Wednesday, July 22, 2020

ඔබට පුලුවන්..

මීට වසර 9කට පෙර හාල් කිලෝ 5ක් ඔසවන්න බැහැ කියූ, දරුවා බලා ගන්නවා නම් සියලු දේ වෙනත් කෙනෙක් සුදානම් කර දිය යුතු බවත් එසේ නැත්නම් තමන් දරුවා බලා ගන්න නොදන්නා බවත් පැවසූ පුතුගේ තාත්තා අද වන විට සතියේ දින හතේම ඔහුගේ සියලු දේ තනිවම කර ගන්නා ගමන් පුතුගේ සියලු වගකිම් ද සති අන්තයේ ඉතා සාර්ථකව තනිව දරයි…මවිසින් ඔහුගේ කිසිඳු අවශ්‍යතාවයක් සපුරන්නේ නැහැ අද වන විට..ඔහු ඕනටවත් වඩා තමන්ගේ අවශ්‍යතා තමන් විසින්ම සපුර ගන්න අති දක්ෂයෙක්..

ඔහුට මේ හැමදේම බැරි කර තිබුනේ ඔහුගේම මව ඇතුලු ලාංකීය සමාජය..ඉතා දක්ෂ  ඔහුගේ මොළයට කොතරම් තදින් මේ දේවල් සමාජය සහ ඔහුගේ මව කා වද්දා තිබුනාද කිව්වොත් තමන්ට ඉතා හොඳින් පහසුවෙන් නිර්මාණාත්මකව, තවත් කෙනෙකුගෙන් නොයැපී, කලබල නොවී  ජීවිතයට මුහුණ දෙන්න හැකි බව ඔහු විස්වාස කරන්නේ නැහැ..

හැම විටම තවත් කෙනෙක් තමන්ගේ පසු පසින් සිට සියලු දේ ඔහුට පහසු අයුරින් කර දෙන්න සැදී පැහැදී සිටිය යුතු බව තමයි ඔහුගේ හිත ඔහුට මුමුණන්නේ.. එසේ නැති විට තමන් කිසි දෙයක් බැරි කෙනෙක් වෙන බව තමයි ඔහුට දැනෙන්නේ..ඒ නිසා තනිව වගකීමක් දරන්න වූ විට  ඔහු හැසිරෙන්නේ තරහින්, ආතතියට පත් වෙමින්, අනුන්ට බලපෑම් කරමින් තමන් වෙනුවෙන් මේ දේවල් කල යුතු බව…

ඒ වගේම ගැහැනියක් මේ දේවල් කල යුතුයි/නොකල යුතුයි, පිරිමියෙක් මේ දේවල් කල යුතුයි/නොකල යුතුයි  කියා ද ඔහුගේ මොළයට මව, පියා ඇතුලු ලාංකීය සමාජය ඉතා තදින් කා වද්දා ඇත.. ස්වාධීනව සිතීමට සහ තමන්ව විස්වාස කරන්න  ඔහුට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම මුලිනුපුටා  ඇත්තේ ඉතා කණගාටුදායක ලෙසින්..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.