Monday, November 20, 2017

මේ බොහිමියානුවා නිර්මාණයේ ඇයි මෙහෙම අවසානයක්...

ආදරය පිරෙන්නේ ආදරයෙන් පමණි කියලා අවසන් කරන මේ  බොහිමියානුවා නිර්මාණයේ ඇයි මෙහෙම අවසානයක්.. නූරිව මරලා රංගව පිස්සෙක් කලාම කොහොමද  ආදරයක් පිරෙන්නේ ආදරයකින් පමණි වෙන්නේ...


මගේ පන්තිය කුලය ජාතිය වත්පොහොසත්කම් ගැන නොහිතා මට විතරක්  ආදරය කරපු කෙනා ඔයා

මගේ ආදරයේ ප්‍රමාණය ගැන පැමිණිලි නොකර ලැබෙනවාට වඩා දේවල් නොඉල්ලපු කෙනා ඔයා 

මගෙත් එක්ක ජීවිතේ ලේසි නැ කියලා දැන දැනත් මටම ආදරය කල කෙනා ඔයා

මේ ආදරය වෙනුවෙන් ජීවිතය උනත් අත්හරින කෙනා ඔයා

මට ඔයා හමු වෙන්නත් කලින් ඉඳලා මට ආදරය කලේ ඔයා





ඔයාගේ පන්තිය කුලය ජාතිය වත්පොහොසත්කම් ගැන නොහිතා ඔයාට විතරක්  ආදරය කරපු කෙනා මම

ඔයාගේ ආදරයේ ප්‍රමාණය ගැන පැමිණිලි නොකර ලැබෙනවාට වඩා දේවල් නොඉල්ලපු කෙනා මම

ඔයත් එක්ක ජීවිතේ ලේසි නැ කියලා දැන දැනත් ඔයාටම ආදරය කල කෙනා මම

මේ ආදරය වෙනුවෙන් ජීවිතය උනත් අත්හරින කෙනා මම

ඔයා මට හමු වෙන්නත් කලින් ඉඳලා ඔයාට ආදරය කලේ මම

ඉතින් ඇයි ජීවත් වෙන්න බැරි අපි දෙන්නටම අපේ ලෝකයේ....



ප.ලි: මට හිතුනේ මේ නිර්මාණය කරපු කෙනාගේ ආදරය කවදාවත් පිරිලා නැතුව ඇති කියලා.. එහෙම හිතපු මම කවුද ... මේ නිර්මාණය ගැන පැමිණිලි නොකර ලැබෙනවාට වඩා දේවල් නොඉල්ලපු  ප්‍රධාන චරිත රඟපාන උමාලිවත් (නූරි ) සජිත්වත් (රංග/කල්ප ) හදවතින්ම    වැලඳගත් කෙනා මම... 

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.