Saturday, July 25, 2020

රත්තරන් බිත්තර දමන කිකිළියගේ හදවත සිදුරු කල මිනිසෙක්..

පුතු පිළිසිඳ ගත් දා පටන්  අද වන තුරු මා ආ ගමන කොහෙත්ම පහසු නැත..(ඉන් පෙර ද පහසු නැත) ඒ පුතුගේ තාත්තා පුතුව ප්‍රතික්ශේප කල නිසාවෙන්.. සැලසුම් කල දරු උපතක් උනත්  ඔහු පැවසුවේ මා ඔහුට බල කල බැවින් එසේ වෙන්නට ඉඩ හැරිය බවත් පුතුගේ සියලු වගකීම් මා ගත යුතු බවත්..ඉන් පෙර මා ඔහු වෙනුවෙන් කල සියලු දේ කිසිඳු අඩුවකින් තොරව සිදු විය යුතු බවත්..

(අතීතයේ සිටම ලෝකයේ බොහෝ සම්මානලාභි සාර්ථක යැයි සලකන දුර්වල,කම්මැලි වගකීම් වලින් පැන යන  පිරිමින්ගේ ජීවිත පිටුපස මෙවැනි ප්‍රකාශ  වලට කැමැත්තෙන්ම බිලි වූ, එය තමන්ට මහත් ගෞරවයක් බව අදහන ගැහැනුන් ඇති බව නොරහසක්)

මේ පුද්ගලයා සමාජයේ සම්මත ලෙස ඉතා බුද්ධිමත් වැදගත් පවුල් පසුබිමකින් එන්නෙක්..කුඩා කල සිටම ඉගෙනීමට උපන් හපන්කමක් දැක් වූ ඉතා උසස් ලෙස සියලු අධ්‍යාපන කඩයිම් පසු කල කෙනෙක්..චෙස් ක්‍රීඩාවේ  ප්‍රවීණයෙක්..ගණිත අංශයෙන් උසස් පෙල ඉතා ඉහළින් සමත්ව විශ්විද්‍යාලයට තේරෙන මෙම පුද්ගලයා, එහිදීද කැපී පෙනෙන දස්කම් දැක් වූ කෙනෙක්..දහම් පාසැල් ද ගොස් ඇති ඒ විභාග ද ඉතා ඉහළින් සමත්ව, දහම් පාසැල් ගුරුවරයෙක් ලෙසත් ඉගැන් වු කෙනෙක්.. පසු කලෙක විශ්වවිද්‍යාල සිසුන්ටත් ගුරුවරයෙක්. (ගුරුවරු වෙන්න මෙවැනි පුද්ගලයින් සුදුසු ද...ඒ අතුරු පැනයක් හිතන්න කැමති ඔබට…)

කිසිඳු අසම්මත ක්‍රියා වල නොයෙදෙන්නෙක්..මත්පැන් දුම්වැටි කටේ නොතියන්නෙක්..මා හැර වෙනත් ගැහැනුන් ඇසින් මිස ගතින් ඇසුරු නොකරන්නෙක්.. (මේ නිර්ණායක මිනිසෙක්ව මනින්න, ඔහුගේ සාර්ථකභාවය මනින්න,ඔහුගේ මිනිසත්කම මනින්න යොදා ගන්න සමාජය ගැන පසුව කතා කරමු..) 

මෙවැනි උගත් බුද්ධිමත් වැදගත් යැයි සමාජය පිළි ගන්නා සාර්ථක බවේ ආදර්ශ ආකෘතියක් (role model)  වූ  සියලු දේ සැපිරු පුද්ගලයෙක් කොහොමද මෙතරම් නොසැලකිලිමත්, ළඳරු ප්‍රකාශ ඉදිරිපත් කරන්නෙ කියා මගේ හිතේ නැඟුනු පැණයට ඔහු දුන් පිළිතුර " මම එහෙම තමයි, මම අකමැති දෙයක් කරන්න උනොත් වෙන කෙනෙක් නිසා මම මෙහෙම තමයි" යනුවෙන්..

සියල්ල දිනූවෙකු ලෙස ඔහු කල ඒ ප්‍රකාශයත් සමඟ මට හිතුනු දේ තමයි මුලු සමාජ ක්‍රමයම අසාර්ථක බව..මුලු අධ්‍යාපන ක්‍රමයම  අසාර්ථක බව..ජීවිතය පිළිබඳ මූලීකම  දේවල්  ඔහුට මෙතෙක් ආ  30 වසරක ගමනේ  කිසිවෙක්  හරිහැටි වටහා දී නැති බව වැටහෙද්දි ඔහු ගැන දැනෙන්නේ අනුකම්පාවක් පමණක් නොවේ...කොහොමද ඔහුගේ කඩා වැටුනු මනස  ඔහුට හෝ කිසිවෙකුට නොරිදවා යළි ගොඩ නඟන්නේ....ඔහුගේ හැසිරීම් දිහා ආපස්සට හැරි බලන විට මට ඔහුව පෙනෙන්නේ, රත්තරන් බිත්තර දමන කිකිළියගේ හදවත සිදුරු කල මිනිසෙක් ලෙසයි, ලද දෙයින් සැනසිය නොහැකි..


ප.ලි: පුතු ඉපදුන දා වගේම නිවසට රැගෙන ආ දා ද   ඔහු හැසිරුනේ දියෙන් ගොඩ ගත් මාලුවෙක් මෙනි, ගුරුවරියක් වන ඔහුගේ මව, වෛද්‍යවරියක් වන සහෝදරිය, වෛද්‍යවරයෙක් වන ඇයගේ සැමියාත් ඇතුලු කිසිවෙක් ඔහුගේ ඒ කැළඹුනු මානසික ස්වාභාවය ගැන සැළකිලිමත් උනේ නැහැ..ඔහු වෙනුවෙන් ඔහුට දැනෙන්න  කතා කලේ නැහැ..

මේ සියලු දේ නිහඬව බලාගෙන සිටි මා අවබෝධ කර ගත් දෙයක් නම් වැඩිහිටියන් කියා මා හිතන ,මා අවට සිටින  කිසිවෙක් වැඩිහිටියන් නොවන බවයි..ඔවුන් අත දරුවන්ටත් වඩා ළඳ  බොළඳ බියගුළු කිසිවක් නොතේරෙන යැපුම් මානසිකත්වයක් ඇති, ඇත්ත හමුවේ හැංගෙන දුර්වල   පිරිසක් බවයි...ඉන් පෙර ද මේ සිතුවිලි වැඩිහිටියන් ගැන මට දැනී තිබුන ද මේ අවස්ථාව ඉතාම පැහැදිලිව ඒ දැනීම තහවුරු කල අවස්ථාවක්..

2 comments:

  1. If this is a true story, I am not one of them. we waited long time for a kid, he is equally our life. People should not get kids easily (they should work hard for it)

    ReplyDelete
    Replies
    1. Yes, This is a 100% true story. Some people dislike responsibilities of a child and unable to communicate it properly when they get married.

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.