මගේ පුතු ඉදිරියේ ඔහුගේ මවත්, පියත් ඇතුලු වැඩිහිටියන් කිසිඳු වරදක්, අඩු පාඩුවක් නැති සර්ව සම්පුර්ණ මිනිසුන් කියා ඔප්පු කර පෙන්වන්න,රඟපාන්න මට කිසිඳු අවශ්‍යතාවයක් නැති නිසා ඔහු අකමැති, ඔහුට අපහසු අපේ පුරුදු, අපේ ක්‍රියාකලාපයන් ඉතාම නිදහස්ව විවෘතව කතා කරන්න, විවේචනය කරන්න ඔහුට ඉඩ ලැබී ඇත..වෙනස්කම් කරන්න ඉඩ ලැබී ඇත..
ඔහු එලෙස විවෘතව කතා කිරීම, වෙනස්වීම් කතා කිරීම වැඩිහිටි අපට කරන අගෞරවයක් අපහාසයක් කියා මට හිතෙන්නේ නැහැ..එය මිනිසෙකු ලෙස උපත ලැබු ඔහුගේ අයිතියක්..
එසේ නිදහස්ව ඔහුට කතා කරන්න දුන්නා කියා ඔහුගේ හදවත තුල මටත් ඔහුගේ පියාටත් අනුකුත් වැඩිහිටියන්ටත් ඇති තැන හෝ ගෞරවයේ වෙනසක් වී ඇතැයි කියාත් මට හිතෙන්නේ නැහැ...මොකද කතා බහ කරන්න නොදි සඟවගෙන හිටියත් දරුවන් කියන්නේ හරිම විමර්ශනශීලි කුතුහලයෙන් පිරුනු මනසක් උපතින් හිමි අය...දරුවන්ගේ ඇස් වසා ඔබ වැඩ කරන්න හැදීම ඉතා නිරර්ථක දෙයක්..
මට නම් දැනෙන්නේ මේ විවෘතව කතා බහෙන් අපිත් පුතුත් තව තවත් ලං වෙන බව, අපි අතර අවබෝධය වැඩි වන බව..ගැටුම් අඩු වන බව, සැනසිලිදායක ජීවන රටාවකට මාවත විවර වෙන බව..
No comments:
Post a Comment