Sunday, December 10, 2017

නත්තලේ අසිරිය....







ඔබ ජීවත් වන පරිසරයේ ඇති විවිධ ආගම්, විවිධ සංස්කෘතීන් වලට ඔබේ දරුවන් විවෘත කරන්න.. ඔවුන්ට ඉගෙන ගන්න ඉඩ හදලා දෙන්න මේ එක් එක් ආගම් සංස්කෘතීන් වල වෙනස්කම් සමානකම්... වැඩිහිටියන් වු පසු ඔවුන්ට තෝරා ගන්න ඉඩ දෙන්න ජීවන රටාවක් ඔබේ බලපෑමකින් තොරව නමුත් මඟ පෙන්වීමක් ඇතුව.. දරුවන් තෝරා ගත් ජීවන රටාවේ ගැටලු වලට එක්ව විසඳුම් හොයන්න පුරුදු වෙන්න..

ඔබ විස්වාස කරන කොටුවේ පමණක් ඔබේ දරුවන් සිර කරන්න තරම් අකාරුණික වෙන්න එපා... පටු සිතුවිලි වලින් මිදී පුළුල්ව හිතන්න.. අතීතයේ අමිහිරි අත්දැකීම් ඔබ ලබා ඇති නම් ඒ අමිහිරි අතීතයේ ඔබේ දරුවන් සිර නොකර මිහිරි අනාගතයක් සොයා යන්න ඉඩ හදන්න තරම් උපේක්ෂා සහගත වෙන්න.. දරුවන්ට ලෝකය දකින්න ලෝකයේ ඇති විවිධ දේ සොයා යන්න ඉඩ දෙන්න... ඒ ඇයි දන්නවද.. අපි මොන තරම් උත්සහ කලත් ලෝකය එහෙමත් නැත්නම් කාලය එක තැන ඉන්නේ නැහැ......




ප.ලි: අඳුර නිසා ආලෝකය මොන තරම් නම් සුන්දරව පෙනෙනව ද...

2 comments:

  1. followed.
    මේ මොන රටේද?

    ReplyDelete
    Replies
    1. මේ ඔස්ට්‍රේලියාවේ එක් ප්‍රාන්තයක යසිත්..

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.