මතයක් තියනවනේ විවාහයකින් පස්සේ ගැහැනියක් පිරිමියෙක් හදා ගන්න ඕන කියා..දරු කමට වගේ...කොහොමද වැඩිහිටි පිරිමියෙක් තවත් කෙනෙකු හදා ගත යුතු කෙනෙක් තරම් නොහැකියාවක් නොතේරුම්කමක් ඇති කෙනෙකු උනේ..එවැනි පිරිමියෙක් විවාහයකට සුදුසුයි කියා ඇයි හිතන්නේ...
ගැහැනියටත් හිතන්න පුරුදු කරලා තියන්වනේ "මම තමයි ඔක්කොම දන්නේ, මම කිව්ව විදිහට කලේ නැත්නම් ඔක්කොම වරදිනවා, පිරිමියා කිසිම දෙයක් නොදන්න බබෙක්" කියා...
මෙහෙම වෙන්නෙ ඇයි...පිරිමියාට ඇත්තටම කිසිම දෙයක් තේරෙන්නේ නැද්ද, හිතන්න මොළයක් නැද්ද...මේ දෙමාපියන් තමන්ගේ වගකීම පැහැර හැර එය තවත් කෙනෙකුගේ ඇඟේ ගැසීමක් නෙමේ ද...
ප.ලි.: මගේ නැන්දම්මයි, මගේ අම්මයි දෙන්නම බලාපොරොත්තු උනේ විවාහයෙන් පසු මම පිරිමියාව හදා ගන්න "අම්මා" කෙනෙක් වීම මිසක් පිරිමියා ස්වාධීනව තමන්ගේ අඩු පාඩු නොහැකියාවන් හදා ගැනීම නෙමේ.. එය පිරිමිකමට නින්දාවක් ලෙසයි මේ දෙදෙනාම සලකන්නේ..මේ දෙදෙනාගෙන් එක් අයෙක් හැදි වැඩෙන්නේ කොළඹ, අනින් කෙනා කොළඹින් පිට...නමුත් අදහස් 100% එක හා සමානයි..
මගේ තාත්තා මේ වෙද්දි අප අතරින් සමු අරන් නිසා මා දන්නේ නෑ හරියටම මේ ගැන ඔහුගේ ආකල්පය..මගේ මාමණ්ඩිය නම් එකහෙලා කියන්නේ සාර්ථක විවාහයකට පරාධීන මනසක් කිසිසේත්ම බාධාවක් නොවේ කියා..ස්වාධීන වීම නින්දාවක්, පරාධීන වීම අගය කල යුත්තක් ලෙස සලකද්දි කොහොමද රටක් දියුණු වෙන්නේ..

No comments:
Post a Comment