Friday, December 22, 2017

ආදරය, කරුණාව, මඳ සිනහව, මෘදු වදන් වෙනුවට ඇයි වෛරය,අකරුණාව, රැවීම්, රළු වදන්...

මිනිසා ජීවත් වෙද්දි ගනු දෙනු කියන්නේ මිනිසා සමඟම ගමන් කරන අජීවි නමුත් මිනිස් ක්‍රියාකාරකම් එක්ක ජීවි යුගල පදයක් එහෙමත් නැත්නම් වචනයක්.. මේ ගනු දෙනු වලදි මිනිසාට ඉතා ඈත අතීතයේ ඉඳලම දෙනු වලට සාපෙක්ෂව ගනු ලැබිලා නැති නිසාම ද මන්දා පරිණාමයෙදි ගනු ලබා ගන්න විවිධ ක්‍රම මිනිසා භාවිතා කරන්නේ දෙනු වලදි.. 


ඉතින් මේ මිනිස් සතා දෙනු වලදි ගනු ලබා ගන්න භාවිතා කරන ක්‍රම වලදි තමන්ට වඩා ශාරීරිකව මානසිකව පහළින් ඉන්න  අය වගේම සමාජ මට්ටමෙන් උගත්කමින් පහළින් ඉන්න  අය  ගැන කොහොමද සංවේදි වෙන්නේ කියන කාරණය විශ්ලේෂණය කරද්දි දකින්න ලැබෙන ප්‍රතිඵල නම් විවාදශීලි දෙයක්...

විශේෂයෙන් ආදරය කියන හැඟිම් සමඟ බැඳිමේදී  මේ ගනු දෙනු කියන අජීවි වචන දෙක මිනිස් සතාට කරන බලපෑම සුළුපටු නම් නැහැ.. ආදරයේදි පෙරළා ආදරයක් නොලැබෙන අවස්ථා වලදි මිනිස් සතාගේ මොළය පණිවිඩ නිකුත් කරන්නේ හරිම රළු විදිහකට.. ඒ පරිණාමයේ අවශ්‍යතාවයක් මම දකින විදිහට.. කොහොම නමුත්  මෙන්න මේ රළුකම පරදා (මම හිතන්නේ එය තෝරා ගැනීමක්) ආදරයෙන් පෙරළා දෙයක් නොලැබෙන තැනකදි වුව ආදරය, කරුණාව, මෘදු වචන, සිනහව නොමැකී තියා ගන්න පුලුවන්  මිනිස් සතා මනසින් දියුණු යැයි කියා අපට හඳුන්වන්න පුලුවන් කියා ඔබට හිතෙනවද.. එහෙම මිනිසුන් ඔබට ජීවිත ගමනේ හමු වී  තිබෙනවද.. 

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.