Sunday, June 28, 2020

ඒ සිහිනය නම් බිඳෙන්නේ නැහැ..

Kindergarten වලදි පාසැල් බස් රථ රියදුරු සිහිනයකින් පටන් ගත් මගේ පුතුගේ වෘත්තියම සිහින මේ වන විට වෙනස් වී ඇත්තේ සිතා ගන්නත් අපහසු කෝණයකින්...

එකක් නොව සිහින දෙකක් දකින මේ පුංචි කොල්ලා ඇත්තටම ලොකු උනාම කවුරු වෙයි කියා මට නම් ඇත්තේ කුතුහලයක්.. මොකද මගේ හිතේ ආදරණීය කාරුණික සාමකාමී සමබර මිනිසෙක් මිස  මෙන්න මෙහෙම වෘත්තියක නියැලෙන කෙනෙක් වෙන්න ඕන කියා සිහින නැහැ..

ඉතින් මෙහෙම නිවිසැනසිල්ලේ මේ  දවස් වල  ගෙවී යන ජීවිතයේ පුතුගේ සිහින අතර පළවෙනි සිහිනය තමයි Google CEO වීම..දෙවැණි සිහිනය ඔස්ට්‍රේලියාවේ අගමැති වීම..හැබැ‍යි අගමැතිට වඩා කැමති ජනාධිපති කෙනෙක් වෙන්න කියන පුතු, Google ගෙන් ජනාධිපතිවරුන් සිටින රටවල් විමසද්දි, ලංකාවේ ජනාධිපතිගේ නම  Google කියන විදිහටම කියන පුතුගේ හඬ  ඇහෙද්දි හිනාත් යනව මට..ඔබත් අහලා බලන්නකො Google ගෙන්..

දවසක් පුතුගේ එක්තරා හැකියාවක් මතකයට නැඟෙද්දි මම කිව්වම "ඔයා ලොකු උනාම..උනා නම් " කියා..ඒත් එක්කම පුතු මගෙන් ඇහුවේ  "mum, I can be whatever I want to be, right ? කවදත් වගේ මගේ උත්තරේ උනේ "Yes, of course, you can be whatever you want to be" කිසිම දවසක මගෙ අතින් පුතුගේ ඒ සිහිනය නම් බිඳෙන්නේ නැහැ..



No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.