Monday, December 4, 2017

මේ "කූඹියෝ" කොහෙද දුවන්නේ...පායනා කාලෙදි කන්න දේ රැස් කරන් නෑ වගේ....

මේ "කූඹියෝ" කොහෙද මේ දුවන්නේ... පායනා කාලෙදි කන්න දේ රැස් කරන් නෑ වගේ.... අඩුම තරමේ ඒ මනුස්සයාව එතනින් ඉවත් කරනකම්වත් නවතින්න හිතක් නැති "කූඹි" රැළක්.....



මේ "කූඹි" රැළම නේද බුදු හාමුදුරුවන්ගේ පච්චයක් කොටපු විදේශීය කාන්තාවකට නඩුවක් දාලා දඩයකුත් ගහලා තිබ්බේ.. ඒවට නම් වැහි කාලේ කියලා බලන්නේ නැතුව නතර වෙන්න පුලුවන් මේ "කූඹි" රැළට...


2 comments:

  1. පාර දෙපැත්ත බලලා..වාහනයක් එනව දැක්කමනේ අපි පනින්නේ...ඔය පැත්තේ ඒම නෙවෙයිද...!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්ටැ... ලංකාවේ අපේ ගෙදර ලඟ තියන පාර කාපට් කරපු ටිකක් දුර ඉඳලා අඩු වෙවී යන පල්ලමක් තියන පාරක්... පල්ලම අඩු වෙලා තැනිතලා හරියෙ තියන කහ ඉරෙන් පාර පනිද්දි හැප්පුනත් කමක් නැ කියලා තමයි පනින්න වෙන්නේ..

      වාහනයක් අතට ගන්න කලින් අවුරුදු ගානක් නවත්තන්නේ නැති වාහන එළවන අයට හිතෙන් බැන බැන කකුල් දෙකෙන් පාර පැන්න නිසා වාහනයක් අතට ගත්තු දා ඉඳලා මනුස්සයෙක් නෙමේ සතෙක් හරි පාරේ කොහේ හරි ඉන්නවා නම් accelerator එකේ තියෙන කකුල ඉබේම බ්‍රේක් එකට මාරු වෙන්නේ දෙපාරක් හිතන්නේ නැතුව...

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.