Saturday, November 18, 2017

ඔබ පුදුම වේවී ඔබේ අන්ධභාවය ගැන මෙතෙක් ඔබත් නොදැන සිටි...

ඔබ දරුවන්ව මෙළොවට ඔවුන්ගේ අවසරයකින් තොරව ඔබේ (තනි) ස්වකැමැත්තෙන් බිහි කර හදා වඩා ඒ දරුවන් වෙනුවෙන් ඔබ ස්වකැමැත්තෙන් කල දේවල් පවසා දරුවන්ගෙන් යැපෙන්න යදින්න එපා.. දරුවන්ගේ ආදරය හිඟා කන්න එපා.. දරුවන්ව සිරකරුවන් කරන්න එපා..ඒ වගේම ඔවුන්ගෙන් වැඳුම් පිඳුම් යදින්නත් එපා.. ඒක හරියට ඔබ කෙනෙක්ව බලෙන් ගිනි ගොඩකට ඇද දමා අනේක දුක් විඳ බේරාගෙන බේරා ගත් බවට උදම් ඇනීම වගේ කිසිම තේරුමක් නොමැති ක්‍රියාවක්...

ඔබේ ජීවිතයේ වගකීම ඔබ ගන්න.. දරුවන්ගේ ජීවිත වල වගකීම ඔවුන්ට දෙන්න..බිහි කරන දරුවන් ගාණ වැඩි උනාට ඔබට ලැබෙන ප්‍රතිලාභ වැඩි නොවන බව අතීතය දිහා හොඳින් ඇස් ඇර බැලීමෙන් වටහාගත හැකි වනු ඇත..එය හොඳින් සිහියේ තබාගෙන ඔබේ ජීවිතයත් දරුවාගේ ජීවිතයක් දෙකම සැහැල්ලුවෙන් පවත්වා ගත හැකි සිමාවන් වටහා ගෙන දරුවන් මෙළොවට ඔබේ ස්වකැමැත්තෙන් බිහි කරන්න.....දරුවන් වෙනුවෙන් කාලය යොදවන්න ඔබ වෙනුවෙන් කාලය ශක්තිය ඉතුරු කරගෙන..

සිහියෙන් තමන්ගේ සීමාවන් හැකියාවන් නොහැකියාවන් වටහා ගනිමින් යනවා නම් අද සමාජයේ තිබෙන ගැටලු රාශියකට විසඳුම් ඔබේ අත ලඟ ඇති බව පෙනේවී...එවිට ඔබ පුදුම වේවී ඔබේ අන්ධභාවය  ගැන මෙතෙක් ඔබත් නොදැන සිටි...




No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.