Tuesday, February 27, 2018

ඇයි ඔබ දරුවන් බිහි කලේ...

ඔබේ දරුවන්ට දිනක කියන්න ඇයි ඔබ ඒ අයව මේ ලොකේට බිහි කලේ කියන එක.. ඔබ එක් එක් අයට එක එක විදිහේ හේතු ඇති... මම හිතන්නේ දරුවා දැන ගන්න ඕන දෙමාපියන් විදිහට අපි එයාලගෙන් කිසිම අවසරයක් නැතුව මේ සංකීර්ණ ලොකේට බිහි කරන්නේ මොන වගේ හේතු නිසා ද කියන එක.. මොකද්ද මේ මිනිස් ජීවිතේ අර්ථය කියන එක..

සමහර දෙමාපියන් කසාඳ බැන්ඳ නිසා පුරුද්දට දරුවන් හදනවා, තවත් අය හැඟිම් පාලනය කර ගන්න බැරුව, තවත් අය දරුවන්ට තියන ආසාවට, තවත් අය පරම්පරාව ගෙනියන්න, තවත් අය තමන් වයසට ගිහාම ලෙඩ උනාම බලා ගන්න..තවත් අය අහල පහල අයට දරුවො ඉන්න නිසා තමන්ටත් දරුවෙක් ඕන කමට...එක දරුවෙක් බිහි කලාට පසු ඒ දරුවගේ තනියට කියා තවත් දරුවෙක් හදන අයත් ඉන්නවා.. පුතෙක් ඉපදුනාම දුවෙක් හදන්න ඕන වෙන අය වගේම දුවෙක් ඉපදුනාම පුතෙක් හදන්න ඕන වෙන අයත් ඉන්නවා අපි අතර...

තවත් අයට පැහැදිලි හේතුවක්,අරමුණක් නැති වෙන්නත් පුලුවන්..එහෙම අය හිතන්න පටන් ගන්න ඇයි ඔබ දරුවන් බිහි කලේ... දරුවන් එක්ක සුහදව කතා කරන්න ඕන ඒ අය පුංචිම කාලේ විතරක් නෙමේ.. ඒ අයට යමක් කමක් තේරෙන කාලේ තමයි වැඩියෙන්ම ලං වෙලා කතා කරන්න ඕන.. හැබැයි අවංකව කියන්න...ඔබේ දරුවා එක්ක ඒ අයගේ මේ ලෝකෙට බිහි වීම ගැන කතා කිරීම තුලින් මොනවද ලැබෙන්නේ, ඒ ගැන පසුව කතා කරමු...  




2 comments:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.