ ඇත්ත කතා කරන නිසා..ඇත්තට මුහුණ දෙන ශක්තිමත් මනසක් මට හිමි නිසා හැංගෙන්නේ නැතුව..පුතුටත් කිසිම බොරුවක් රැවටීමක් සැඟවීමක් මම කරලා නැහැ ජීවිතයේ කිසිම තැනක..කරන්න කිසිම බලාපොරොත්තුවකුත් නැහැ..පුතුගේ වයසට ගැලපෙන්න ඒ ඒ තැනදි ඇත්ත මම පුතු එක්ක කතා කරනවා එවැනි තැන් දෙමාපියන් හැසිරවිය යුතු නිවැරදි ක්‍රම කියා දෙන වැඩමුළු වලට සහ උපදේශන වලට සහභාගි වී ලබා ගන්න දැනුමෙන්..
පුතුගේ පියාගේ සංකීර්ණ මානසික ගැටලු වල සම්පූර්ණ ඇත්ත සවිස්තරාත්මකව කියන්න තවම පුතු පුංචි වැඩියි..වයස 16දි ඒ සියල්ල කියන්න මම පුතුට පොරොන්දුවක් දීලයි තියෙන්නේ.. එතෙක් මේ කිසිම ගැටලුවකට පුතු වගකිව යුතු නැති බව අම්මගෙත් තාත්තගෙත් දෙන්නගෙම ආදරය පුතුට හිමි බව ඕනම දේකදි ඕනම තැනකදි කොන්දේසි විරහිතව මම පුතු එක්ක ඉන්න බව හැමදාම පුතුට කියන්න මම අමතක කරන්නේ නැහැ..තවත් දෙයක්, මගේ මේ කැපවීම් වලට පුතු මට ආපස්සට දෙන්න ඕන පුතුගේ ජීවිතයේ සතුට පමණක් බවත් කියන්න අමතක කරන්නේ නැහැ.පුතු කිසිම විදිහකින් මට ණය නැහැ..
ප.ලි.: දරුවෙක් දස මසක් කුස දරා ගෙන බිහි කරලා හදනවා කියන්නේ සාමාන්යෙනුත් ලේසි දෙයක් නෙමෙයි..මේ වගේ තැන් කියන්නේ කෙනෙකුට හිතා ගන්න නොහැකි තරම් අපහසු තැන්..පවුලක පිරිමියා හෝ ගැහැනිය මානසිකව වැටීම කියන්නේ මුහුණ දෙන්න කොහෙත්ම ලේසි දෙයක් නෙමෙයි...
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com1tag:blogger.com,1999:blog-8003424149668137377.post-70865851002907349412023-02-16T15:18:00.001-08:002023-02-16T22:21:17.135-08:00යන්න ඕන කෙනාට යන්න දෙන්න...
ඇයි දික්කසාඳයකදි එක් පාර්ශවයක් අනිත් පාර්ශවයට හෝ පාර්ශව දෙකම එකිනෙකාට අපහසුතා ඇති කර ඒ ක්‍රියාවලිය අපහසු (ugly) කර ගන්නේ..ඔබට මොකද හිතෙන්නේ..විවාහ උන දවසම වගේම සුන්දරව එය අවසන් කරන්නත් ඇයි අපිට බැරි.... අඩුම තරමේ උගත් මිනිස්සුන්ටවත් එය බැරි ඇයි...
මිනිසුන් දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයක් එක පාර්ශවයක් තව දුරටත් ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කරන තැනකදි එය එතනින් අවසන් නොකර තව දුරටත් ඇදගෙන යන්න මිනිසුන් පෙළබෙන්නේ ඇයි...
මට තේරුම් ගන්න හරිම අමාරු දෙයක් දික්කසාඳයකදි negotiation and communication අමාරු කර ගන්නේ ඇයි..අමාරු කර ගත්තා කියා නැවත ඒ සම්බන්දය ගොඩ නගන්න බැහැනේ...
දෙදෙනෙක් එකට එකව යන්න ඕන ගමනක් තනියෙන් යන්න හදන එකේ තේරුම මොකද්ද..ඊට වඩා සාමකාමිව කතා බහ කරලා කරන්න තියන වගකීම් යුතුකම් කරලා තවත් කාලය නාස්ති නොකර අලුතෙන් ජීවිතය පටන් නොගෙන තමන්ව තව දුරටත් අවශ්‍ය නැති තැනක රැඳෙන එකේ තේරුම මොකද්ද...යන්න ඕන කෙනාට යන්න දීම ඇරෙන්න අනිත් සියලු හැසිරීම් කාලය කා දැමීමක් තමන්ගේ..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com4tag:blogger.com,1999:blog-8003424149668137377.post-83216919887143716272023-02-14T01:44:00.011-08:002023-02-16T22:20:12.212-08:00ඔබ දැක්කද
Online ගුරුවරු බිහි වෙනවනේ ලංකාවේ මේ දවස වල හතු පිපෙනවා වගේ..ප්‍රසිද්දත් වෙනවා, රූපවාහීනි වැඩසටන වලටත් ගෙන්වනවා, සමාජයෙනුත් ඉහළ පිලි ගැනිමක් ලැබෙනවා, අගය කරනවා..
මේ ගුරුවරුන්ගේ ඔබ දැක්කද දරුවෙක් අතින් අතපසු වීමක් වී තිබුනොත් අපි හිතමුකෝ පාඩම් වැඩ වලට අවදානයේ අඩුවක්, ගෙදර වැඩ කරලා නැති දවසක්, කලින් දවසක උගන්වපු දේකින් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න බැරි දරුවෙක් ගැන ප්‍රතිචාර දක්වන විදිහ මුලු පන්තියම ඉදිරිපිට වගේම මුලු සමාජයම ඉදිරිපිට..
මේ වගේ තැනකදි දරුවගේ පැත්තෙන් කතාව අහන්න කලින් මේ ගුරුවරු හැමෝම තනියම ඒකපාර්ශවීය නිගමනයට ඇවිත් ඉන්නවා ඔබ දැක්කද මේ දරුවා පාඩම් කරන්නේ නැති වගකීමක් නැති කිසිම බරක් පතලක් හිතන්නේ නැති දෙමාපියන්ට ආදරයක් නැති දෙමාපියන්ගේ වෙහෙස මහන්සිය ගැන කිසිම තැකීමක් නැති හරිම නරක දරුවෙක් කියා.. සෘණාත්මකව තමයි පටන් ගන්නේ..එතන ඉඳලා මේ දරුවට උපදෙස් රාශියක් දීලා දීර්ඝ දේශනයක් කරලා අහනවා ඇයි එහෙම කරන්නේ කියලා..
මුලින්ම අහන්න ඕන ප්‍රශ්නේ අහන්නේ අන්තිමටම..ද්විපාර්ශවිය සන්නිවේදනයකට ඉඩ මුලින්ම වසා දමලා තමන්ට පාලනය බලෙන්ම අරගෙන තමයි කතාව පටන් ගන්නේ..
වැඩිහිටියෝ එහෙම නැත්නම් දෙමාපියන් කියන්නේ සර්ව සම්පූර්ණ වැරදි කිසිවක් කරන්නේ නැති පිරිසක්, පවුල කියන්නේ සර්ව සම්පූර්ණ මල් යහනාවක් ලංකාව කියන්නේ සර්ව සම්පූර්ණ ප්‍රශ්න නැති පාරාදිසියක් දරුවෝ තමයි හැම වරදක්ම කරන්නේ කියන තැන ඉඳලා තමයි මේ ගුරුවරු කතාව පටන් ගන්නේ.
ඉන් පස්සේ අර කිසිම දෙයක් නිසා නෙමෙයි දරුවා අතින් මේ අතපසු වීම වෙලා තියෙන්නේ දරුවට පාලනය කරන්න බැරි හේතුවක් නිසා, එක්කෝ අම්මා තාත්තගේ ප්‍රශ්නයක් එක්කො ගෙදර වෙන ප්‍රශ්නයක් කියා දැන ගන්නේ අන්තිමට..
ඒක දැන ගත්තට පස්සෙත් අර මුලින් තමන් දරුවා වැරදිකාරයෙක් කරලා දීර්ඝ දේශනාවක් දුන්නු එක ගැන දරුවගෙන් සමාව ඉල්ලිමක් මේ ගුරුවරු කරන්නේ නැහැ..ඒ තරම් නිහතමානි වෙන්න මේ අයට බැරුව ඇති එහෙම නැත්නම් හිතනවා ඇති වැඩිහිටි අයට එහෙම කතා කරන්න අයිතියක් තියනවා එය වරදක් නෙමෙයි කියා..
එය හීන් සිරුවේ අමතක කරන මේ ගුරුවරු එතනින් පස්සේ හරි සංවේදි චරිතයකට මාරු වෙනවා ක්ශණිකව දරුවගේ හිත හදන්න.. තමන්ගේ හැසිරීම ගැන හිතේ තියන වරදකාරී හැඟිම් වහ ගන්න ..ඒවා video කරලා ප්‍රසිද්දත් කරනවා..බලන්න මම හරිම සංවේදි අගය කල යුතු කෙනෙක්, ඒ දරුවගේ හිත මම හැදුව, හරි පාර පෙනුවා කියා..
ඒ කියන්නේ මේ ප්‍රසිද්ද වෙන ගුරුවරුන්ගේ ලමා මනෝ විද්‍යාව ගැන කිසිම අවබෝධයක් නෑ කියන එක නෙමේද..ඒ වගේ අය ලඟට දරුවන් ඉගෙන ගන්න යවන්න සුදුසු ද..විශය කරුනු දරුවගේ මොළයට ඇතුලු කිරීම විතරද උගන්වනවා කියන්නේ..
අනිත් එක දරුවෙක් අතින් වැරදීම් අතපසුවීම් (mistakes) වෙන එක සමාව දෙන්න බැරි වරදක් හැමවිටම 100% හරි දේම කල යුතුමයි perfect වීම අනිවාර්යයි කියා අසීමාන්තික බයක් ලැජ්ජාවක් දරුවගේ හිතට ඇතුල් කිරීම නිවැරදිද..එවිට දරුවා වැඩිහිටියෙක් වීමේදි වැරදෙනවට බයෙන් අලුත් අත්හදා බැලීම් (healthy risks) නොකර ඉන්න පෙළබනවා නේද..ඒ දරුවගේ විශය දැනුමෙන් වැඩක් තියෙනවද අලුත් දෙයක් නොකරන..එවිට මොකද වෙන්නේ රටකට.. ඉදිරියට යයිද එකම තැන තියේවිද..
ප.ලි. : මගේ පුතුගේ පාසලේ දරුවෙක් අතින් මෙහෙම දෙයක් උනොත් මුලින්ම අහන්නේ ඊයේ ඔයාලගේ ගෙදර මොකද උනේ, ඔයා මොනවද රෑට කෑවේ, හොඳට නිදා ගත්තද ඊයේ රෑ වැනි ප්‍රශ්න..ඒකත් අනිත් දරුවන්ට නොදැනෙන්න..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com4tag:blogger.com,1999:blog-8003424149668137377.post-50296665539798717372020-09-04T18:43:00.007-07:002020-09-05T15:40:31.691-07:00අංශු...
අංශු, ආදරේට අංශු කිව්වට ඇත්ත නම හිමාංශු, නමටම හරියන ගතිගුණ තියන පොඩ්ඩක්වත් තරහ නොයන, පහුගිය කාලේ අහම්බෙන් මට හමු උනු හරි ආදරණීය තමන්ගේ නොවන හීන ගොන්නක් හිතේ හිර කරගත් මිතුරෙක්..මිතුරෙක් කිව්වේ මගේ ජීවිතය මගේ පැත්තෙන් හිතන්න පුලුවන් කෙනෙක් නිසයි..අඬන්න හිතුනු වෙලාවට කිසිම ලෝභ කමක් නැතුව උරහිස දුන්න, අවට පරිසරය සීතල වී ගල් උනු වෙලාවට ඔහුගේ උණුසුම් හදවතේ රිද්මය මට අහන්න දුන්න, හමු වෙන හැම දවසකම නැවුම් හැඟුම් මහදේ පිර වූ අංශු එතරම් හිත හයිය කෙනෙක් නම් නෙමේ..
ඔහුට විඳින්න අවශ්‍ය ජීවිතය ඔහුගේම දෙමාපියන් සහෝදර සහෝදරියන් ඉදිරියේ වචන වලින් කියන්න හැකියාවක් ඔහු තුල නැහැ..ඒ වෙනුවට මව් රටෙන් හැකි ඉක්මනින් පිට වන ඔහුගේ හදවත තමන්ගේ මව වෙනුවෙන් හඬා වැටෙයි..ඒ වේදනාව යටපත් කරගෙන ඔහු උත්සහ කරන්නේ තමන් බලාපොරොත්තු වන ජීවිතයත් හදා ගන්න ගමන්ම දෙමාපියන් බලාපොරොත්තු වන ජීවිතයත් දිනා ගන්න..එකිනෙකට පරස්පර මේ ජීවිත දෙකම කිසිවකුගෙන් නොයැපී එකවර දිනා ගැනීම කොතරම් අපහසු උනත් අත් හරින්න කිසිම බලාපොරොත්තු ඔහුගේ හිතේ නැහැ..
හමු වූ මුල් කාලයේ පටන්ම තමන් පැටලී ඇති අරගලය අකුරක් නෑර නිදහස්ව මා ඉදිරියේ දිග හැරි ඔහුට, මා පැවසිය යුතු නැහැ අනුන්ගේ හීන පසුපස දිවීම ඉක්මනින් නවතා දැමිය යුතු බව, තමන් පැළඳ සිටින වෙස් මුහුණ ගලවා දමන්න පමා නොවිය යුතු බව..නමුත් තවම එයට සුදුසු කාලය පැමිණ නැති බව අප දෙදෙනාම දන්න දෙයක් වචන වලින් කිව්වේ නැති උනාට...
ප.ලි.: කෙනෙකුව විනිශ්ය කිරීමකින් තොරව නොවෙනස්ව අහගෙන ඉන්න ඔබට හැකි නම් කිසිවෙකුට නොකියු කතා ඔබ ඉදිරියේ දිග හරීන කෙනෙක් දෙවරක් හිතන්නේ නැහැ..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com1tag:blogger.com,1999:blog-8003424149668137377.post-26245961823994682862020-08-13T16:54:00.006-07:002020-09-04T18:45:15.396-07:00මොළයේ ක්‍රියාකාරිත්වයේ ධන සෘන දෙකටම වගකිව යුතු ඔහු පමණක් නොවේ..
මගේ පුතුගේ පියාගේ හැසිරීම් ( ඔහුගේ පමණක් නොවේ කාගේ උනත් ) මොන තරම් අසාමාන්‍ය උනත් ඔහුව ඒ හැසිරීම් වලට තනිකරම වැරදිකරුවෙක් කරන්න මා හදිස්සි වෙන්නේ නැහැ..අනිවාර්යයෙන්ම ඔහුට උදව් අවශ්‍යයි, ඔහු පිළිගත්තත් නැතත්..ඔහු ඔහුටම සලක ගන්න විදිහ හරිම අකාරුණිකයි..එය වෙනම කරුණක්..
ඔහු අද ඉන්න තත්වයට පත් වෙන්න, අද පෙන්වන හැසිරිම් පෙන්වන්න බොහෝ දෙනෙකුගේ දායකත්වයක් ලැබී තිබෙන බව මට වැටහෙන නිසයි මා ඔහු වැරදිකරුවෙකු කරන්න හදිස්සි නොවෙන්නේ..ඔහුගේ කුඩා කාලය, විශේෂයෙන් මව සහ පියා එකිනෙකාට සැලකූ ආකාරය, දරුවන්ට දෙමාපියන් සැලකූ අකාරය, මොන වගේ පවුල් ජීවිතයක් ද දෙමාපියන් ගත කලේ, මව සහ පියාගේ පවුල් වල අය ඒ අයට සැලකූ ආකාරය, මොන වගේ ජීවිතයක් ද කුඩා කාලයේ සිට ගත කරන්න ඔහුට සිදු උනේ , සහෝදර සහෝදරියන් සැලකූ ආකාරය, නැදෑයින් හැසිරුනු ආකාරය ඇතුලු වටපිටාවේ සියලුම දෙනාගේ හැසිරීම් , යාලුවන්ගේ, පාසලේ, ඔහු අවට මුලු සමාජයේම හැසිරිම් , සිදු වූ සිදුවීම් සියල්ලම සැලකිල්ලට නොගෙන අද ඔහුගේ හැසිරිම් දිහා බලන්න හැකියාවක් නැහැ කියායි මට හිතෙන්නේ..ඔහුව පමණක් වැරදිකාරයෙක් ලෙස සලකන්න බැහැ කියායි මට හිතෙන්නේ..
ඔහුට ඔහුගේ හැඟිම්, අදහස් විවෘතව කතා කරන්න ඉඩක් ලැබුන ද..හදවතට සමීප කෙනෙක් හිටිය ද ඔහු වෙනුවෙන්.. ඔහුට ඔහු බලාපොරොත්තු වන විදිහේ ආදරයක් , රැකවරණයක්, පිළි ගැනීමක් ලැබුන ද...නැත්නම් ඒ සිදුවීම් වලට ඔහු මුහුණ දුන්නේ කොහොමද ජීවිතයේ ඉදිරියට යන්න..හිතට දැනුනු තරහ, කලකිරීම්, බලාපොරොත්තු කඩවීම්, දුකට, අසරණකම් වලට කොහොමද මුහුණ දුන්නේ..මේ හැමදේම සැලකිල්ලට ගන්න ඕන ඔහු ගැන නිගමනයකට එන්න කලින්...
මොකද දරුවෙක් ඉපදුනාට පස්සේ ඔහුගේ හෝ ඇයගේ හැසිරිම් රටාව ගොඩ නැඟෙන්නේ, හිතන පතන විදිහ ගොඩ නැඟෙන්නේ , කරන කියන දේවල් තීරණය වෙන්නේ ඔහු හෝ ඇය හැදුනු වැඩුනු පරිසරයෙන් ලැබුන අත්දැකීම් මත නිසා..ඕනම විදිහකට හැඩ ගස්වන්න හැකි මැටි ගුලියක් වගේ මොළයක්නේ අපිට උපතින් ලැබෙන්නේ.. පුංචි කාලේ කියවපු අර ගිරව් දෙන්නගේ කතාව තමයි මාව මේ විදිහට හිතන්න පෙළෙබෙව්ව මුල්ම තැන..
ඉතින් අද ඔහුගේ මොළය වැඩ කරන ආකාරය ඔහු විසින් තනියම අනිත් අයගේ මැදිහත් වීමකින් තොරව හදා ගත්තක් නෙමෙ. මොළයේ ක්‍රියාකාරිත්වයේ ධන සෘන දෙකටම වගකිව යුතු ඔහු පමණක් නොවේ..
ප.ලි.: හැබැයි මගෙත් ඔහුගේ පවුලේ වැඩිහිටියනුත් කියන ලෙස මමවත් මගේ පුතුවත් නෙමේ ඔහුගේ මේ හැසිරිම් වලට මුල.. ඒ වගේම මමවත් මගේ පුතුවත් මේ හැසිරිම් වලට වගකිව යුතු නැහැ...අපි අපේ ජීවිත සතුටින් නිදහසේ සැහල්ලුවෙන් ගෙවීමේ කිසිඳු වරදක් නැහැ..
අතේ දුරින් සිට අපේ ජීවිත වලට බලපෑමක් නොවන පරිදි ඔහුට උදව් කරන්න මගේ අකමැත්තක් නැත්තේ, ඔහුත් ජීවිතය විඳිනවා දකින්න කැමති නිසයි, විඳවන්නේ නැතුව..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-90426134524288291942020-08-11T17:58:00.003-07:002020-08-11T18:01:13.082-07:00මොකද්ද එහි අවසන් ප්‍රතිපලය..
වයසින් වැඩුනු මනසින් නොවැඩුනු පිරිමියෙකුගේ පෞර්ශ ගැටලු වලදි තනි නොකර, සඟවන්නේ නැතුව උදව් ලබා දීම වරදක් ලැජ්ජාවක් ලෙස සලකන්නේ ඇයි..ඇයි එවැනි පිරිමින්ගේ නොගැලපෙන ක්‍රියා හැම විටම සාධාරණීයකරණය කර සඟවන්න උත්සහ ගන්නේ, මොකද්ද එහි අවසන් ප්‍රතිපලය..
ඇයි වටහගන්න ගන්න බැරි එවැනි පිරිමින්ව හැකි ඉක්මනින් ප්‍රතිකාර (මානසික උපදේශන) වලට යොමු කිරීමෙන් අවුල් ජාලයක් බිහි වීම වලක්වා ගත හැකි බව...ඇයි එක බොරුවක් වහන්න තව බොරුවක් කියන තැනකට වැඩිහිටියන් පත් වෙන්නේ...ඇයි විවාහය ජීවිතයේ අවසන් කඩයිම සහ එකම ගැලවීම ලෙස වැඩිහිටියන් දකින්නේ..
මේ මගේ විවාහයේ මුල් කාල්යේ ඉඳලම මගේ අම්මගෙන් මට අහන්න තිබුනු ප්‍රශ්න.. නමුත් මුල සිටම ඇය හිතා මතා මඟ හැරිය ප්‍රශ්න..තාත්තා අප අතරින් සමු ගෙන සිටි නිසා ඇය වැඩ කලේ ඇගේ හිතුමනාපෙට..ඇයම සොයා ගත් පුද්ගලයාගේ අඩු පාඩු පිළිගන්න ඇය පොඩ්ඩක්වත් කැමැති උනේ නැහැ..පිරිමින්ට වහල් වූ මනසක් ඇති සමාජයට අධික ලෙස බය තමන්ගේ ආත්ම ශක්තිය හීන මෙවැනි අම්මාවරු (පියවරු) නිසා කොතරම් දරුවන් නිකරුනේ අපහසු ජීවිත ගත කරනව ඇති ද ලෝකය පුරාම..
එවැනි දරුවන් හැකි ඉක්මනින් වටහ ගන්න ඕන තමන්ගේ ජීවිතය ගලවා ගැනීම, නිදහස් කර ගැනීම වරදක් නොවන බව අම්මා (තාත්තා) කියන චරිතයට එරෙහි වෙන්න උනත්..අම්මා කියන චරිතයෙන් ඈත් වෙන්න සිදු උනත්...එවැනි අම්මාවරුන්ටත් මානසික උපදේශන අත්‍යාවශ්‍යයි මම දකින විදිහට හැකි ඉක්මනින්...
ප.ලි.: වසර 29ක් මගේ හොඳම යෙහෙළිය වූ මගේ අම්මා කියන චරිතය මගේ විවාහය සමඟම සැඟවී ගිය හැටි මේ ගීය අහන හැම වෙලේම මට මතක් වෙන දෙයක්..මගේ හිතේ ඇය වෙනුවෙන් මගේ ජීවිතය පවා කැප කල හැකි ආදරයක් තිබුනත් ඇයගේ හිතේ ඇත්තේ වෙනත්ම දෙයක් බව ඉතා පැහැදිලිව වටහා දුන් තැනක් මගේ විවාහය...
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com3tag:blogger.com,1999:blog-8003424149668137377.post-44769911410472445822020-08-10T18:19:00.001-07:002020-08-10T18:22:43.225-07:00නිදහස් නිවහල් ජීවිතයකට බය ඇයි...
මගේ අම්මා ඇතුලු සියලු වැඩිහිටියන් තවමත් සිතන්නේ ඔවුන්ගේ සහ පුතුගේ තාත්තාගේ කිසිඳු ප්‍රශ්නයක් නැති බවත් මම තව දුරටත් ඉවසිය යුතු බවත්..ඔවුන් සියලු දෙනාගේ ගැටලු මා විසඳමින් මගේ මුලු ජීවිතයම ජීවත් විය යුතු බවත්..ඔවුන් ස්වාධීනව ඒ ගැටලු වලට කිසිවක් නොකරයි අනුන්ට රිදවීම සහ සැඟවීම හැර.
ඒ වගේම පුතුගේ පියාට බැරි නම් මගේම මල්ලිට හෝ මා යටත්ව ජීවත් විය යුතු බවත්..ඔවුන්ගෙන් කිසියම් උදව්වක් ගන්නවා නම් මම ඔවුන් කියන විදිහට ඉන්න ඕන බවත්.. නිදහස්ව නිවහල්ව ජීවත් වෙන්න ඉඩක් දෙන්න කැමැතිම නැහැ විශේෂයෙන් මගේ අම්මා..පුදුමාකර ලෙස නිදහස් ජීවිතයකට ඇය බයයි..තප්පරයක් නෑර මගේ ජීවිතය මගේ අම්මට වාර්ථා කල යුතුයි පිරිමියෙකුට යටත්ව නැති නම්...
මගෙ අම්මත් නැන්දම්මත්, ඔවුන්ගේ අම්මලාත් තම පවුල් වල පිරිමින්ට මානසිකව ශාරිරිකව කැමැත්තෙන්ම යටත්ව යැපෙමින් තමන්ව ලෝකයෙන් සඟව ගනිමින්, අත් හරිමින් මුලු ජීවිතයම ගත කල අය. ඉන් එහාට තමන්ට තමන්ගේ ජීවිතයක් ඇති බව නොදකින අය...තමන් නිදහස් බව නොදකින අය.
තමන් විසින්ම තමන්ගේ ජීවිතයේ සතුට, සැහැල්ලුව, සහනය අහිමි කර ගන්න, තමන්ගේ ජීවිතය විහින් සිර කර ගන්න ඒ ආකල්ප කවදා වෙනස් වේවි ද..ගැටලුව නැති තැනට නොව ඇති තැනට නිසි පිළියම් කවදා ලැබේවි ද.
මගේ අම්මා ඇතුලු මගේ පවුලේ අයට හරිම අමාරුයි පැහැදිලි කර දෙන්න, ගැහැනියගේ සහ දරුවන්ගේ පැත්තෙන් පහසු නිවැරදි තීරණ ගැනිමේදි එයට එරෙහි වන පිරිමි කෙනෙකුගේ නොගැලපෙන හැසිරිම් වලට කිසිඳු අවදානයක් නොදි ඉදීම, අවශ්‍ය නම් නිතීමය ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් බව... ඒ වෙනුවට ඔවුන් කියන්නේ සැඟවී 64 මායම් පාවිච්චි කරන ලෙසයි..64 මායම් පාවිච්චි නොකර නිතීමය ක්‍රියාමාර්ග ගැනීම ඔවුන් සලකන්නේ මගේ දුර්වලකමක් ලෙසයි...අපහාසයක් ලෙසයි..
මගේ අම්මා (ඇතුලු සියලුදෙනාම සෑහෙන කලක් මගේ මල්ලි ද) කියන්නේ ඒ නිවැරදි ස්වාධීන තීරණ පසෙකින් තබා මගෙත් දරුවාගෙත් ජිවිත අත් හැර පිරිමියා රැක ගන්නා ලෙසයි..බලා ගන්නා ලෙසයි..නැන්දම්මත් මාමණ්ඩිත් ඒ වගේමයි.. ඔවුන්ගේ ජීවිත ගෙවී ඇත්තේ ද එලෙසින්මයි..(දරුවන්ට ලැබිය යුතු නිසි අවදානය, ආදරය නොලැබීම ඔවුන්ට අනූව වරදක් නොවේ, පිරිමියා රැක ගත්තටම හොඳටම ඇති )
මට නම් තේරෙන්නේ නැහැ ඇත්තටම මේ තරම් මොනව ද පිරිමියාගේ රැක ගන්න තියෙන්නේ..පරිස්සම් කරන්න තියෙන්නේ..මට මතකයි මගේ අම්මා මගේ තාත්තාට එක් විනාඩියක් හෝ තනිව නිදහසේ ගත කරන්න ඉඩ නොදුන්න විදිහ, තාත්තා යන්නේ කොහෙ ද අම්මටත් යන්න ඕන.. ඒ ඇයි..මට නම් එහෙම අවශ්‍යතාවයක් දැනී නැහැ අද වන තුරු..ඒ ආදරය කියා කෙනෙක් කියනවා නම් මට කියන්න තියෙන්නේ ඒ ලෝභය, සැකය, ඉරිසියාව මිස ආදරය නොවේ...
මෙලෙස හිතන මගේ අම්මා සහ අනිකුත් වැඩිහිටියන් මගේ සහ දරුවාගේ යහපත වෙනුවෙන් ගන්නා තීරණ නිසා පුතුගේ තාත්තා කිපී හැසිරෙන බවත්, නැත්නම් ඔහු ඉතා හොඳ පිරිමියෙක් බවත්, එය වලකවා ගන්න නම් මම ගන්න තීරණ වහාම නවතා ඔහුව නැළවිය යුතු බව මිස වෙන කිසිම ක්‍රමයක් ඔවුන් දුටුවේ නැහැ.. ඉතින් නීති හදලා මොකට ද..හැම විටම බලෙන්ම ගැහැනිය තමන්ව සහ දරුවන්ව බිල්ලට දෙනවා නම්..
ඉතින් සමාජයක් ඉදිරියට යාවි ද මානසික සහනයක් ලැබේ වි ද....සාධාරණ නිවැරදි බුද්ධිමත් ද්විපාර්ශවීය තීරණ නිදහස්ව අඩුම ගානේ පවුලක් ඇතුලෙවත් ගත හැකි සමාජයක් හැදේවි ද මෙවැනි වැඩිහිටියන් ජීවත් වන පරිසරයක..
සෑම විටම පිරිමියා ගන්නා තීරණ තමයි 100 % ක් හරි, ඉන් එහා නිවැරදි තීරණයක් නැති බව ඇයි ගැහුනුන්ම හිතන්නේ.. ඇයි එකතුමුව තීරණ ගන්න බැරි දෙපසටම සාධාරණ..ඇයි ගැහැනිය තමන්වම එතරම් පහලට ඇද දමා ගන්නේ, අවතක්සේරු කරන්නේ..ඇයි පිරිමියෙකුට ස්වාධීනව වටහ ගන්න ඉඩ නොදෙන්නේ ඔවුන්ගේ තීරණ/හැසිරීම් සෑම විටම නිවැරදි නොවන බව..ඊට වඩා සුදුසු නිවැරදි බුද්ධිමත් තීරණ සාමකාමිව ගත හැකි තරම් ලෝකය විශාල බව
කොහොම ද කොතනදි ද ගැහැනියක්ගේ මනසට මේ අදහස් ඇතුලු කර ඇයගේ මොළය ශෝධනයට ලක් කර යැපෙන්නියක් බවට පත් කර ඇයගේ ජිවිතය ඇගෙන් උදුරා ගෙන සමාජය ඇගේ සාරය උරා බොන්නේ..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-54457669968402733142020-08-09T23:23:00.001-07:002020-08-10T00:21:59.229-07:00තනිකරම මගේ තීරණයක්...
ඇයි හැම තිස්සේම කාගෙන් හරි යැපෙන්න හොයන්නේ...ඇයි කාවහරි යටත් කර ගෙන ජීවත් වෙන්න හදන්නේ...ඇයි ස්වාධීන වෙන්න (ඉඩ දෙන්න) බය…තමන් ගැන එතරම් අඩු ආත්ම විස්වාසයක් දැනෙන්නේ ඇයි..
මගේ අම්මගෙයි, පුතාගේ තාත්තගෙයි හැසිරීම් නිසා ඔවුන් දෙදෙනාගෙන්ම මඳක් ඈත් වී (කිසියම් කාලයක් ) ජීවත් වෙන්න මා තීරණය කල විට ඔවුන් දෙදෙනාම විශාල ලෙස මානසික පසු බෑමකට ලක් විය..එය හරිම සාමාන්‍ය දෙයක් (ලෝකයට හොරෙන් අනුන්ගෙන්) යැපෙන අයගේ..
දෙදෙනා මා සමඟ රඟ පෑ චරිත එකිනෙකට වෙනස් නිසා එක් අයෙක් හඬා වැලපෙන විට අනිත් කෙනා ආවේගශීලි විය.. ඒ ක්‍රම දෙකම කලින්ම බලාපොරොත්තු වී සිටි නිසා ඉතා ලෙහෙසියෙන්ම අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඔවුන් මගෙන් යැපීම වලක්වා ගෙන ස්වාධීනව ජීවත් වෙන්න, තමන්ගේ සතුට හොය ගන්න ඉඩ හදලා දෙන්න හැකි උනත් තවමත් ඔවුන්ට ඒ හැකියාව ලැබී නම් නැහැ..එයට මට කල හැකි දේකුත් නැහැ..
ඔවුන්ගේ හැසිරීම් අසාමාන්‍ය බව පිළි නොගන්නා ඔවුන් දෙදෙනාම විස්වාස කලේ මා වෙනත් අරමුණකින් ඔවුන්ගෙන් ඈත් වෙන බවත් මෙතෙක් කල් මා ඔවුන් රවටා ඇති බවත් කියන සැකය මත විවිධ චෝදනා මවෙත එල්ල විය...කාලය ඔවුන්ගේ චෝදනා වලට නිසි පිළිතුරු ලබා දී ඇති නිසා දැන් ඔවුන් නිහඬ වී ඇත..ඔවුන් දෙදෙනා සමඟම මගේ බැඳිම ඇත්තේ හිතේ මිස ඔවුන් හිතන ලෙස කොළ කැබළි වල නොවේ..ඒ බැඳිම් කෙසේ පවත්වාගෙන යනව ද නැද්ද කියන කරුණ තනිකරම මගේ තීරණයක්..
මෙවැනි යාලුවන් ද නැදෑයින් ද මට හමු වී තියන අතර යාලුකම ඔවුන් වටහා ගන්නේ මා ඔවුන්ගේ සදාකාලික යටත් වැසියෙක් සහ උදව්කාරියක් ලෙසයි..කුමක් කලත් එහි අවසන් අරමුණ ඒ අයගේ ජීවන රටාව පවත්වා ගන්න මගේ කාලය යෙදවීම මිස මගේ ජීවිතය මට කැමති අයුරින් සතුටින්, නිදහස්ව සැහැල්ලුවෙන් ගත කිරීම ඔවුන් නොරුස්සයි..ඉඩක් ලද සැණින් වචන වලින් ඒ හැඟිම් පිට වීම නවත්වා ගන්න ඔවුන්ට බැහැ..එවැනි අයගෙන් හඳුනගත් වහාම ඈත් විම දෙපාර්ශවයේම සාමකාමි බව රැක ගන්න ලොකු උදව්වක්..
ප.ලි.: ඔබට ඔබේ ජීවිතය නිදහස් කර ගන්න බැරි කිසිම දෙයක්/ කෙනෙක් නැහැ, ඔබේම හිත හැර..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-26294354855325915802020-07-27T14:11:00.002-07:002020-07-29T15:20:42.346-07:00මේ ගෙවී යන්නේ ඒ කාලයයි..
මගේ විවාහය මගේ අම්මා මොන තරම් සමාජ භීතිකාවකින් පෙළෙන ආත්මාර්ථකාමි කෙනෙක් ද කියා අවබෝධ කර ගන්න පාර කපාවියැයි කිසි දිනක මා සිතුවේ නැහැ..ඉපදුනු දා සිටම මා ඇගේ ඇස් දෙක මෙන් විටෙක සිර කාරියක් කරමින් බලාගත්තේ දිනක සමාජය හමුවේ ඇයගේ සාර්ථකභාවය ඔප්පු කර පෙන්වීමේ සාධකයක් ලෙස කියා කිසි විටක සිතුවේ නැහැ. ඉතා බොළඳ ලෙස ඇගේ හැසිරීම ආදරය යැයි සිතා සිටියෙමි..
නමුත් වසර 28ක් මා ආරක්ෂ කල ඈ මාස කිහිපයක් තුල වෙනස් වූ අයුරු පුදුම සහගතයි.. ඇගේ යටි අරමුණු වටහ ගත නොහැකි තරම්..ඇය සියල්ල කර ඇත්තේ මට ඇති ආදරයකට නොව සමාජයට ඇති බය සහ සමාජය හමුවේ සුදු චරිතයක් මවා පෙන්වීමට බව වටහා ගන්නා විට මා ප්‍රමාද වැඩිය..නැත කිසිම දෙයක් ප්‍රමාද වැඩි නැත..
ඇයම සොයා ගත් කෙනෙක් හා මා මගේ කැමැත්ත ද ඇතුව හදිස්සියේ විවාහ වූ පසු එහි පැන නැඟෙන ගැටලු කතා කරන්න ඇය කිසිම විටක ඉඩක් දුන්නේ නැත..කතා බහ කරන්න ඇති සෑම ඉඩක්ම හිතා මතා වසා දැමු ඇය, සමාජය ඉදිරියේ තමන් දුවෙක් හදා ඉතා සාර්ථකව විවාහ කර දුන් බවත් ඇගේ වගකීම් යුතුකම් සියල්ල අකුරක් නෑර ඉටුකර අවසන් බවත් කියා සිටියේ මහත් ආඩම්බරෙන්..
එතනින් එහාට පැන නඟින සියලු ගැටලු වලට ඇයගේ සම්බන්ඳයක් නැති මගේ වරදින් ඇති වන බව පෙන්වන්නට ඇය ගත්තේ ලොකු උත්සහයක්...ඇය එතෙක් රඟ පෑ මාතෘ ප්‍රේමය හිටි හැටියේ අතුරුදහන් වූයේ මෙන්න මෙතනදි..
කුඩා කල සිටම ලෙහෙසියෙන් ගැටලු හමුවේ මා සිර වන්නියක නොවේ..කදුලු සලන්නියක නොවේ...නමුත් මේ ගැටලුව මට බර වැඩි බව දැනුනු මොහොතේ, මගේ කටහඬේ, මගේ හදවතේ බිඳුනු තැන් හරියටම හඳුනා ගත් ඇය කලේ එය පිලිසකර කිරිමක් වෙනුවට බලෙන් වසා දමා උඩු දුවන්න දීමයි...මවක් පියෙක් නොමැති අනාථයෙක් බවට මා පත් කිරිමයි..හිත් පිත් නැති අමනුස්සයෙක් බවට පරිවර්තනය වන්න ඇයට ගත වුනේ ඉතා අඩු කාලයක් වගේම පුරුද්ක් ලෙස ඇය කරන emotional black mailing ද අඩුවක් නොවීය.
එතෙක් ඇ රඟ පෑ මගේ අම්මා නම් චරිතය අතුරුදහන්ව තිබුනේ ඉතා පුදුමාකාර ලෙසින් වගෙම මේ විවාහය ඇය විසින් සොයා ගත් කෙනෙකු හා හදිස්සියේ වූ බවත් ඇය අමතක කලේ පුදුම වේගයෙකින්..ඒ වෙනුවට මේ විවාහය ඇය කරන්න එපා කිව බව කියමින් අලුත්ම රඟපැමක් ආරම්භ කර තිබුනේ කෙසේ හෝ ඇය බේරි මා උගුලේ සිර වන ලෙසය..
තමන්ගේ දරුවා අපහසුවෙන් ජීවත් වන විට එයට සමාජය පැත්තෙන් බලා නිදහසට හේතු කියමින් කෙසේ ඈ සැනසිල්ලේ එදිනෙදා ජීවතය ගත කලා ද යන්න මට තවම ප්‍රහෙලිකාවක්..ඒ මා ද අද මවක බැවින්...මගේ දරුවා ඉතා කුඩා අපහසුතාවයකින් පෙළෙන බව දකිද්දි ඉවසන්න හැකියාවක් මට නම් නැහැ..මා අවට සමාජය නොවේ මුලු ලෝකයම වෙනස් කරන්න, උඩු යටිකුරු කර දරුවා විඳින අපහසුව අතුරුදහන් කරන්න මා තුල මගේ පුතුට ඇති ප්‍රේමයට පුලුවන්.
මා එසේ උනත් මගේ අම්මා කියන ගැහැනිය මාස කීපයක් දැන හඳුන ගත් පවුලක ගැටලු වැලක්ම හමුවේ මා තනි කර සමාජය හමුවේ පෙන්නුවේ ඉතා සාර්ථකව සියලු දේවල් අවසන් වී ඉතා සතුටින් සියල්ලෝම ජීවත් වන බවයි..හරියට සුරංඟනා කතාවක් වගේ...
දිගින් දිගටම ඉතා අසාධාරණ ආසාමාන්‍ය හැසිරිම් පෙන්වු මේ විවාහය සමඟ මා කෙසේ හෝ ජිවත් විය යුතු බව එය මගේ උරුමය බව ඇය පැවසුවේ වචන වලින් පමණක් නොවේ හැසිරිමෙනුත්..නිවස තුල ඇති ගැටලු සියල්ලම කතා බහ නොකර තනි කැමැත්තට බලෙන්ම වළලා දැමු ඇය තමන්ගේම දරුවා ප්රතිකශ්සප කල පිරිමියෙකුට මගේ ශරීරය සහ ආත්මය තව දුරටත් බිලි දිය යුතු බව තරයේ ඇදහුවාය, සමාජයේ ඇයට ඇති තැන සහ සුදු චරිතය පවත්වා ගන්න..
ඇයගේ මේ සමාජයට ඕන විදිහට ජීවත් විමේ උන්මාදය අප කුඩා කල සිටම පවතින්නක්..වරදින සෑම විටම කොහේට හෝ ඇඟිල්ල දිඟු කර චෝදනා කරන ඇය සාර්ථකවීම් බාර ගන්නේ මහත් කැමැත්තෙන්..මම බලෙන් ඉල්ලා ඉපදි ඇති බවක් මිස ඇය හැඟිම් වලට වහල් වී මා බිහි කල බවත් මා ස්වාධීන මිනිස් දුවක් බවත් පිළිගන්න ඇය සුදානම් නැහැ....ඒ වගේම මා ඉපදී ඇත්තේ ඇගේ ජීවිතයේ අඩු පාඩු සපුරන්න බවයි ඇය හිතන්නේ..එකක් දෙකක් නෙමේ...ඇය ජීවත් වන කාලය පුරාවටම...සමාජයේ කෙනෙක්ගෙන් ඇයට වන මදිපුංචිකම් වලට විසඳුම ද සෙව්වේ මගේ ජීවිතයෙන්...ඇයට මම වියදම් කරන මුදල් ප්‍රමාණය ද මදි බවත් ඈ කියයි..
ලංකාවෙන් පිටව ආ පසු ද ඇය නෙමේ එක් අඩියක්වත් ඇගේ මේ අදහස් වලින් හෙලවුනේ.එක්සිත්ව තදින් ඈ කියා සිටියේ මේ විවාහය දිගටම ගෙන යා යුතු බවත් නැත්නම් ඇයට ඇගේ පවුලට, සමාජයට මුහුණ දිය නොහැකි බවත්..මා සහ දරුවා විඳින අසාධාරණය ඇයට කිසිම ගාණක් නැත..ඇගේ අරමුණ ඉටු වීම පමණකි ඇයට අවශ්‍ය..මේ සියල්ල දෙස ඉතා කලකිරිමෙන් (පිළිකුලෙන්) බලා සිටි මා ඇයට කිසිම අඩු පාඩුවක් නොකර සැලකුවෙමි..මාව අමතක කර සැලකුවෙමි..ආර්ථිකව සහ මගේ අනාගතයට අහිතකර තීරණ පවා ගනිමින් ඇයව අන් අයට භාවිතා කිරිමට ඇති සෑම ඉඩක්ම වසා දැමුවෙමි..තනි නොකෙලෙමි...ඇයට දිය හැකි උපරිම සහනදායි ජීවිතයක් ලබා දුන්නෙමි සියලු බර මා අදිමින් තනිව..
නමුත් ඇගේ රාජධානියෙන් මිදී මා ස්වාධීනව කුඩා හෝ සතුටක් ලබන විට හැපින්නියක සේ කිපෙන, මගේ අහිංසක කුඩා පුතුට පවා බැන වදින ඇයගේ හැසිරීම් තවත් මා ඉවසිය යුතු නැති බව දිනක් මා තීරණය කලෙමි..සැබවින්ම මා ඒ තීරණය ගත යුතුව තිබුනේ මීට බොහෝ කාලයකට පෙර උනත් මා ඇයව තනි කලොත් ඇය මහත් ඉහලින් තබාගෙන සිට්න සමාජයේ කිසිවෙක් ඇය ලඟ නැති බවත් වටහා ගෙන සිටියත්, දෙමාපියන්ගේ මෙවැනි හැසිරිම් ඉවසිය යුතු නැති බවත්, මම ජීවිතාන්තය තුරුම ඇගේ වහලියක් නොවන බවත් ඇයට කෙලින්ම පවසා ඇගෙන් ඈත් වීමි..
සමාජය ඉදිරියේ සුදු චරිතයක් රඟපාන ඇය නිවසේ රඟපාන කලු චරිතය පිටුපස කුමන විදිහේ ඛේදවාචයක් ඇත්දැයි කියා මා දන්නේ නැහැ හරියටම..එය කුමක් උනත් මගෙත් මගෙ අහින්සක කුඩා පුතුගෙත් ජීවිත බිලී නොදී විසඳුමක් සොයා ගත හැකි විය යුතුයි....මේ ගෙවී යන්නේ ඒ කාලයයි..
ප.ලි.: සමහර මිනිසුන් අවබෝධ කර නොගන්න දෙයක් නම්, ඔවුන්ගේ හැසිරීම කෙනෙකුට ඉතා හිරිහැරයක් බවත් සිමාව පැන්න විට තමන් තනි වන බවත්..අනුන්ගේත් තමන්ගේත් යහපත වෙනුවෙන් තමන්ගේ හැසිරීම් වෙනස් කර ගත යුතු බව පිලි ගන්න අකමැති මෙවැනි මිනිසුන් සිටිය යුත්තේ නිදැල්ලේ සැරුසරමින් නම් නොවේ ..
මා මේ සියල්ලෙන් තනිව ගැලවුනු පසු ඇය පවසන්නේ තවත් පුදුම කතාවක්.. පවුලක් කඩා ඇයට පව් පුරවා ගන්න බැරි බවයි. ඒ තර්ක ඇය ඉදිරිපත් කරන්නේ හොඳ සිහියෙන් ද කියා මට නම් ඇත්තේ ලොකු සැකයක්..මොකද පවුලක් කියන්නේ සුන්දර අත්දැකීම් මවන සියල්ලන්ගේම සතුට සහනය ගෙනෙන දෙයක් ලෙසයි මා දකින්නේ...කෙසේ නමුත් අද මා ඒ ආත්මාර්ථකාමි චරිතයෙන් ඉතා ඈතින් සැනසිල්ලේ ජීවත් වෙමි..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com2tag:blogger.com,1999:blog-8003424149668137377.post-1541806455876935642020-07-26T19:13:00.003-07:002020-07-26T19:13:39.715-07:00එය මිනිසෙකු ලෙස උපත ලැබු ඔහුගේ අයිතියක්..
මගේ පුතු ඉදිරියේ ඔහුගේ මවත්, පියත් ඇතුලු වැඩිහිටියන් කිසිඳු වරදක්, අඩු පාඩුවක් නැති සර්ව සම්පුර්ණ මිනිසුන් කියා ඔප්පු කර පෙන්වන්න,රඟපාන්න මට කිසිඳු අවශ්‍යතාවයක් නැති නිසා ඔහු අකමැති, ඔහුට අපහසු අපේ පුරුදු, අපේ ක්‍රියාකලාපයන් ඉතාම නිදහස්ව විවෘතව කතා කරන්න, විවේචනය කරන්න ඔහුට ඉඩ ලැබී ඇත..වෙනස්කම් කරන්න ඉඩ ලැබී ඇත..
ඔහු එලෙස විවෘතව කතා කිරීම, වෙනස්වීම් කතා කිරීම වැඩිහිටි අපට කරන අගෞරවයක් අපහාසයක් කියා මට හිතෙන්නේ නැහැ..එය මිනිසෙකු ලෙස උපත ලැබු ඔහුගේ අයිතියක්..
එසේ නිදහස්ව ඔහුට කතා කරන්න දුන්නා කියා ඔහුගේ හදවත තුල මටත් ඔහුගේ පියාටත් අනුකුත් වැඩිහිටියන්ටත් ඇති තැන හෝ ගෞරවයේ වෙනසක් වී ඇතැයි කියාත් මට හිතෙන්නේ නැහැ...මොකද කතා බහ කරන්න නොදි සඟවගෙන හිටියත් දරුවන් කියන්නේ හරිම විමර්ශනශීලි කුතුහලයෙන් පිරුනු මනසක් උපතින් හිමි අය...දරුවන්ගේ ඇස් වසා ඔබ වැඩ කරන්න හැදීම ඉතා නිරර්ථක දෙයක්..
මට නම් දැනෙන්නේ මේ විවෘතව කතා බහෙන් අපිත් පුතුත් තව තවත් ලං වෙන බව, අපි අතර අවබෝධය වැඩි වන බව..ගැටුම් අඩු වන බව, සැනසිලිදායක ජීවන රටාවකට මාවත විවර වෙන බව..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-67986409952426148982020-07-25T19:59:00.002-07:002020-07-26T15:16:24.291-07:00රත්තරන් බිත්තර දමන කිකිළියගේ හදවත සිදුරු කල මිනිසෙක්..
පුතු පිළිසිඳ ගත් දා පටන් අද වන තුරු මා ආ ගමන කොහෙත්ම පහසු නැත..(ඉන් පෙර ද පහසු නැත) ඒ පුතුගේ තාත්තා පුතුව ප්‍රතික්ශේප කල නිසාවෙන්.. සැලසුම් කල දරු උපතක් උනත් ඔහු පැවසුවේ මා ඔහුට බල කල බැවින් එසේ වෙන්නට ඉඩ හැරිය බවත් පුතුගේ සියලු වගකීම් මා ගත යුතු බවත්..ඉන් පෙර මා ඔහු වෙනුවෙන් කල සියලු දේ කිසිඳු අඩුවකින් තොරව සිදු විය යුතු බවත්..
(අතීතයේ සිටම ලෝකයේ බොහෝ සම්මානලාභි සාර්ථක යැයි සලකන දුර්වල,කම්මැලි වගකීම් වලින් පැන යන පිරිමින්ගේ ජීවිත පිටුපස මෙවැනි ප්‍රකාශ වලට කැමැත්තෙන්ම බිලි වූ, එය තමන්ට මහත් ගෞරවයක් බව අදහන ගැහැනුන් ඇති බව නොරහසක්)
මේ පුද්ගලයා සමාජයේ සම්මත ලෙස ඉතා බුද්ධිමත් වැදගත් පවුල් පසුබිමකින් එන්නෙක්..කුඩා කල සිටම ඉගෙනීමට උපන් හපන්කමක් දැක් වූ ඉතා උසස් ලෙස සියලු අධ්‍යාපන කඩයිම් පසු කල කෙනෙක්..චෙස් ක්‍රීඩාවේ ප්‍රවීණයෙක්..ගණිත අංශයෙන් උසස් පෙල ඉතා ඉහළින් සමත්ව විශ්විද්‍යාලයට තේරෙන මෙම පුද්ගලයා, එහිදීද කැපී පෙනෙන දස්කම් දැක් වූ කෙනෙක්..දහම් පාසැල් ද ගොස් ඇති ඒ විභාග ද ඉතා ඉහළින් සමත්ව, දහම් පාසැල් ගුරුවරයෙක් ලෙසත් ඉගැන් වු කෙනෙක්.. පසු කලෙක විශ්වවිද්‍යාල සිසුන්ටත් ගුරුවරයෙක්. (ගුරුවරු වෙන්න මෙවැනි පුද්ගලයින් සුදුසු ද...ඒ අතුරු පැනයක් හිතන්න කැමති ඔබට…)
කිසිඳු අසම්මත ක්‍රියා වල නොයෙදෙන්නෙක්..මත්පැන් දුම්වැටි කටේ නොතියන්නෙක්..මා හැර වෙනත් ගැහැනුන් ඇසින් මිස ගතින් ඇසුරු නොකරන්නෙක්.. (මේ නිර්ණායක මිනිසෙක්ව මනින්න, ඔහුගේ සාර්ථකභාවය මනින්න,ඔහුගේ මිනිසත්කම මනින්න යොදා ගන්න සමාජය ගැන පසුව කතා කරමු..)
මෙවැනි උගත් බුද්ධිමත් වැදගත් යැයි සමාජය පිළි ගන්නා සාර්ථක බවේ ආදර්ශ ආකෘතියක් (role model) වූ සියලු දේ සැපිරු පුද්ගලයෙක් කොහොමද මෙතරම් නොසැලකිලිමත්, ළඳරු ප්‍රකාශ ඉදිරිපත් කරන්නෙ කියා මගේ හිතේ නැඟුනු පැණයට ඔහු දුන් පිළිතුර " මම එහෙම තමයි, මම අකමැති දෙයක් කරන්න උනොත් වෙන කෙනෙක් නිසා මම මෙහෙම තමයි" යනුවෙන්..
සියල්ල දිනූවෙකු ලෙස ඔහු කල ඒ ප්‍රකාශයත් සමඟ මට හිතුනු දේ තමයි මුලු සමාජ ක්රමයම අසාර්ථක බව..මුලු අධ්‍යාපන ක්රමයම අසාර්ථක බව..ජීවිතය පිළිබඳ මූලීකම දේවල් ඔහුට මෙතෙක් ආ 30 වසරක ගමනේ කිසිවෙක් හරිහැටි වටහා දී නැති බව වැටහෙද්දි ඔහු ගැන දැනෙන්නේ අනුකම්පාවක් පමණක් නොවේ...කොහොමද ඔහුගේ කඩා වැටුනු මනස ඔහුට හෝ කිසිවෙකුට නොරිදවා යළි ගොඩ නඟන්නේ....ඔහුගේ හැසිරීම් දිහා ආපස්සට හැරි බලන විට මට ඔහුව පෙනෙන්නේ, රත්තරන් බිත්තර දමන කිකිළියගේ හදවත සිදුරු කල මිනිසෙක් ලෙසයි, ලද දෙයින් සැනසිය නොහැකි..
ප.ලි: පුතු ඉපදුන දා වගේම නිවසට රැගෙන ආ දා ද ඔහු හැසිරුනේ දියෙන් ගොඩ ගත් මාලුවෙක් මෙනි, ගුරුවරියක් වන ඔහුගේ මව, වෛද්‍යවරියක් වන සහෝදරිය, වෛද්‍යවරයෙක් වන ඇයගේ සැමියාත් ඇතුලු කිසිවෙක් ඔහුගේ ඒ කැළඹුනු මානසික ස්වාභාවය ගැන සැළකිලිමත් උනේ නැහැ..ඔහු වෙනුවෙන් ඔහුට දැනෙන්න කතා කලේ නැහැ..
මේ සියලු දේ නිහඬව බලාගෙන සිටි මා අවබෝධ කර ගත් දෙයක් නම් වැඩිහිටියන් කියා මා හිතන ,මා අවට සිටින කිසිවෙක් වැඩිහිටියන් නොවන බවයි..ඔවුන් අත දරුවන්ටත් වඩා ළඳ බොළඳ බියගුළු කිසිවක් නොතේරෙන යැපුම් මානසිකත්වයක් ඇති, ඇත්ත හමුවේ හැංගෙන දුර්වල පිරිසක් බවයි...ඉන් පෙර ද මේ සිතුවිලි වැඩිහිටියන් ගැන මට දැනී තිබුන ද මේ අවස්ථාව ඉතාම පැහැදිලිව ඒ දැනීම තහවුරු කල අවස්ථාවක්..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com2tag:blogger.com,1999:blog-8003424149668137377.post-68188326507476877062020-07-22T19:31:00.000-07:002020-07-22T19:31:06.016-07:00ඔබට පුලුවන්..
මීට වසර 9කට පෙර හාල් කිලෝ 5ක් ඔසවන්න බැහැ කියූ, දරුවා බලා ගන්නවා නම් සියලු දේ වෙනත් කෙනෙක් සුදානම් කර දිය යුතු බවත් එසේ නැත්නම් තමන් දරුවා බලා ගන්න නොදන්නා බවත් පැවසූ පුතුගේ තාත්තා අද වන විට සතියේ දින හතේම ඔහුගේ සියලු දේ තනිවම කර ගන්නා ගමන් පුතුගේ සියලු වගකිම් ද සති අන්තයේ ඉතා සාර්ථකව තනිව දරයි…මවිසින් ඔහුගේ කිසිඳු අවශ්‍යතාවයක් සපුරන්නේ නැහැ අද වන විට..ඔහු ඕනටවත් වඩා තමන්ගේ අවශ්‍යතා තමන් විසින්ම සපුර ගන්න අති දක්ෂයෙක්..
ඔහුට මේ හැමදේම බැරි කර තිබුනේ ඔහුගේම මව ඇතුලු ලාංකීය සමාජය..ඉතා දක්ෂ ඔහුගේ මොළයට කොතරම් තදින් මේ දේවල් සමාජය සහ ඔහුගේ මව කා වද්දා තිබුනාද කිව්වොත් තමන්ට ඉතා හොඳින් පහසුවෙන් නිර්මාණාත්මකව, තවත් කෙනෙකුගෙන් නොයැපී, කලබල නොවී ජීවිතයට මුහුණ දෙන්න හැකි බව ඔහු විස්වාස කරන්නේ නැහැ..
හැම විටම තවත් කෙනෙක් තමන්ගේ පසු පසින් සිට සියලු දේ ඔහුට පහසු අයුරින් කර දෙන්න සැදී පැහැදී සිටිය යුතු බව තමයි ඔහුගේ හිත ඔහුට මුමුණන්නේ.. එසේ නැති විට තමන් කිසි දෙයක් බැරි කෙනෙක් වෙන බව තමයි ඔහුට දැනෙන්නේ..ඒ නිසා තනිව වගකීමක් දරන්න වූ විට ඔහු හැසිරෙන්නේ තරහින්, ආතතියට පත් වෙමින්, අනුන්ට බලපෑම් කරමින් තමන් වෙනුවෙන් මේ දේවල් කල යුතු බව…
ඒ වගේම ගැහැනියක් මේ දේවල් කල යුතුයි/නොකල යුතුයි, පිරිමියෙක් මේ දේවල් කල යුතුයි/නොකල යුතුයි කියා ද ඔහුගේ මොළයට මව, පියා ඇතුලු ලාංකීය සමාජය ඉතා තදින් කා වද්දා ඇත.. ස්වාධීනව සිතීමට සහ තමන්ව විස්වාස කරන්න ඔහුට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම මුලිනුපුටා ඇත්තේ ඉතා කණගාටුදායක ලෙසින්..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-5518286569118868032020-07-21T20:54:00.000-07:002020-07-21T21:03:11.999-07:00මෙහෙම වෙන්නෙ ඇයි..
මතයක් තියනවනේ විවාහයකින් පස්සේ ගැහැනියක් පිරිමියෙක් හදා ගන්න ඕන කියා..දරු කමට වගේ...කොහොමද වැඩිහිටි පිරිමියෙක් තවත් කෙනෙකු හදා ගත යුතු කෙනෙක් තරම් නොහැකියාවක් නොතේරුම්කමක් ඇති කෙනෙකු උනේ..එවැනි පිරිමියෙක් විවාහයකට සුදුසුයි කියා ඇයි හිතන්නේ...
ගැහැනියටත් හිතන්න පුරුදු කරලා තියන්වනේ "මම තමයි ඔක්කොම දන්නේ, මම කිව්ව විදිහට කලේ නැත්නම් ඔක්කොම වරදිනවා, පිරිමියා කිසිම දෙයක් නොදන්න බබෙක්" කියා...
මෙහෙම වෙන්නෙ ඇයි...පිරිමියාට ඇත්තටම කිසිම දෙයක් තේරෙන්නේ නැද්ද, හිතන්න මොළයක් නැද්ද...මේ දෙමාපියන් තමන්ගේ වගකීම පැහැර හැර එය තවත් කෙනෙකුගේ ඇඟේ ගැසීමක් නෙමේ ද...
ප.ලි.: මගේ නැන්දම්මයි, මගේ අම්මයි දෙන්නම බලාපොරොත්තු උනේ විවාහයෙන් පසු මම පිරිමියාව හදා ගන්න "අම්මා" කෙනෙක් වීම මිසක් පිරිමියා ස්වාධීනව තමන්ගේ අඩු පාඩු නොහැකියාවන් හදා ගැනීම නෙමේ.. එය පිරිමිකමට නින්දාවක් ලෙසයි මේ දෙදෙනාම සලකන්නේ..මේ දෙදෙනාගෙන් එක් අයෙක් හැදි වැඩෙන්නේ කොළඹ, අනින් කෙනා කොළඹින් පිට...නමුත් අදහස් 100% එක හා සමානයි..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-2123545602102081102020-07-11T22:38:00.003-07:002020-07-12T16:40:13.189-07:00ඉගෙන ගත් අසරණභාවය..
ඔබ අසා තිබෙනවද Learned helplessness එහෙම් නැත්නම් "ඉගෙන ගත් අසරණභාවය" කියන තත්වය ගැන..මොකද්ද මේ..ඒ ගැන ලියන්න කලින් මේ ගැන ඉගෙන ගනිද්දි Martin Seligman කියන පර්යේක්ෂකයා බල්ලන් යොදා කල පරික්ශණයක් ගැන ලියන්න හිතුනා මට..සතුන් යොදා ගෙන අතීතය පුරාම අදටත් විවිධ විද්‍යාත්මක පර්යේෂණ මිනිස් සතා විසින් කරන බව නොරහසක් නිසා මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ මේ පර්යේෂණ වලදි සතාට උන අපහසුතා..
මෙහිදි එම පුද්ගලයා බල්ලෙක් නිදහස් පැන යා හැකි පරිසරයක තබා ඒ සතාට දී තිබෙනවා කුඩා විදුලි සැරක් නොහිතන මොහොතක.. එහිදි ඔහු නිරීක්ෂණය කර තිබෙන්නේ අපහසුතාවය දැනුනු සැණින් එතනින් ඉවත් වන සතා..එහිදි බල්ලාට ලොකු පීඩනයක් දැනුනු බවක් හැසිරිමේ වෙනසක් උනු බවක් ඔහු නිරික්ෂණය කර නැහැ..එහිදි ඔහු කියනවා තමන්ට දැනෙන යම් අපහසුතාවයක් පාලනය කිරීමේ හැකියාව තමයි ඊට හේතුව කියා..මොකද බල්ලට නිදහසක් තිබුන විදුලි සැර නිසා දැනෙන අපහසුවෙන් මිදෙන්න..පළා යන්න..
ඊලඟට ඔහු කර තිබෙන්නේ පැන යන්න නොහැකි පරිසරයක බල්ලා තබා නැවත විදුලි සැර සතාට වැදෙන්න සැලැස්විම..මොකද්ද ඔබ හිතන්නේ ප්‍රතිඵලය වෙන්න ඇත්තේ මෙවර..ඔබ හිතනව ද සතා දිගටම පැන යන්න, දැනෙන අපහසුතාවයෙන් මිදෙන්න උත්සහ කරයි කියා එහෙම නැත්නම් උත්සහය අත හැර දමාවි කියා..(මට මෙතනදි බොහෝ මිනිසුන්ගේ විවාහ ජීවිතත් සිහි වෙනවා ඉබේම)
වෙලා තියෙන්නේ දෙවෙනි අවස්ථාව..ටික දවසක් පැන යන්න, ගැලවෙන්න විවිධ ක්‍රම වලට උත්සහ දැරු සතා ඊට අවස්ථාවක් නොලැබෙන විට, තමන්ට තම අපහසුතාවය ගැන පාලනයක් නොමැති බව තේරෙන විට, තම නිදහස අත් හැර දමා අපහසුතාවය දරාගෙන ඔහේ පසෙකට වී ඉන්නා සැටි වගෙම සමහර සතුන්ගෙන් ශාරිරිකවත් ඒ විඳින පීඩනය පෙනෙන්න වූ බවයි ඔහු පවසන්නේ..ඉන් පසු ඔහු නැවත ඒ සතුන්ම නිදහස් පරිසරයක තබා විදුලි සැරට නිරාවණය කර ඇත්තේ ඊලඟට මේ සතුන් කුමක් කරාවි ද බලන්න..
මොකද ඔබ හිතන්නේ දැන් මේ සතුන් තමන්ට දැනෙන අපහසුතාවයෙන් මිදෙන්න අවස්ථාවක් ලැබි තියෙද්දි, අපහසුතාවය දරාගෙනම ඉදිවි ද, ලද අවස්ථාවෙන් අපහසුතාවයෙන් මිදෙන්න උත්සහ කරාවි ද..ඔහු නිරීක්ෂනය කල දේ තමයි පසුව ඔහු හඳුන්වා තියෙන්නේ Learned helplessness ලෙස.. ඒ කියන්නේ බල්ලන් නිදහස් පරිසරයක හිටියත් තමන්ට තමන් ගැන පාලනයක් තිබුනත් විදුලි සැරෙන් දැනෙන වේදනාවෙන්, අපහසුතාවයෙන් මිදෙන්න කිසිම උත්සහයක් දරා නැහැ...බැරිකම නෙමේ, මතකනේ පළමු වතාවේ බල්ලා ඉවත් උනා..මම මොනවා කලත් ගැලවීමක් නෑ කියන තැනට සතාගේ මොළය ඇවිත්..
දැන් බල්ලගෙන් මිදිලා ඔබත් ඇතුලු ඔබ අවට මිනිස් හැසිරීම් දිහා බැලුවොත් ඔබට මොකද හිතෙන්නේ..තමන් විඳින අපහසුතා වලින් මිදෙන්න හැකියාව තියාගෙනත්, අවස්ථා අතටම ලැබිලත් මේ තත්වයේ සිර වී තිබෙන මිනිස් මනසවල් හඳුනා ගන්න ඔබට හැකි ද..
//Learned helplessness is a state that occurs after a person has experienced a stressful situation repeatedly. They come to believe that they are unable to control or change the situation, so they do not try — even when opportunities for change become available.///
ප.ලි. මේ පර්යේෂනය කල පුද්ගලයා පසුව හොයා ගන්නවා නැවතත් මේ බල්ලන් තමන් වෙනුවෙන් තමන් යහපත නිදහස වෙනුවෙන් නැඟි සිටින්න (Assertive skills) පුරුදු කල හැකි බව, නමුත් සෑහෙන්න වෙහෙස වෙන්න වෙන බව...සතුන් හිලෑ කරනවා කියා බොහෝ විට මිනිස් සතුන් කරන්නෙත් මෙහෙම දෙයක් තමා..
ඉතින් කාට හෝ දිගින් දිගටම සෘණාත්මක දේවල වලට නිරාවරණය වෙන්න සිදූ වී ඇත්නම් වහාම ඒ කෙනාව එතනින් මුදවා ගන්න, ඉවසීම කියන්නේ විසඳුමක් නෙමේ..වගේම කටු කෑම කියන්නේ ධනාත්මක ප්‍රතිඵල ගේන සූර වීර ක්‍රමයක් නෙමේ..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com2tag:blogger.com,1999:blog-8003424149668137377.post-12643225971216060662020-06-28T20:45:00.000-07:002020-06-28T20:46:47.198-07:00ඒ සිහිනය නම් බිඳෙන්නේ නැහැ..
Kindergarten වලදි පාසැල් බස් රථ රියදුරු සිහිනයකින් පටන් ගත් මගේ පුතුගේ වෘත්තියම සිහින මේ වන විට වෙනස් වී ඇත්තේ සිතා ගන්නත් අපහසු කෝණයකින්...
එකක් නොව සිහින දෙකක් දකින මේ පුංචි කොල්ලා ඇත්තටම ලොකු උනාම කවුරු වෙයි කියා මට නම් ඇත්තේ කුතුහලයක්.. මොකද මගේ හිතේ ආදරණීය කාරුණික සාමකාමී සමබර මිනිසෙක් මිස මෙන්න මෙහෙම වෘත්තියක නියැලෙන කෙනෙක් වෙන්න ඕන කියා සිහින නැහැ..
ඉතින් මෙහෙම නිවිසැනසිල්ලේ මේ දවස් වල ගෙවී යන ජීවිතයේ පුතුගේ සිහින අතර පළවෙනි සිහිනය තමයි Google CEO වීම..දෙවැණි සිහිනය ඔස්ට්‍රේලියාවේ අගමැති වීම..හැබැයි අගමැතිට වඩා කැමති ජනාධිපති කෙනෙක් වෙන්න කියන පුතු, Google ගෙන් ජනාධිපතිවරුන් සිටින රටවල් විමසද්දි, ලංකාවේ ජනාධිපතිගේ නම Google කියන විදිහටම කියන පුතුගේ හඬ ඇහෙද්දි හිනාත් යනව මට..ඔබත් අහලා බලන්නකො Google ගෙන්..
දවසක් පුතුගේ එක්තරා හැකියාවක් මතකයට නැඟෙද්දි මම කිව්වම "ඔයා ලොකු උනාම..උනා නම් " කියා..ඒත් එක්කම පුතු මගෙන් ඇහුවේ "mum, I can be whatever I want to be, right ? කවදත් වගේ මගේ උත්තරේ උනේ "Yes, of course, you can be whatever you want to be" කිසිම දවසක මගෙ අතින් පුතුගේ ඒ සිහිනය නම් බිඳෙන්නේ නැහැ..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-13290117200856764472020-06-18T17:42:00.002-07:002020-06-18T23:57:46.996-07:00මට හරිම මහන්සියි..
මීට වසර 10කට පමණ පෙර කොළඹින් පිට එක්තරා නැදෑ ගෙදරකදි දුටු දරුවෙකුගේ ඇස් ඉඳහිට මට තවම සිහි වේ..මේ දරුවාගේ මාපියන් දෙදෙනාම වෛද්‍යවරුන්…අපව ඉතා සුහදව සිනා මුසු මුහුණින් පිළිගෙන ගෙතුලට එක්කන් ගිය මේ මාපියන් යුවළගෙන් කෙනෙක් ඇසු විට දරුවා කෝ කියා ලැබුනු උත්තරය "පාඩම් කරනවා"..මේ මා එහි ගිය පළවෙනි වතාව වූ බැවින් දරුවාගේ වයස පිළිබඳ කිසිඳු ඉඟියක් මා දැන සිටියේ නැහැ.. ඉන් පසු ඇසුණූ තොරතුරු වලට අනූව රෝහලෙත් ඉන් පිටතත් මාපියන් දෙදෙනාම සමාජ සේවා වලට තම කාලය ශ්‍රමය නොමසුරුව වැය කරන්නන්..
තේ බී කෑම වෙලාව වෙද්දි නිවසේ එක් පසෙක විවෘත කාමරයක කුඩා දරුවෙක් බිමට නැමුනු හිසින් යුතුව පොත් පිරුනු මේසයක තනිව ඉඳ ගෙන සිටිනු දකින්න ලැබිනි..මොහොතකින් සියල්ලෝම ඒ කාමයරට එබි බලද්දි හැරි බලන දරුවාගේ බියපත් අවිනිශ්චිත දෙඇස් මා දූටුවේ තරමක් ඈත සිට..
කාලයකින් පැමිණි තමන්ගේ නැදැයින් සමඟ සුහද කතා බහකට පවා නැඟිට ඒමට අවසරයක් නොමැතිව, අන් අයගේ සැහැල්ලු සිනා හඬ මැද්දේ මේ දරුවා තනිව පාඩම් කරමින් සිටියේ ශිශ්යත්ව විභාගයට බව වැටහුනු මට දැණුනේ දුකක් ද කලකිරිමක් ද කියා පැහදිලි නැහැ..නමුත් ඈතින් සිටි මගේ ඇස් හා යා වුනු ඒ දරුවාගේ ඇස් කිව්ව නිහඬ කතාව මට ඇහුනේ "අනේ මට බැහැ මේ ඔක්කොම බලාපොරොත්තු කරන්න, මට හරිම මහන්සියි"
ප.ලි.: ඉන් මාස කීපයකට පසු දරුවාගේ ප්‍රතිඵල දැන ගත් විට මගේ පුතාගෙ තාත්තා කිව්වේ " මම හිතුවා ඊට වඩා ලකුණු ගනිවී" කියා
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-32888285246458344222020-06-11T15:43:00.001-07:002020-06-11T15:44:40.379-07:00අන්න ඒ වගේ දවසක් තමයි අද..
පුතා ආදරය කරන දෙයක් ලැබුනාම ඒකත් අරන් යන්න කැමතිම තැනක් තමයි අපේ ගෙදර ඉඳන් ටික දුරකින් තියන පිට්ටනිය.. මේ පිට්ටනියට ඇවිත් එක එක කාලෙට, එක එක තාලෙට හරිම ලස්සනට ඉර බැහැගෙන යන විදිහ බලන්න පුතු විතරක් නෙමේ මමත් හරිම ආසයි..හරිම නිදහස්..ඒ වර්ණ රටා කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ..
පුතා පිට්ටනිය පුරා ඇවිද්දි එහෙම නැත්නම් (අහම්බෙන් හම්බෙන) යාලුවෝ එක්ක සෙල්ලම් කරද්දි මම ගොඩක් වෙලාවට කරන්නේ පසෙකින් තියන කන්ඳට නඟින එක..හැබැයි මගේ ඇස් පුතු එක්කමයි..මේ කන්ඳට තවත් ලස්සනට අහසේ වෙනස් විම් පේන නිසා ඉර බැහැල නොපෙනී යනකන්ම, කලුවර වැටනෙකන්ම කන්ඳෙන් බිමට නම් මම බහින්නේ නැහැ..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-30552366982305812872020-06-09T19:35:00.000-07:002020-06-11T03:04:43.530-07:00ලෝකේ කොහේ හිටියත්...
(උගත්/ නූගත්, ධනවත්/ දුප්පත්, කිසිම බේදයකින් තොරව) කෙනෙක් වයස 18න් 20න් නෙමේ 30දි 40දිත් මිනිස් අන්තර් සබඳතා වලදි හැසිරෙන්නේ පොඩි දරුවෙක් වගේ නම් එතන තියනවා ප්‍රශ්නයක්..මට හිතෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් නෙමේ..මනසේ..
කෙනෙක් හිතනවා නම් (දහම්) පාසල් ගිහින් විශ්වවිද්‍යලෙත් යනව නම් ගිහින් එතනින් එහාටත් උසස් අධ්‍යාපන කරද්දිත්,ලෝකේ පුරා සංචාරය කරද්දිත් කෙනෙක් පොඩි දරුවෙක් වගේ හැසිරීම, සාධාරණයි සාමාන්‍යයි කියා, මොකටද ඒ ඉගෙනීම..මොකද්ද ඒ ඉගෙනීම..මෙහෙම ප්‍රශ්න ඔයාලට හිතෙන්නේ නැද්ද..මට නම් හිතෙනවා..මිනිසා දේශපාලනික සතෙක් උනාට මනසේ ප්‍රශ්න නම් විසඳ ගන්න පුලුවන් තමන්ටමයි..
මට නම් හිතන්න කොහොමටවත් බැහැ වයස 18 දි මුකුත්ම නොතේරෙන නොදරුවෙක් සමාජය බිහි කරනවා කියා..එහෙම වෙනවා නම් මිනිස් සමාජ තුල දැනට බිහි වී තියන සෑම දෙයකින්ම සංවර්ධනය නොවන මොළයක් උපතින් හිමි කෙනෙක් වෙන්න ඕන...
මනස ලෙඩ වීම පිස්සු යනුවෙන් හඳුන්වා ගණනකට නොගෙන ඉදීම වෙනස් වෙන්න ඕන කාලේ ගොඩක් පහු වෙලා කියලයි මට නම් හිතෙන්නේ හිතා මතාම මිනිසුන් අතින්.. මනසත් අපේ ශරීරය වගේම තමයි..කාලයක් තියෙන්න ඇති ශරීරය ලෙඩ උනාමත් බෙහෙත් කරන්න මිනිස්සු අදිමදි කල..
තවත් දෙයක් දරුවන් අතින් පුංචි වරදක් අතපසුවීමක් උනාම එහෙම නැත්නම් වචනයක් එහෙ මෙහෙ උනාම ඔබට අසූහාරදාහටම තරහ යනවද..එහෙනම් බලන්න ඒ තරහ යන්නේ දරුවා එක්ක ද ඔබ එක්කම ද කියා තරහ පිට කරන්න කලින්..දරුවට දැනෙන්න සරලව මනසට හානි නොවෙන්න වරද/ අතපසු වීම හරි ගස්ස ගැනීම අනිවාර්ය දෙයක් කල් නොයවා..
දරුවන් ටික ටික ලොකු වෙද්දි පාලනය කරන්න බැහැ, කියන දේ අහන්නේ නැහැ කියා කියන ගොඩක් දෙමාපියන්/වැඩිහිටියන් දන්නේ නැත්තේ දරුවන් සමඟ සාමකාමීව CONNECT වෙන්න කියා මට සිතේ...මේ බොහෝ වැඩිහිටියන් තමන් සමඟමත් සාමාකාමීව සිහියෙන් CONNECT වීමේ අපහසුතා වලින් පෙළීම හරිම සුලබ දෙයක්..හැබැයි බොහෝ විට වරද පටවන්නේ දරුවන්ට..එහෙම නැත්නම් තමන් ඇරෙන්න වෙන ඕනම දේකට කෙනෙකුට වරද පටවන්න පැකිළෙන්නේ නැහැ..අසාර්ථක විවාහ පවත්වා ගැනීම පිටුපසත් මේ වැරදි පැටවීම දකින්න පුලුවන්..ඊට වඩා කොතරම් පහසු ද සාමකාමීව CONNECT වීමේ සාර්ථක ක්‍රම ඉගෙන ගත්තා නම්..
හැබැයි ඉතින් පහසු උනාටම පුරුද්දෙන් ගැලවෙන්න බහුතරයක් මිනිස්සුන්ට බැහැ..මම ගොඩක් විට දකිනවා යම් දෙයකදි වෙනසක් කරන්න තියන නොහැකියාව නිසා එහෙම නැත්නම් බය නිසා, කරන්න දෙයක් නෑ කියා යන (වැරදි) පාරේම අමාරුවෙන් යන අය..අනිත් අයටත් යන්න කියන අය..ඔබට එහෙම අය හමු වෙනවද..
එහෙම යන්න කියන අයව අඳුර ගත් පසු අතේ දුරින් හිතේ ඒ අයව තබා ගැනීම තමයි මම නම් කරන්නේ..මොකද මට මිනිස්සු අත හරින්න බැහැ සම්පූර්ණයෙන්..එහෙනම් මුලින්ම මම මාව සම්පූර්ණයෙන් අත හරින්න ඕන..ඒ "මම" කියා කෙනෙක් නෙමේ ඉන්නේ "අපි" කියා මට වැටහෙන නිසා..
ලෝකේ කොහේ හිටියත්,
දරුවන් සම්බන්ඳ කල හැකි වැඩසටහන් සමාජීය කුසලතා වර්ධනය කර ගන්න 1..
දරුවන් සම්බන්ඳ කල හැකි වැඩසටහන් සමාජීය කුසලතා වර්ධනය කර ගන්න 2..
දරුවන් සම්බන්ඳ කල හැකි වැඩසටහන් සමාජීය කුසලතා වර්ධනය කර ගන්න 3.
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-22168943040097033082020-06-05T21:10:00.000-07:002020-06-05T21:10:43.997-07:00ඇයි මට විතරක් බැරි ?
පුතුගේ පාසලේ ගිය වසරේ මම වැඩ කල කාලය ඇතුලේ හමු වූ එක්තරා දරුවෙක් ගැන මතකයක් අද ලියන්නේ ඒ සිදුවීම් අකුරු කරන්න තරම් හිත සන්සුන් බව දැනෙන නිසයි..ඒ කාලය තුල හමු වූ හැම දරුවෙක් ගැනම මතකය හරිම සන්වේදියි..සමහර තැන් වලදි හිත නිදහස් කර ගන්න ඕන නිසාම අනිත් පන්තියට මම ගියේ යන්න පුලුවන් දුරම පාරෙන්..
(පැයෙන් පැයට පන්ති මාරු වෙන විදිහට මගේ කාල සටහන හදලා තියෙන්නෙත් ඒ නිසාමයි..මොකද මම උදව් කලේ සාමාන්‍ය දරුවන්ට නෙමේ..විවිධ හේතු මත විශේෂ අවශ්‍යතා තිබුනු දරුවන්ටයි මගේ කාලය වෙන් උනේ..)
මේ දරුවා අනිත් හැම දරුවෙක් අතරින්ම කැපී පෙනුනු අයුරින් මගේ හිතට ලං වුනු දරුවෙක්..ඒ බව මුලින්ම කිව්වේ පන්තිභාර ගුරුතුමිය.. මෙවැනි දරුවෙකුගේ විස්වාසය දිනා ගැනීම ඊටත් වඩා පොඩි හරි ගෞරවයක් ඇහුම්කන් දීමක් ලබා ගැනීම කියන්නේ වැඩිහිටියෙකුට පහසු දෙයක් නෙමේ කියලයි ඇය මට හැමදාම කිව්වේ..
4 වසරේ හිටිය මේ දරුවට ලියන්න කියවන්න හරියට බැහැ..ඉවසීමත් බින්දුවයි..හරි ඉක්මනින් කඩා වැටෙනවා මනසින්..මගේ රාජකාරිය තමයි ඒ කඩා වැටීම පස්සට දාන එක හැකි තරම්.."ඇයි මට විතරක් බැරි" කියන ප්රශ්නය මේ දරුවගේ ඇස් වල නැගෙද්දි මගේ ඇස් වලට උනපු කඳුලු වේල ගන්න තමයි සමහර දාට දුරම පාරෙන් අනිත් පන්තියට ගියේ..
ටික ටික සමීප වෙද්දි, විස්වාසය ගොඩ නැඟෙද්දි, තමන්ගේ සංකීර්ණ පවුල් පසුබිම ගැන එහෙන් මෙහෙන් කිව්ව මේ දරුවට ඉගෙන ගන්න බැරි කිසිම වෛද්‍යමය හේතුවක් නැහැ..තියෙන්නේ දීර්ඝ කාලින දෙමාපිය නොසැලකිල්ල.. මඟ හැරුනු කාලය ආපස්සට තල්ලු කරන්න කාටවත් බැහැ..දරුවෙකුගේ පලවෙනි වසර 5/6 හරිම වැදගත් කියල හිතෙන්නේ මේ වගෙ තැන් වලදි..දැන් ලේසී නැහැ..කාටවත් බැනැලා වැඩකුත් නැහැ..
පාඩමක මැදදි මට මේක කරන්න බැහැ කියා පොත් ඉරලා, පැන්සල දෙකට කඩා පුටුව පස්සට තල්ලු කර, ඉන් එහාට කිසි කෙනෙකුට ඇහුම්කන් නොදෙන නමුත් පාසල තුලදි කිසිම ශාරිරික මානසික දඬුවමක් නොවිඳින මේ දඟයා, නිවාඩු කාලයක් අවසන් වී පැමිණි දිනක තනියම හරිම නිහඬව පන්තියේ පිටිපස්සටම වෙලා බිම ඉඳගෙන හිටියේ තවත් දරා ගන්න බැරිම තැන වෙන්න ඇති..
පන්තියට වෙන් වී තිබුනු මගේ කාලය අවසන් වී තිබුනත් ඒ දරුවව තනි කරලා යන්න හිතුනේ නැහැ මට..මට දැනුනු හැඟිම පැහැදිලි කරන්න හරිම අමාරුයි..ඒ මගේ දරුවෙක් නෙමේ තමයි... ඒත් ඒ දරුවෙක්..විනාඩි කීපයක් යද්දි කේන්තිය කඳුලු විදිහට පිට වීම නතර කර ගන්න ඒ දරුවා ගත්ත අසාර්ථක උත්සහය අවසානයේ පන්තියේ ඉස්සරහ හිටිය මම හිටියේ ඒ දරුවා ලඟ බිම ඉඳගෙන..
ඒ වෙලාවේ පන්තිය කරගෙන ගිය ගුරුවරයා මාව නැවැත්තුවේ නැහැ.. දරුවට කියන්න ඕන උන හැමදේම නිහඬව අහගෙන "ඔයාට පුලුවන්" කියන වචනය විතරක් කියලා එතනින් ආවට සෑහෙන දවසක් ඒ වේදනාව තිබ්බේ මගේ හිත ඇතුලේ..මම දන්නවා ඒ දරුවට ඇවිදල තියා දුවලවත් කෝච්චිය අල්ල ගන්න පරක්කු වැඩ්යි දැන්..ඒත් අත අරින්නේ කොහොමද.. එතකොට ඒ දරුවගේ අනාගතය....
ප.ලි.: අපි අත් අරින්න නොහිතුවත් ගිය වසර අවසානයේ මේ දරුවගේ අම්මට වෙනත් නගරයක ලැබුනු රැකියාවක් හේතුන් පාසලෙන් අස් වෙන්නේ කවුරුත් බලාපොරොත්තු නොවුනු මොහොතක.. අයියට වෙලා තියන දේ දකින මේ පවුලේ මල්ලි එතන්ට නොවැටී ඉන්න තනියෙන් උපරිම උත්සහ ගන්න බව මම දැක්කේ, මල්ලිගේ පන්තියේ වෙනත් දරුවෙකුට උදව් කරන අතරතුරේ..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-59033935106882371302020-06-02T20:18:00.002-07:002020-06-02T20:18:40.237-07:00සුදානම..
අපේ ගෙදර වැඩිම වියදමක් යන දේවල් අතරින් එකක් තමයි පොත්..පොත් වලට වැඩි කැමැත්තක්,ඉඩක් වෙන් කරන බව පේන්න තිබුනත්,ලොකු වියදමක් දරන බව පෙන්නේ නැහැ ගෙදරට එන කෙනෙක්ට...
එහෙම වෙන්න හේතුව තමයි (අනිත් හැමදේම වගේ) මම පොත් එකතු කරන්නේ නැහැ..කියවලා ඉවර උනාම තවත් කෙනෙකුට දෙන්න තමයි මම කැමති නොමිලේ..පුතාට අරන් දෙන පොතුත් පුතා ටික ටික ලොකු වෙද්දි පුතා දැනුවත්ව නොමිලේ දෙන මගේ පුරුද්ද නිසා දැන් පුතත් පුරුදු වෙලා..පුතාම පොත් වෙන් කරනවා දන් දෙන්න..සෙල්ලම් බඩුත් ඒ වගේමයි.. ඒකට නියමිත වෙලාවක් කලාවක් නෑ..පුතා සහ මම සුදානම් වෙලාව තමයි වෙලාව..දෙන්න සුදුසු තැන් තීරණය කරන්නේ නම් හරිම පරිස්සමින් මොන දේ උනත්..
පොත් විතරක් නෙමේ ලඟදි දවසක NBN upgrade කල නිසා ලැබුන අලුත් Router එක නිසා අරන් තිබ්බ පරන Router එකත් තිබ්බේ කොහෙද කියා මගෙන් ඇහුව පුතු කිව්වේ, "අපි ඒක Internet නැති කෙනෙකුට දෙමු, එතකොට එයාලට Internet යන්න පුලුවන්නේ" කියා… හැබැයි පුතුව රවට්ටලා නම් කිසිම දෙයක් ගන්න බැහැ..දෙන බව දැනෙන විට රවට්ටන මිනිස්සු ඉන්න මේ ලෝකේ පුතුගේ ඒ ගතිගුණයට මම හරිම කැමැතියි...
පොත් කියවීමට දරුවන් උනන්දු කරන්න පාසලෙන් පවත්වන Challenge එක පාසලෙන්ම කෙරුනු Kindergarten අවුරුද්දට පස්සේ 1, 2 වසරවල් වලදි පුතුව මා යොමු කලේ නැහැ..
මේ Challenge එකට අඳාල පොත් පාසල් පුස්තකාලයෙන් තමයි දරුවන් සාමාන්‍යයෙන් ගෙනත් කියවන්නේ..ඒ ඒ වයස් කාණ්ඩ වලට වෙන් කර වෙනම විශේෂ තැනක තමයි පුස්තකාලයේ මේ පොත් තියෙන්නේ.. සාමාන්‍යයෙන් සතියකට ගන්න පොත් දෙක ඇරෙන්න තමයි මේ පොත් දරුවන් අරන් කියවන්නේ Challenge එක දිනන්න..කියවන පොත් web site එකේ record කරන්නත් ඕන..
1,2 වසර වලදි මම පුතාගෙන් ඇහුවම ඔයා කැමැති ද මේ Challenge එක පටන් ගන්න කියා පුතුගෙ උත්තරේ උනේ "නැහැ"..ඉතින් මම ඇහුවා "ඔයා කැමති නැද්ද ඔයාගේ පින්තූරයත් පුස්තකාලයේ බිත්තියේ දකින්න" කියා.. (Challenge එක අදාල කාලය තුල සම්පූර්ණ කරන දරුවන්ගේ ඡායාරුප වලට වෙන් උනු බිත්තියක් පුස්තකාලය සතුයි) ඒකට පුතුගේ උත්තරේ උනෙත් "නැහැ"..වයස අවුරුදු 4 පටන්ම ඉතා පැහැදිලිව ආසාවෙන් පොත් කියවන පුතු ඇයි අකමැතියි කියන්නේ කියන එක මට රහසක් නෙමේ..ඒ මේ අධ්‍යාපන ක්‍රමය ගැන වගේම පාසැල ගැනත් මට තිබුන අවබෝධය නිසා..
පුස්තකාලය බාරව සිටින ගුරුවරියගේ හැසිරීම කැත්තට පොල්ල වගේ බව මම දැක්කේ වරක් දෙවරක් නෙමේ..පුංචි දේකටදි උනත් ඇගේ කටින් පිට වෙන්නේ හරිම උද්වේගකර ස්වරයකින් වචන..ඒ තමයි ඇගේ ක්‍රමය දරුවන් හික්මවන..පාසලේ මම වැඩ කල කාලය ඇතුලෙත් මුල් මාස කිහිපයේ ඇය හිටියේ මාව නොදැක්කා වගේ පුස්තකාලය තුලදි..මුහුනට මුහුණ හමු උනත් Good Morning කියා වත් ඇය කිව්වේ නැහැ..ඇය පමණයි හැමදේම දන්නේ අනිත් අය කිසිම දෙයක් "තමන්ගේ පුස්තකාලය" ගැන නොදන්න බව පෙන්වන්න ඇය ගන්නේ ලොකු වෑයමක්..
(ඇයගේ ඒ ක්‍රමයෙන් ඇය හෙම්බත් වෙන හැටිත් අධිකව වෙහෙසට පත් වෙන හැටිත් බලාගෙන මගේ පාඩුවේ හිටියේ අනුන්ගේ හැසිරිම් වෙනස් කරන්න මට බැරි නිසයි..ඇයමයි වටහ ගන්න ඕන..)
ඉතින් එවැනි පරිසරයකට සතියකට එක් වරක් පමණක්, මේ වෙහෙසකර අධ්‍යාපන ක්රමයේ ගිහාම ඇති කියා පුතු එදා ගත්ත තීරණය මම වෙනස් කලේ නැහැ ..නමුත් වසර 3කට පසු පාසල් හොඳින් හුරු පුරුදු වූ පසු, එක් එක් ගුරුවරයාගේ හැසිරීම තරමක් දුරට අවබෝධ කරගත් පසු, මේ වසරේ පුතු අපහසුවකින් තොරව විස්වාසයෙන් කැමත්තෙන් මේ Challenge එක බාර ගන්න සුදානම්..
ප.ලි.: මොන Challenge එකටත් වඩා මට වටින්නේ මගේ පුතුගේ හිනාව..ඒ හිනාව පරිස්සම් කර ගන්න අත් හරින්න නොහැකි දෙයක් තවම මට හමු වී නැහැ..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-52597973408880561052020-06-01T00:20:00.002-07:002020-06-01T01:33:09.565-07:00කවදාවත් කියන්නේ නැහැ මම ...
අම්මා කෙනෙක් කියන්නේ දරුවන් හැම තප්පරේම මනැසේ (ඒ කියන්නේ දැක්කේ නැති උනත් ලඟ නැති උනත් හිත ඇතුලේ) තියා ගෙන ඉන්න හැකි කෙනෙක්..මේ හැකියාව නිසාම ඇයට ඇය අහිමි වෙන අවස්ථා මමත් මුහුණ දුන්න, මුහුණ දෙන හරි සුලබ දෙයක්..
තමන්ට තමන්වම අහිමි වීමෙන් දැනෙන පීඩනය,කණස්සල්ල තමන්ට පමණක් නොවේ තමන් අවට ඉන්න අයටත් ගෙන්නේ සුන්දර අත්දැකීම් නෙමේ..මේ වසර 9ටම මුලු රැයක් එක දිගට මම නිදා ගෙන නැත්තේ,පුංචි දේකින් පවා මට දැනෙන පීඩනය මගේ මනස අවදියෙන් තියන නිසා මනැසේ සක්මන් කරන පුතුගේ චරිතය...එක දරුවෙක්ගෙන් නැවතෙන්න මම ගත්ත නොවෙනස් තීරණය පිටි පස්සේ තියෙන්නෙත් මෙන්න මේ දේ..
හැබැයි මේ මට දැනෙන දේවල් නිසා පුතුට මම කවදාවත් කියන්නේ නැහැ "ඔයාව ලොකු කරන්න මෙන්න මෙච්චරක් මන් දුක් වින්ඳා, දරා ගත්තා, නිදි මැරුවා" කියා..මම දකින විදිහට ඒ සුදානම ලබා නොගෙන දරුවෙක් බිහි කල මගේ අඩු පාඩුවක් මිස පුතුට (කිසිම කෙනෙකුට ) අදාල නෑ ඒ හැඟිම්..පුතුව මේ විශාල සංකීර්ණ ලෝකයේ අතරමන් කරන්න, තනි කරන්නත් මට අයිතියක් නැහැ...
තමන් කරන්න ඕන තමන්ට දරා ගන්න පුලුවන් ප්‍රමාණයට පමණක් කියන දේ විස්වාස කරන නිසයි මට එහෙම හිතෙන්නේ..එහෙම නැතුව දරා ගන්න නොහැකි තරම් දේ කර අවසානයේ අවට ඉන්න අයත් එක්ක වගේම තමන් එක්කත් තරහ ගන්න එකේ, ජීවිතය පුරාම අනුන්ගෙන් උදව් ඉල්ලන, බලාපොරොත්තු වෙන එකේ, ජීවිතය නොවිඳින එකේ තේරුමක් නැහැ..
ප.ලි.: අම්මා කෙනෙක් උනා කියා මගේ ජීවිතය අත් හරින්න කිසිම වෙලාවක හිතිලා නැති නිසා මම මමයි..වෙනසක් උනා තමයි, ඒ වෙනස ඇතුලේ මාව නොවෙනස්ව පවත්වා ගන්න තමයි හැමදාම මම උත්සහ කරන්නේ.. (අම්මා කියන චරිතය ලඟ විතරක් නෙමේ ඕනම මිනිස් සබඳතාවයකදි මට ලැබෙන ඕනම චරිතයක් ලඟදි මගේ හැසිරීම මේ විදිහමයි)
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com1tag:blogger.com,1999:blog-8003424149668137377.post-70384691990654535282020-05-30T03:00:00.000-07:002020-05-30T20:34:17.395-07:00හදන එක වගේම (අත පුච්ච ගන්නේ නැතුව) ගලවන එකත් කලාවක්..
මේ සඳුදා පුරුදු විදිහට සතියේ දින පහම දරුවන් පාසල් යන්න පටන් ගත්තට වෙනදා වගේ දෙමාපියන්ට අවසරයක් නෑ පාසල පුරා ඇවිදින්න තියා ඇතුලටවත් යන්න..හැබැයි ඒ උදේට විතරයි..
හවසට වෙනදට පාසල අරින්න විනාඩි 45කට පෙර ඇරෙන ගේට්ටු දෙමාපියන්ට ඇරුනේ විනාඩි 15කට කලින්..ඊට කලින් එන්න එපා කිව්ව දේ නම් හැම දෙමාපියෙක්ම අකුරටම පිළිපඳින්න ඇති..ඒ වගේම නිසි පරතරය තියා ගන්නත් අමතක කලේ නැහැ කිසි කෙනෙක්.. හැබැයි ඒ පරතරය පවත්වා ගැනීම එතරම් සාර්ථක නැහැ පාසල ඇරුනු පසු..
මෙච්චර කල් උදේට ගේට්ටුවෙන් ඇතුලට ඇවිත් පන්තිය ලඟටම වෙලා bell කලාට පස්සේ දරුවන්ට සමු දුන්න දෙමාපියන්ට වගේම ගුරුවරයා පන්තියට ආවට පස්සෙත් අම්මගේ හරි තාත්තගේ හරි ඇඟේ එල්ලිලා තනියම ඉන්න බෑ කියා අඬන පොඩ්ඩොන්ට නම් මේ ක්‍රමය හරිම අපහසුවක් ගේන්න ඇති...
ඒ වගේ පොඩ්ඩෙක් ගේට්ටුව ලඟඳි අම්මව දාලා යන්න බැරුව තදින් තුරුල් වෙලා ඉද්දි එදා ගේට්ටුව මුර කරපු ගුරුවරයා තමයි වෙනදට අම්මා කරපු රාජකාරිය ගේට්ටුවෙන් එහාට කරන්න බාර ගත්තේ..ඒත් ඒ පොඩි දුරකට විතරයි..ඒ ගුරුවරයා අනිත් දරුවන්ටත් ඒ වගේම අවදානයක් දෙන්න ඕන නේ...
ප.ලි.: මේ පොඩ්ඩව අම්මගෙන් වෙන් කරන්න කලින් ගුරුවරයා භාවිතා කල ක්‍රමය තමයි මේ පින්තූරයේ කියවෙන්නේ..හැඟිම් එක්ක වැඩ කරද්දි (විශේෂයෙන් දරුවන්ගේ හැඟිම්) හරිම පරිස්සම් වෙන්න ඕන..දරුවව සුදානම් නොකර එක පාරට අම්මගෙන් වෙන් කලේ නැහැ ඒ ගුරුවරයා...
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-32782554169794500672020-05-28T20:38:00.001-07:002020-05-28T20:38:12.658-07:00මොනවද දන්නව ද ඒ සාධක...
මාසයකට පමණ පෙර (හරියටම කිව්වොත් මාසයකුත් දවස් 14ක් හදිසියේම හදවත දුවන වේගය වැඩි වී රෝහලේ දින 3ක් ගත කල මට, වෛද්‍යවරුන් නිරීක්ෂණ පරික්ෂණ වලට පසුව කිව්ව හේතුව තමයි උපතින්ම මගේ හදවතේ වේගය තීරණය කරන ස්නායු (sinus node/natural pacemaker) ඉතා සියුම් ලෙස වගේම අසාමාන්‍ය ලෙස අධි ක්‍රියාකාරි බව..
මේ නිසා බාහිරින් ලැබෙන (කුඩා) උත්තේජන වලට වගේම ඇඟ ඇතුලේ සිදුවන (කුඩා) වෙනස් කම් වලදි වැරදි සංඥා මොළයට නිකුත් වීමෙන් හදවත ගැහෙන වේගය අධික නමුත් රිද්මය අසාමාන්‍ය නොවන ලෙස වැඩි කරන බව..ඒ බව තහවුරු කර ගන්න පරික්ෂණකුත් කෙරුනා පහුගිය දවස් වල..
මේ හැම පරීක්ෂණයකින්ම පැහැදිලිව පෙනුනු දෙයක් තමයි හදවත වේගයෙන් ගැහීම ඇරෙන්න වෙන කිසිඳු වරදක් සොයා ගන්න නොහැකි වීම..ඉතින් වෛද්‍යවරු අවසානයේ මට කිව්වේ බෙහෙත් අනවශ්‍ය බවත් Sinus Node උත්තේජනය කරන සාධක වලින් හැකි තාක් ඈත් වී ජිවන රටාව හැඩ ගස්වා ගන්නා ලෙසත්..
මොනවද දන්නව ද ඒ සාධක Asthma රෝගයට ගන්නා puffers, විශේෂයෙන් Ventolin ,Caffeine, Stress, Anxiety, නොයෙකුත් ආසාදන වර්ග,විජලනය, රුධිරයේ යකඩ ප්‍රමාණය ඉතා අඩු වීම.. etc..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0tag:blogger.com,1999:blog-8003424149668137377.post-25002540863654684942020-05-28T02:23:00.000-07:002020-05-28T02:25:47.081-07:00මම ඉන්නේ උදව් කරන්න...
මේ සඳුදා ඉඳන් home learning අවසන් වී පුතු නැවත දවස් පහම පාසැල් යවන්න හැමදේම සුදානම්..දවස් පහම හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් පහසුවෙන් අපිට ඕන ඕන විදිහට පාසැල් වැඩ කල ඒ කාලය අවසන් වීම මට නම් ගේන්නේ පොඩි දුකක්..(ඉගැන්වීමෙත් තියනවා thrill එකක්) පාසැල් යනවටත් වඩා මේ කාලය මට සහ පුතුට පහසු කාලයක් වීමත්, එකටම පැය 24ම ගත කිරීමෙන් අපි අතර බැඳිම වගේම අවබෝධයත් තවත් ලං වී ශක්තිමත් වීමත් තමයි හේතුව..
මගේ පුතාව පුංචි කාලේ ඉඳලම මම හුරු කලේ, උනන්දු කලේ, පුරුදු කලේ යම් දෙයක් කරද්දි තමන්ටම ආවේණික පහසු ක්‍රමයක් හොයා ගන්න අවට පරිසරයෙ ඇති තොරතුරු භාවිතා කර..මේ නිසා පාසලෙන් එවන කාල සටහන කොහොමද කොතන ඉඳන් ද කරන්නේ, පාසැළ් නිල් ඇඳුම අඳිනවද නැද්ද, මූණ සෝදනව ද නැද්ද, උදේට කනවද නැද්ද,මොනවද කන්නේ,පාසැල් යන දවස් වල වගේම ද කෑම ඕන,මේ හැමදේම තීරණය කරන්නේ පුතු..මම ඉන්නේ පුතු ගන්න තීරණ ප්‍රයෝගිකව සාර්ථකව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උදව් කරන්න..
පාසැලෙන් එවන වැඩත් එහෙමයි, පුතු තමයි තීරණය කරන්නේ කාල සටහන ඒ විදිහටම දීලා තියන පිළිවෙළටම කරගෙන යනවද නැත්නම් එහෙන් මෙහෙන් කරනව ද, අත අරිනවද..අමාරු අපැහැදිලි දේවල් වලදි කාගෙන්ද උදව් ඉල්ලන්නේ, teacher ද මගෙන් තාත්තගෙන් ද ද මාම ගෙන් ද සූ ගෙන්ද යාලුවන්ගෙන් ද, google ගෙන් ද .. මම කරන්නේ තොරතුරු සැපයීම සහ යෝජනා ඉදිරිපත් කිරීම පමණයි..(පාසැලෙන් විතරක් නෙමේ ඉගෙන ගන්න පුලුවන්, තව ඕන තරම් ආදේශක තියනවා )
මේ ක්‍රියාවලිය කාලයක් තිස්සේම අපේ ගෙදර වෙන නිසා පුතු දන්නවා මොකද්ද මේ කරන්නේ කියන එක..ඒ නිසා හරි පහසුයි..වැඩදායි තීරණ ගන්න පුතුට පුලුවන් කියන විස්වාසයත් මගේ හිතට ඇතුල් කලේ පුතාගෙම හැසිරීම..
කෑ ගහන්න,තරහ ගන්න,බල කරන්න ඕන නෑ..මොකද්ද මේ වෙන්නේ,ඇයි අපි එහෙම කරන්නේ,මොනවද අපිට කරන්න තියෙන්නේ කියන පැහැදිලි කිරීම් පුතුට වැටහෙන සරල බසින් බලාපොරොත්තු සහගතව ඉදිරිපත් කිරීම පමණයි මම කලේ වෙනස පටන් ගනිද්දිම…(හැම දරුවටම මේ ක්‍රමය සාර්ථක නැහැ..)
ප.ලි.: කල්තියා සැලසුම් කිරීමේ මගේ පුරුද්ද නිසා ඇත්තටම මේ pandemic වෙලාවේ අපේ ගෙදර සාමාන්‍ය රටාව වෙනස් උනේම නැති තරම්..අඩුවක් උනේම නැති තරම්..අඩුවක් උනා නම් ඒ යාලුවන් මුහුණට මුහුණ ඇසුරු කිරිම පමණයි..ඒ වගේම අපි ජීවත් වන කුඩා නගරයේ මිනිස්සු එතරම් කලබලකාරි කලහකාරී මිනිසුන් නෙමේ..
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com2tag:blogger.com,1999:blog-8003424149668137377.post-35355931352460659742020-05-24T01:44:00.002-07:002020-05-24T01:44:26.464-07:00ඔබ මොනවද දන්නේ....
ආත්ම ගෞරවය කියන්නේ මොකද්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද.. අනුන්ට දක්වන ගෞරවය නෙමේ..ආත්ම ගෞරවය..
සහකම්පනය කියන්නේ මොකක්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද.. අනුකම්පාව නෙමේ..සහකම්පනය..
විස්වාසය කියන්නේ මොකද්ද, විස්වාසය ගොඩ නඟා ගන්නේ කෙසේ ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද…
තැනට ගැලපෙන්න,බුද්ධිමත්ව වැඩ කරන්න, යම් දෙයක් කරන්න කලින් එහි ප්‍රතිපල ගැන හිතන්න ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද...
ආත්ම අභිමානය කියන්නේ මොකද්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවාද...
කියා දෙන්න කලින් ඔබ මේ දේවල් ගැන මොනවද දන්නේ..මේ දේවල් ගැන ඔබේ කියවීම කොහෙද තියෙන්නේ...
අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.com0