Thursday, November 23, 2017

ඔබට හැකියි නේද ඒ පෙර කරුම වලින් ඇයව ගලවගන්න, ඒත් ඇයි ඔබ එහෙම නොකරන්නේ....





පමණ ඉක්මවා ඔබ ඔබේ සිතට වහල් වී වැය කරනා මුදල් මෙවැනි දරුවන්ට ජීවත් වෙන්න, ඉගෙන ගන්න, සතුටක් ලබන්න දෙන්න පුලුවන් නම් සමාජයක පවතින අසමමිතික බව වැඩිකල් නොගිහින් සමමිතික වේවී නේද....

ඔබ සිහින මාලිඟා තනද්දි බලන්න ඇය... ඇයි මිනිස් හිත් වලට සමමිතික වෙන්න බැරි.. අඩුම ගානේ බෞද්ධ අයටවත්....කිසිවක් නොදැනෙන ගස් ගල් මැටි බදාම වලට වැය කරන කාලය මුදල් ඇයි මේ පණනල ගැහෙන හදවත් වෙනුවෙන් වැය කරන්න බැරි... ඔබට වඩා ඇය කොයි තරම් දක්ෂද... ඒත් ඒ දක්ෂකම එළියට ගන්න ඇයට වැටකඩොලු ටිකක් උපතින් දයාද වෙලා.. ඇයි ඒ වැඩකොඩොලු ටික නැති අයට බැරි ඇයව එළියට ගන්න හිර උනු තැනින්..


ඇයගේ වැඩකොඩොලු පෙර කරුම වලට බැර කරන්න කලින්  හිතන්න ඔබට හැකියි නේද ඒ පෙර කරුම වලින් ඇයව ගලවගන්න...ඒත් ඇයි ඔබ එහෙම නොකරන්නේ...



ප.ලි: බොහෝ වෙලාවට මෙවැනි දේ දකිද්දි උදව් කලත් (නොකලත්)  මිනිසුන් පුරුදු වෙලා තියෙන්නේ තමන් හා සසඳා බලා හිත යටින් තමන් ගැන සතුටු වීම (තමන්ගේ වාසනාව ගැන සිතීම )  මිස සැබෑ ලෙසම දයානුකම්පාවක් ඇති  කරගන්න නෙමේ... 

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.